බෝවන රෝග පැතිරෙන කාලයක්
ජනවාරි- දෙසැම්බර් සීතාධික දේශගුණය ඇරැඹුමත් සමඟ ඉන්ෆ්ලුවන්සා තත්ත්වය පහසුවෙන් පැතිරී යයි. වෙනත් සීත රටවල මෙන් නොව අපේ රටේ ආර්ද්‍රතාව වැඩි අතර වාතය තෙත් බවින් යුතු වීම නිසා සිරුර දක්වන ප්‍රතික්‍රියාවද වැඩි වීම ඊට හේතුවය. එවන් කාලයකදී පැතිරී යන වයිරස් ප්‍රභේද පවා වෙනස් වන අතර මතු කරන රෝග ලක්ෂණද එකිනෙකට වෙනස්වේ.
ආශ්වාස- ප්‍රාශ්වාසයෙන් පැතිරෙන වයිරස් උණක්
මෑතක සිට ලෙහෙසියෙන් සහ පහසුවෙන් පැතිරී යන අලුත් වයිරස් උණ රෝගයක් හේතුවෙන් ස්වසන පද්ධතියට හානි ගෙන දිය හැකි අතරම ඇතැම් පාර්ශ්ව සඳහා මාරාන්තික තත්ත්වයක් ගෙනදිය හැකි බවටත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත. නව වයිරස් රෝගයේ රෝග ලක්ෂණ වනුයේ ඇඟපත රුදාව, උගුරේ වේදනාව, උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, කරකැවිල්ල ආදියයි. උණ ගතිය දින දෙකක් ,තුනක් යනවිට පහව ගියද කැස්ස සහ හතිය තත්ත්වය කල් අල්ලා පැවතීමට පුළුවන. එය සමහර විට මාස දෙකක් ,තුනක් හෝ විය හැකිය.
එසේම ශරීරය මෙම වයිරසය මර්දනය කිරීම උදෙසා නිපදවන ප්‍රතිදේහ සහ ඒවා ක්‍රියාත්මක වීමෙන් පෙනහලුවල ඇති නාල පටු (කුඩා ) වීමක් සිදු වේ. රාත්‍රී කාලයට දැනෙන අධික සීතලත් සමඟ මේ නාල තුළින් වාතය ගමන් කිරීම තරමක් අපහසු වේ. එවිට අපට ආයාසයෙන් හුස්ම ගැනීමටත් , ස්වසන අපහසුතා මතු වීමටත් පටන් ගැනේ. එය හතිය දක්වා වුවද වර්ධනය වීමට පුළුවන. එබැවින් දැනටමත් හතිය රෝගයට ප්‍රතිකාර ලබන රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව තවදුරටත් ඉන්හේලර් භාවිතය සේම බෙහෙත්ද නොකඩවා ලබා ගත යුතු වේ.
මෙම වයිරස් උණ රෝගී තත්ත්වය පොදුවේ සියලුම දෙනාට මාරාන්තික නොවන නමුත් එය නිව්මෝනියාව දක්වා වර්ධනය වීමට පුළුවන. ඇතැම් පිරිසකට පමණක් මාරාන්තික විය හැකිය.
තවම හඳුනා නොගත් වයිරසය
මාස දෙක තුනක් තිස්සේ සිට බොහෝ පිරිසක් උණ රෝගයෙන් පෙළිණි. මෙය ස්වසන පද්ධතියේ හට ගැණෙනා ආසාදනයක් විය හැකියි. ආශ්වාස- ප්‍රාශ්වාසයෙන් බෝවේ. මේ වනතෙක් වයිරසය හඳුනා ගෙන නොමැති අතර ඉන්ෆ්ලුවන්සා එක් ප්‍රභේදයක් ලෙසට දැනට හඳුන්වා දිය හැකිය.
අවදානම් පාර්ශව
ගැබිනි මවුවරු, දියවැඩියා රෝගීන්, වකුගඩු ක්‍රියාකාරීත්වය දුර්වල පුද්ගලයන්, දැනටමත් හතිය ඇති රෝගීන්, වයස්ගත පුද්ගලයන්, හෘදයාබාධ හෝ හෘදයේ ක්‍රියාකාරීත්වය අඩු අය, පෙනහලු ආසාදනවලින් පෙළෙන්නන්ට මෙම රෝගය වැළඳුණහොත් ඉතා පහසුවෙන් නිව්මෝනියා තත්ත්වය දක්වා වර්ධනය වීමට පුළුවන. ඉහත පුද්ගල කණ්ඩායම්වල ප්‍රතිශක්තිය අඩු බැවින් ඔවුන්හට නව වයිරස් උණ රෝගය වැළඳුණහොත් මාරාන්තික යැයි කියන්නේ එබැවිනි.
රෝග තහවුරුව
ඩෙංගු,කොවිඩ්, වයිරස් උණ සේම ඉන්ෆ්ලුවන්සා වැනි තත්ත්වද මේ දිනවල පැතිරෙන නිසා උණ ගතිය කල් අල්ලා පැවතුණහොත් රෝග විනිශ්චය නිවැරැදි වීම වැදගත්වේ. උණ රෝගීන් සඳහන් කරන පරිදි පෙනහලු සහ උගුර ආශ්‍රිත රෝග ලක්ෂණ අනුව සැක සහිත රෝගීන්ගේ රුධිර පරීක්ෂා මගින් මෙය සනාථ කර ගත හැකිය.
ඩෙංගු උණ රෝගියකු පෙනහලු සම්බන්ධ රෝග ලක්ෂණ දක්වන්නේ නැත. උගුරේ වේදනාව,කන් රිදීම ,හුස්ම ගැනීමේ අපහසුතා , සෙම ගතිය වැනි ප්‍රාථමික ලක්ෂණ මත පදනම්ව නව වයිරස් තත්ත්වය තීරණය කෙරේ.
ප්‍රතිකාර සහ පෝෂණය
වයිරස් උණ රෝග සඳහා ප්‍රතිජීවක ලබා නොදෙන අතර ‘ඇස්ප්‍රින්, ඩිස්ප්‍රින් ‘ වැනි ඖෂද ලබා ගැනීම සුදුසුම නැත. උණ ගතිය ඇත්නම් පැය 6න් 6ට නියමිත මාත්‍රාව අනුව පැනඩෝල් පමණක් ලබා ගත හැකිය.
එසේම මේ දිනවලදී රෝගියා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගත යුතුය. ඊට අමතරව හොඳින් ජලය පානය කිරීමත්, දියර වර්ගද ඒ අතරට ලබා ගැනීම කළ යුතු වේ. ඛනිජලවණ අඩංගු දියර වර්ග වන කැඳ,සුප්, ජීවනී වැනි දෑ පානය කළ හැකිය.
රෝගයේ පැතිරීම වැලැක්වීම
පවුලේ එක් අයකුට මෙය වැළඳුණහොත් ඉතා ඉක්මනින්ම සෙසු පිරිස් කරාද ආශ්වාස ප්‍රාශ්වාසය හරහා පැතිරී යාමට පුළුවන. ඒ නිසාම මේ දිනවලදී මෙම රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙන්නුම් කෙරේ. තත්ත්වය මර්දනය කර ගැනීමට නම් අපට පහත පියවර අනුගමනය කළ හැකිය.
රෝගියා සේම නිවසේ සෙසු අයද මුහුණු ආවරණ පැළැඳීමට වගබලා ගන්න. රෝගියා සෙස්සන්ගෙන් වෙන්ව වෙනත් කාමරයක හිඳීම සුදුසුය. රෝගියා භාවිත කරන පිඟන්, කෝප්ප,ඇඳ ඇතිරිලි, කොට්ට උර,තුවා වැනි දෑ හවුලේ භාවිතයෙන් වැලකිය යුතුය. යම් තරමකට දුරස්තභාවය රැක ගැනීමත්, නිරතුරු දෑත් විසබීජ නාශක දියර යොදා පිරිසුදු කර ගැනීමත්, රෝගියා ජනාකීර්ණ තැන්වලට යාමෙන් වැලකීමත් කළ යුතු වේ. දැන් බොහෝ දෙනකුටම සෞඛ්‍ය පුරුදු අමතකව ගොස් ඇති නිසා පිටින් ලෙඩ රෝග නිවසට රැගෙන නොයාමට නම් ජනාකීර්ණ තැන්වලදීත් සෞඛ්‍ය පුරුදුවලට තවදුරටත් අනුගත විය යුතු වන්නේය.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
වේගයෙන් පැතිරෙන අලුත් වයිරස් උණක්