IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


රුවට වින කරන ‘අලුහම්‘

ඔබ අලුහම් නිසා පීඩා විඳින්නෙක්ද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙනි. සම මතුපිට ඇති ‘ඊස්ට්‘ (Yeast) කාණ්ඩයට අයත් 'Malassezia' නම් දිලීර වර්ගය අලුහම්වලට හේතු වේ.

ඕනෑම කෙනකුගේ සම මතුපිට බැක්ටීරියා , දිලීර ක්‍රියාකාරිත්වයක් පවතී. මෙයද රෝම කූප, ස්නේහ ග්‍රන්ථි (තෙල් නිෂ්පාදනය කෙරෙන ග්‍රන්ථි මේ නමින් හැඳින්වේ). ආශ්‍රිතව ඕනෑම කෙනකුගේ මෙකී දිලීර විශේෂය පවතී. එසේ නම් මෙය රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වන්නේ කෙසේදැයි යන්න දැන් බලමු.

පාරිසරික සාධක සහ ශරීරයේ අභ්‍යන්තරයේ රෝම කූප සහ ස්නේහ ග්‍රන්ථි ආශ්‍රිතව ඇති 'Malassezia' දිලීරවල අසමතුලිතතාවක් ඇති වුව හොත් අලුහම් තත්ත්වය වර්ධනය වේ. මෙය අපට ලොකු හානියක් ගෙනදෙන තත්ත්වයක් නොවන බව මුලින්ම කිව යුතුය.

සමෙහි අලුහම් ඇති වීමට වයස් සීමාවක් බල නොපායි. කුඩා දරුවාගේ සිට තරුණ තරුණියන් අතරත් වැඩිහිටි, වයෝවෘද්ධ පුද්ගලයන් අතරත් සාමාන්‍ය තත්ත්වයකි. මේවා සමේ වර්ණයට වඩා පැහැයෙන් අඩු ලප විශේෂයකි. ලා පාට හෝ දුඹුරු වැනි තද පැහැයකින් වුවද දැකිය හැකියි. බෙල්ල, පිට, මුඛය, කිහිලි ආශ්‍රිතව අලුහම් පැතිරීම වැඩියි.

අලුහම මතුපිට ඇඟිල්ල තබා පිරිමැද්ද විට ඒ මතුපිට පිටි වගේ සුදු පැහැ සිහින් කොරල සහිත ස්වාභාවයක් දැකිය හැකියි.

මේවා සිරුරේ එක් ලපයකින් පටන් ගැණුනද ටික කාලයක් ගත වෙද්දී සිරුර පුරාම පැතිරී යා හැකියි. ඇතමකුට මෙම ලප නිසා කැසීම් තත්ත්වයක්ද ඇති විය හැකියි.

මෙය බෝ නොවන රෝගයක් ලෙස හඳුනා ගෙන ඇත. එසේම ඝර්ම කලාපීය රටවල වෙසෙන ජනයා අතරද සුලබව දැකිය හැකියි.

දහදිය පිට වීම වැඩි, උෂ්ණ අධික පරිසරයක විසීම, කය වෙහෙසන රැකියාවක නිරත වීම, කාය වර්ධන ක්‍රීඩාවල නියුතු වූවන් අඳින ඇඳුම් විශේෂයටත්, වැඩිවියට පත් වීමේදී සහ ගර්භනී සමයේදී සිදුවන හෝමෝන වෙනස් වීමත් සමඟත් අලුහම් තත්ත්වය හට ගත හැකියි.

තවද සිරුරට පහසු නොවන හිර ගතියෙන් යුත් ඇඳුම් අඳින අය අතරද, වර්තමානයේදී නම් නිතරම මුව ආවරණය පැළැඳ සිටීම නිසා දහදිය රැඳීම වැඩිවීම නිසා මුඛය වටේද අලුහම් ඇති විය හැකියි.

එමෙන්ම සම මතුපිට තෙල් ආලේපනය කරන පුද්ගලයන් අතරත් බිළිඳුන්ගේ ඇහි බැම සහ ඇහි පිහාටු අවටත්, පෙර පාසල් වයසේ පසුවන දරුවන්ගේ මුහුණ ආශ්‍රිතවත් අලුහම් තත්ත්වය හට ගැනේ. හතිය, ඇදුම වැනි රෝගවලට ප්‍රතිකාර ලබන දරුවන් ඉන්හේලරය භාවිත කරන නිසාවෙන් මුඛය වටේට සුදු ලප වශයෙන් අලුහම් ඇති වේ.

ඒ වගේම සමෙහි ඇති වන ඕනෑම ලා පැහැති ලපයක් අලුහමක් ලෙස හැඳින්වීමට නුපුළුවන. එය වෙනත් චර්ම රෝගී තත්ත්වයක් විය හැකියි. එබැවින් රෝග නිශ්චයේ නිවැරැදිතාව අත්‍යවශ්‍ය කරුණකි. මතු ඇති තත්ත්වය අලුහම්ද යන්න සැක හැර දැන ගැනීම සඳහා ලපය මතුපිට ඇගිල්ලෙන් පිරිමැද බැලිය හැකියි. එවිට පිටි මෙන් සුදු පැහැති සිහින් කොරල වැනි ස්වාභාවයක් මතු වී නම් එය අලුහම් රෝගයයි. මෙම ලප මතුපිට සංවේදනවල කිසිඳු වෙනසක් නැත.

සම මතුපිට ඇති වන ලපවල ඉහත වෙනස්කම් ඔබේ නිරීක්ෂණයට හසු නොවුණේ නම් සැක සහිත බවක් ඇත් නම් හොඳම විසඳුම චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු කරා යොමු වීමයි.

සුදු කබර රෝගයේ සහ ලාදුරු රෝගවල මුල් අවස්ථාවේදී සම මතුපිට වර්ණයෙන් අඩු ලප තත්ත්වයක් දැකිය හැකියි. මෙයින් ලාදුරු රෝගයේදී මතුවන ලා පැහැ ලප මතුපිට සංවේදනය නොදැනීම විශේෂ ලක්ෂණයයි. ඒ අනුව වඩා වැදගත් වන්නේ රෝග නිශ්චය තමන් විසින් සිදු කර ගැනීමටත් වඩා පළපුරුදු වෛද්‍යවරයකුගෙන් අපදෙස් ලබා ගැනීමයි.

අලුහම් සඳහා ප්‍රතිකාර කිරීමේදී කුමන ප්‍රතිකාර ක්‍රමය සුදුසුද යන්න තීරණය කරන සාධක ඇත. අලුහම් සිරුර පුරා පැතිරී ඇති ප්‍රමාණය නිශ්චය කිරීමෙන් අනතුරු ප්‍රතිකාර නියම කෙරේ. ඒ අනුව රෝගී තත්ත්වය පවතින්නේ මුල් අවස්ථාවේදී නම් ප්‍රති දිලීර අඩංගු ආලේපන වර්ග දිනකට දෙවරක් ගැල්වීමට නියම කෙරේ. අලුහම් සිරුර පුරාම පැතිරී ඇත්නම් ක්‍රීම් වර්ග ආලේපනය ප්‍රායෝගික නොවන නිසා ප්‍රති දිලීර අඩංගු ෂැම්පු වර්ග නිර්දේශ කෙරේ. මෙම විශේෂිත ෂැම්පු සිරුරේ ගල්වා විනාඩි 10ක් තිබෙන්නට හැර සොදා හැරිය යුතුය. මෙය දවසක් හැර දවසක් කිරීම ප්‍රමාණවත්ය. තවද ප්‍රති දිලීර අඩංගු පෙති සහ කරල් වර්ගද රෝග තත්ත්වයේ වර්ධනය සහ හට ගත් කාලසීමාව මත නියම කරයි.

ඖෂධ සහ ප්‍රතිකාර අඛණ්ඩව ලබා ගැනීම මගින් රෝගය සුව වුවද අලුහම් ඇති කරන දිලීරය ස්වාභාවයෙන්ම සිරුරේ පවතින නිසා ශාරීරික හෝ පාරිසරික සාධකවල වෙනස් වීමක් , ප්‍රතිශක්තියේ වෙනසක් මත යළි යළිත් හටගත හැකියි.

නිසි ප්‍රතිකාරවලින් ඉනික්බිති සිරුරේ හට ගැණුනු අලුහම් ලප ඉවත් වීමට යම් කාලයක් ගත වේ. ප්‍රතිකාර ගත්තද ලප තවමත් මැකී නොපැවතීම නිසා ලෙඩේ සුව වී නැතැයි කෙනෙකුට සිතිය හැක්කේ එනිසයි.

* අලුහම් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝ නොවුණද තම පවුලේ සාමාජිකයකුට ඇත්නම් වෙනම තුවායක්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, පොරෝනා වැනි දෑ ඔහුගේ භාවිතයට වෙනම වෙන් කොට තැබීම සුදුසුයි. ඔහුගේ පරිහරණයට වෙන් කළ දෑ හවුලේ භාවිත කිරීමෙන් වලකින්න. පොදුවේ සියලුම දෙනා භාවිත කරන දේවල් හොඳින් සෝදා මනාව වියළා පරිහරණයට ගත හැකියි.

* කාය වර්ධන අංශයේ නියුතු වූවකු නම් තමා අඳින පළඳින විශේෂිත ඇඳුම් කට්ටල දිනපතාම පාහේ මනාව සෝදා වියළා ගත යුතුයි. එසේම දහදිය රැඳුණ ඇඳුම බොහෝ වේලාවක් හැඳ නොසිටිය යුතු අතර ක්‍රීඩා කටයුතුවලින් පසු වෙනත් පිරිසුදු ඇඳුමක් මාරු කර ගත යුතුයි.

* තෙත පිටින් ඇඳුම් ඇඳීමේදීද අලුහම් ඇති වීමේ අවදානම වැඩි අතර අඳින පළඳින දෑ හොඳින් වියැළීම අත්‍යවශ්‍ය බව අපට පසක් කර දේ.

අලුහම් හානිදායී තත්ත්වයක් නොවන නිසාම ඇතැම්හු නිසි වෛද්‍ය උපදෙස් පසෙකලා හිතුමතයට බෙහෙත් ගැනීම, ආලේප ගැල්වීම සිදු කරති. මෙහි ප්‍රතිවිපාකය නම් ප්‍රති දිලීර නාශක සමඟ Steroid අඩංගු ආලේපනයක් ගැල් වුවහොත් රෝගය සුව නොවී තවත් රෝගය පැතිරීමට ඇති හැකියාවයි. එබැවින් මෙය පහසුවෙන් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර මත සුවකළ හැකි රෝගයකි. සිරුර පුරාම පැතිරී යාමෙන් සමට අවලස්සනක් එකතු කරන නිසා එකී කරුණ ගැනද සියලුම දෙනාගේ අවධානය යොමු විය යුතුය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (3)

රුවට වින කරන ‘අලුහම්‘

H. B . Kavini sithara Friday, 14 April 2023 10:24 PM

මගෙ ඇග පුරා සුදු පාට චූටි තිත් තිත් වගෙ පොකුරැ පොකුරැ පැතිරිලා ඒවා එන්න එන්නම වැඩි වෙනවා

:       0       3

D.M.Dinuka Dilshan Sunday, 03 September 2023 11:02 AM

මගේ ඇඟේ ඉනෙන් උඩ සහ දණහිස් පිටිපස්සේ සුදුපාට පොඩි පොඩි ඩොට් තියෙනවා ගොඩක් ඒවා අතුල්ලද්දී සුදු පාටට කුඩු වගේ එනවා. නැවට පස්සේ සුදු ඩොට් පේනවා වැඩී... ප්‍රතිකාර කරලා ටිකක් අඩු වුණු ඒ බෙහෙත් ගොඩක් ගණන්... (මසකට 15000ක් *මාස තුනක් ගාන්න කිව්වා බෙහෙත් වර්ග ගොඩක්) නැවත ගන්න පුළුවන් වුනේ නෑ.. මේ ලේඩේට අඩු වියදමකින් බෙහෙත් කරලා සුව කරගන්න පුළුවන් වෙයිද?

:       0       0

Nadeeshani Amarsingha Tuesday, 12 December 2023 09:34 AM

මගේ ඇග පුරාම පැතිරීලා තියෙන්නේ .මං බෙහෙත් ගත්තා එත් අඩු නැහැ .පැල්ලම් තියෙනවා ඒකට මොකද කරන්න ඔනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සුව දිවියට අත්වැලක්

දැන දැන වැරදි කළාම හැදෙන හෘදයාබාධ
2025 ජනවාරි මස 22 2476 2

වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික



සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 1268 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1645 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1183 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2328 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 220 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 797 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 783 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site