මෙරට ලාඳුරු රෝගීන් සොයාගැනීම ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ලාඳුරු රෝගින් 1500කට අධික සංඛ්‍යාවක් අලුතින් වාර්තා වී තිබෙන අතර එයින් 173 දෙනෙකු පාසල් දරුවන් ය.
ලාදුරු මෙහෙම රෝගයක්
ලාදුරු යනු මයික්‍රොබැක්ටීරියම් ලෙප්රෙ නැමති බැක්ටීරියාවකින් බෝවන පර්යන්ත ස්නායු පද්ධතියටම හානි සිදු කරන රෝගයකි. මෙම රෝගය බෝවන්නේ රෝගය බෝ කළ හැකි මට්ටමේ සිටින පුද්ගලයෙකුගේ කෙළ හෝ සෙම බිඳිති වෙනත් පුද්ගලයකුගේ ශ්වසන පද්ධතියට ඇතුළුවීමෙනි.
ලාදුරු කොටස් 2 ක්
ලාදුරු රෝගය බෝවන සහ බෝ නොවන ලෙස කොටස් දෙකක් තිබේ. කුමන වර්ගය වැලඳුනත් නොකඩවා නිසි ප්‍රතිකාර ගැනීමෙන් නිට්ටාවට සුව කළ හැකි ය. එමෙන්ම නිසි ප්‍රතිකාර ගන්නා රෝගියෙකුගෙන් වෙනත් අයට බෝවන්නේද නැත. ලාදුරු යනු ජානගත එනම්, පරම්පරාවෙන් පැවතෙන රෝගයක්ද නොවේ.
රෝග ලක්ෂණ
යම් පුද්ගලයෙකුගෙන් ලාදුරු රෝග ලක්ෂණ මතුවන්නේ එම බැක්ටීරියාව සිරුර තුළ වසර 3 - 5 ක පමණ කාලයක් පැවතීමෙන් අනතුරුවය. සමහරවිට එය වසර 20 ක් තරම් දිගු කාලයක් වුවද විය හැකිය. බැක්ටීරියාව සිරුරට ඇතුළුවූවන්ගෙන් රෝගය මතුවන්නේ 10% ක් තරම් පිරිසකටය. අනෙක් 90%කගේම රෝගකාරක බැක්ටීරියාව ප්‍රතිශක්තිය මගින් විනාශ කර දමයි. මෙම රෝගය ඕනෑම වයසක, ඕනෑම තරාතිරමක අයෙකුට වැලඳිය හැකිය.
මෙහි මූලික ලක්ෂණය වන්නේ සමේ පැහැයට වඩා ළා පැහැයක් ඇති ලපයක් හෝ කිහිපයක් ඇතිවීමය. මෙම ලප කැසීමක් හෝ දැනීමක් නැත. සමහරවිට හිරි වැටුණු ස්වභාවයක් පෙන්නුම් කරයි. ලප ආසන්නයේ ඇති ස්නායුවල වේදනාවක් ඇතිවීම හෝ ගනවීමක් දැනිය හැකිය. අත්පාවල හිරි ගතිය ඇතිවන නිසා මස්පිඩු දුර්වල වේ. ඉක්මනින් සුව නොවන තුවාල ද ඇති වේ.
මෙම ලප බොහෝවිට ඇතිවන්නේ මුහුණ, අත් පිටුපස, පාද හෝ පිට පෙදෙසේ ය. ලප මතුපිට වියළිබවක් හෝ රෝම නොවැවීමද දක්නට පුළුවන.
ලාදුරුම බව දැනගන්නේ කෙහොමද?
ලාදුරු රෝගය හඳුනා ගැනීමට රුධිර පරීක්‍ෂණ නැත. මූලික්වම හඳුනාගන්නේ සංවිදානයක් නැති ලප කැලැල් සහ හිරි තිය පරීක්‍ෂා කිරීමෙනි. එහෙත් අවශ්‍ය විටෙක පමණක් ලාදුරු දැයි සොයා ගැනීමට රෝගියාගේ ලප ගැටිතිවලින් ලබාගන්නා සාම්පලවල රෝගකාරක බැක්ටීරියාව ඇත්දැයි රසායනාගාර පරීක්‍ෂණයක් සිදු කරයි.
දරුවන් අතර වැඩිවෙලාද?
ලාදුරු රෝගය වැලඳී ඇතැයි සොයාගෙන ඇති දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතය අවුරුදු 10 - 12 අතර පසුවන්නන් ය. දරුවෙකුට අවුරුදු පහේදී හෝ හයේදී රෝග ලක්ෂණ මතුවීමෙන් කියැවෙන්නේ එම නිවෙස තුළ හෝ දරුවා ඇසුරු කරන පුද්ගලයින් අතර ලාදුරු රෝගියකු සිටිනබවය. කෙසේ වෙතත් දරුවාගේ සමේ සැක සහිත ගැටිත්තක් හෝ ලපයක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුය. ප්‍රතිකාර ගන්නා කාලයේදී දරුවාට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි අතර දිනපතා පාසල් යැවිමද ගැටලුවක් නොවේ. මෙහිදී දරුවාගේ පවුලේ ලාදුරු රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වැදගත් වේ.
ප්‍රතිකාර කරන හැටි
ලාදුරු සාර්ථකව සුවකළ හැකි ඖෂධ අපේ රටේද ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රෝගකාරක බැක්ටීරියාව සම්පූර්ණයෙන් ම විනාශ කළ හැකි ප්‍රතිජීවක ඖෂධ නොමිලයේ ලොව පුරා රටවල්වලට ලබාදෙයි. අපේ රටේද එම ඖෂධ භාවිත කරන අතර එමගින් මෙවනවිටත් දහස් ගණනක් රෝගීන්ට සුවය ලබා දී තිබේ.
බෝ නොවන වර්ගයේ ලාදුරු රෝගය වැලඳුණු රෝගියෙකුට ඖෂධ වර්ග 2ක් මාස 6ක කාලයක් ලබාදෙන අතර බෝවන වර්ගයේ රෝගයට ඖෂධ වර්ග 3 ක් වසරක කාලයක් ලබාදෙයි. නොකඩවා ප්‍රතිකාර ගැනීමෙන් ස්නායු දුර්වලතාවක් රහිතව රෝගය සුව කර ගත හැකිය.
බෝවෙන්නෙ නැති වෙන්නෙ කොහොමද?
ලාදුරු රෝගයට නිසි ප්‍රතිකාර ගන්නා රෝගයෙකුගෙන් තවත් අයෙකුට බෝවන්නේ නැත. එමෙන්ම මෙම ප්‍රතිකාර නිසා බරපතළ අතුරු ආබාධ ඇතිවීමද අවම මට්ටමක පවතී. සායනවලදී රුධිර පරීක්ෂණ මගින් අතුරු ආබාධ කල්තබා හඳුනා ගැනීම සහ ඊට පිළියම් යේදීම ඊට හේතුවයි. එමෙන්ම ප්‍රතිකාර ලබාගන්නා අවදියේ දී සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ද පුළුවන.
ගැබිනි මවක් පරෙස්සම් වෙන හැටි
ගර්භිණී මවකගෙන් කලලයට රෝගය ආසාදනය නොවේ. මවු කිරිවලින් දරුවාට රෝගය බෝ වන්නේද නැත. ගැබිනි මවුවරුන්ට හා කිරිදෙන සමයේ දී පවා ප්‍රතිකාර ලබාගැනීම ගැටලුවක් නැත.
බෝවෙන්න පුළුවන්ද?
නිස් ප්‍රතිකාර නොගන්නා රෝගියකු සතියකට අවම වශයෙන් පැය 20ක්වත් මාස තුන හතරකවත් සමීප ඇසුරක් නිසා ලාදුරු විසබීජය ශරීරගත වේ. ලාදුරු රෝගියකු සම මිනිත්තු 15-20ක් පමණ සමීපව කතාබහ කිරීමෙන් ලාදුරු රෝගය බෝ නොවේ. නිවෙසෙහි ලාදුරු රෝගය බෝ කළ හැකි මට්ටමේ රෝගියකු සිටී නම් එම රෝගියාගෙන් රෝගය බෝ වීමේ අවදානම නිවෙසේ ජීවත්වන පුද්ගලයන්ට තිබේ.
රෝගය පාලනය කරන ක්‍රමය
ලාදුරු රෝගීන් හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු කිරිම රෝගය පාලනයට ඇති හොඳම විසඳුමයි.
තොරතුරු සැපයීම -ලාදුරු මර්දන ව්‍යාපාරයේ වෛද්‍ය නිලධාරිනී නදීසරා සෙනෙවිරත්න
සටහන: උදේශිකා නෙලුම්දෙනිය
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාදුරුවලින් බේරෙන්නෙ මෙහෙමයි