සියල්ලෝම දරුවන්ට ඉතාමත් කැමැතියි. ආදරෙයි. ඒ අතුරින් සාමාන්‍ය දරුවන් මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දරුවෝද සිටිති. අනෙක් ළමයින්ට වඩා වැඩි අවධානයක් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ලබා දිය යුතු අතර පොදුවේ සියලුම දරුවන් පරෙස්සමින් රැක ගත යුතු වේ. ඒ අතර ඔටිසම් දරුවන් සමාජ ගත විය යුත්තේ කුමනාකාරවද සහ මවුපියන්ගේ වගකීම සමාජයේ දායකත්වය යනාදී කාරණා පහත ලිපියෙහි ඇතුළත් වේ.
මවුපිය වගකීම
තමන්ගේ දරුවාට ඔටිසම් යැයි බොහෝ මවුපියන් පිළි ගැනීමටවත් සූදානම් නැත. කුඩා දරුවන්ගේ මවුපියන් සහ ඔටිසම් තත්ත්වය සහිතව වර්ධනය වූ යොවුන් දරුවන්ගේ මවුපියන් ලෙස ඔවුන්ව කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියි.
කුඩා දරුවකුට ඔටිසම් යැයි හඳුනා ගැනීමට නම් දරුවා ඉපදුණු වෙලාවේ සිට ඔහුගේ වර්ධන රටාවන් ගැන අදහසක් ගත යුතුයි. මීට සුදුසුම ක්‍රමය ළමා සංවර්ධනය අත් පොතේ ළමා සංවර්ධන පියවර ඇතුළත් වේ. ඉන් යම් අදහසක් ගත හැකියි. දරුවා සිනා වෙන්නේ කොයි කාලෙද, සිනා වීම ප්‍රමාද බව හැඟේ නම් දරුවාව පෙන්වා උපදෙස් ගත හැකි මට්ටම තෙක් මනා වැටහීමකින් මවුපියන් කටයුතු කළ යුතුවේ.
තත්ත්වය හඳුනාගෙන සැලකිලිමත් නොවී සිටීමද සුදුසු නොවේ. වහාම සායනයකට දරුවා සමඟ යොමු වන්න.
දරුවාගේ වර්ධනයේ පියවර
ස්නායු සංවර්ධනය සම්බන්ධව හට ගන්නා සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රශ්නයක් නිසා ඔටිසම් තත්ත්වයට ගොදුරු වේ. මේ තත්ත්වයට ගොදුරු වන්නේ අප ඉපදෙන විටමයි. අපේ ජානවල හට ගැණෙන යම් ප්‍රශ්නයක් නිසා ඔටිසම් තත්ත්වය හට ගන්නා බව දැනට අනුමානයයි. එහෙත් ඊට බලපාන පාරිසරික තත්ත්වද ඇත.
ලිපියේ ඉහතින් සඳහන් කළ පරිදි දරුවාට කතා කිරීමටවත් ඉඩක් නොතබා අවශ්‍යතා සියල්ලක්ම මවුපියන් විසින් පිරිමැසීම තුළ දරුවාගේ වර්ධනයට අවශ්‍ය මූලික අඩිතාලමවත් නොවැටේ.
ඔටිසම් වුවත් සාමාන්‍ය දරුවකු වුවත් වර්ධනය වන පියවරවල පිළිවෙළක් තිබේ. අපිට ඔටිසම් තත්ත්වය කලින් හඳුනා ගැනීමෙන් දරුවාට අතපසු වූ පියවර පසුව හෝ ක්‍රියාත්මක කළ හැකියි.
මාස 06දී දරුවා හිනා වීම සිදු නොකළොත් අඩුම තරමින් මාස 08දිවත් වෛද්‍යවරයකු වෙත යොමු කළහොත් එය දරුවාට මෙන්ම ඔබටත් වඩා පහසුවකි.
ඔටිසම් සඳහා ප්‍රතිකාර ක්‍රම වශයෙන් විශාල බෙහෙත් තොගයක් මෙන්ම රුධිර පරීක්ෂා, මොළය පරීක්ෂා අදී පරීක්ෂණ ගණනාවක්ම ඇති බවට බොහෝ දෙනා අනුමාන කරති. එහෙත් ඒ කිසිඳු අනුමානයක් නිවැරැදි නොවේ. ඔටිසම් දරුවකු පුහුණුවක් ලද විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කළහොත් එබඳු දරුවකු හැසිරෙන අයුරු, මවුපියන් මෙවන් දරුවකු හා සෙල්ලම් කරන ආකාරය පැහැදිලිව කියාදේ. කෙටියෙන්ම කිවහොත් ඔටිසම් දරුවන්ට සමාජශීලී වීමට නොහැකි කම ,නොදන්නා භාවය නිසා ඊට අවස්ථාවක් සලසා දීම මවුපියන්ගේ වගකීමයි. එයද නිසි මඟපෙන්වීමක් මෙන්ම අවබෝධයක් යටතේදී පමණි.
දරුවාගේ ක්‍රියාකරකම්වලට සහාය
ඔටිසම් දරුවකු හුදෙකලාව සෙල්ලම් කරමින් සිටිනවානම් ඊට හවුල් වී සෙල්ලම් කිරීමට මවට හැකියි. ඒත් අපේ ප්‍රශ්නය අද මවුපියන් තම දරුවන් සමඟ සෙල්ලම් කරන ආකාරය නොදැනුම්වත් වීමයි. මෙවැනි දරුවකු සෙල්ලම් කරනවිට මුලින්ම විද්වත් මණ්ඩලයක් විසින් එකී දරුවාව නිරීක්ෂණය කෙරේ. ඔවුන් විසින් දරුවාට කථනය සිදු කරන අයුරුද පහදා දේ. ඒත් කිසිම වෙලාවක ඔටිසම් දරුවන්ට කතා කිරීමට උගන්වන්නේ නැත. මේ දරුවන් ගිරවු නොවේ. ඔටිසම් දරුවකුට කථනය පහසු වීමට නම් ඔවුන්ගේ මොළයේ ඇති ස්විචය ක්‍රියාත්මක විය යුතු අතර ඒ දෙසට යම් තල්ලුවක් ලබා දීම පමණක් අප වෙතින් ඉටු වේ. ඒ හැරුණු කොට කිසිම විටෙක බලෙන් ස්විචය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවේ. මේ සේවාවන් නිවැරැදිව සේම විධිමත්ව ලබා ගැනීමත් අවශ්‍ය කෙරේ. සේවා සැපයීම් ලබාදෙන තැන් කොතෙකුත් තිබුණද වැරැදි ආකාරයෙන් උපදෙස් ලබා දීම් ගැන නිරන්තර වාර්තා වේ. එබැවින් මූලිකවම ඔටිසම් තත්ත්වය කල්තියා හඳුනා ගැනීම, නිසි සේවාවන් වෙත යොමු වීම සේම වෛද්‍ය උපදෙස් නිසියාකාරයෙන් පිළිපැදීම මවුපියන්ගේ භාරකරුවන්ගේ යුතුකමයි.
සමාජ බලපෑම්
ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු සමාජයට යොමු වීමේදී සමාජයේ පැතිකඩ විවරණය කිරීමද කොටස් 02ක් යටතේ කතා කළ හැකියි.ඉන් පළමුවැන්න මෙවන් දරුවකු සමාජගත වීමේදී මවුපියන්ට සහ නිවැසියන්ට සමාජය විසින් කෙතරම් සහාය දක්වනවාද යන්නයි. මොවුන්ගේ ඇති වෙනස් හැසිරීම් රටා නිසා සමාජය විසින් ප්‍රතික්ශේප කිරීමක් සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් ඔටිසම් දරුවන් සමාජයේ සෙසු දරුවන් හා සම්බන්ධ වීමත් ඉතා අඩුය.
කුඩා දරුවකුගේ සමාජය ගත් විට පළමුවෙන්ම හමු වන්නේ පෙර පාසලයි. සමහර විටෙක පෙරපාසල් ගුරුතුමියගෙන් වුවද ඔටිසම් දරුවන් ප්‍රතිශේප වීමට පුළුවන. ඒ අනෙක් ළමයින් මෙන් සාමූහික ක්‍රියාකරකම්වලට සහභාගී නොවී හුදෙකලාව පැත්තකට වී සිටින නිසා විය හැකියි. ඒත් අපි මෙහිදී මතක තබා ගත යුත්තේ ඔටිසම් දරුවන්ට සන්නිවේදනය කළ නොහැකි බැවින් නිසියාකාරයෙන් අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි. මොවුන්හට අධි සංවේදන මෙන්ම ඌන සංවේදන යනුවෙන්ද ලක්ෂණ දෙවර්ගයකි. අනෙක් කුඩා ළමයින් සින්දු කියද්දි ඔටිසම් දරුවන්ගේ ඔලු ඒ ශබ්දවලට හැඩ ගැසීමට අනුවර්තනය වී නොතිබීම නිසා ඔවුන් ඉන් බියවීමට හැකියි. ඒ අනුව කෑ ගැසීම, බිම පෙරළීම වැනි පුරුදු ඔවුන්ගේ අකැමැත්ත ප්‍රකාශ කිරීමේ මාධ්‍ය බවට පත් වේ.
අපි කළ යුතු වන්නේ මෙබඳු දරුවන්ගේ තත්ත්වය නියමාකාරයෙන් වටහා ගැනීමයි. මෙවැනි අවස්ථාවලදී Ear plugs වැනි උපකරණ මගින් දරුවාව අදාල පරිසරයට අනුගත කළ හැකි අතර මොවුන් සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩ නොවේ.
ඔටිසම් දරුවන්ගේ අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක පිහිටුවා එක එක වයස්වල ළමයින් පන්ති කාමරයකට කොටු කර ඇති අයුරු දැකගත හැකියි. එතැන කුසලතා මතු කිරීමවත් පාඨමාලා අනුව ඉගැන්වීමක්වත් සිදු නොවේ. විභාග සඳහාද ඉදිරිපත් වීමට අවකාස නැත. ඒත් ඔටිසම් දරුවන් සැබැවින්ම විවිධ හැකියාවලින් සන්නද්ධ වූ පිරිසකි. ලේඛන හැකියාවලින් සේම ගායන හැකියාවෙන්ද දක්ෂතා දක්වන මෙබඳු දරුවන්ට ඉදිරියට ඒමට ඇති අවස්ථා අහුරා දැමීම කෙතරම් අභාග්‍යයක්ද? ඔටිසම් දරුවන්ගේ වෘත්තියමය පැත්ත ගෙන බැලුවද රැකියා අවස්ථා හිමි වන්නේ නැත. සෙසු පිරිස් මෙන් එකිනෙකා හා කතාබස් කරමින් කල් ගත නොකරන අතරම කාර්යක්ෂමතාව අතින්ද ඔටිසම් පාර්ශ්ව ඉහළ තැනක සිටිති.
ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ කුඩා දරුවන් සමාජශීලී වීමට පොදු ජනතාව කවරකු සමග හෝ සිනා වීමට පිළිවනි. ඔවුන්ගේ සීමාවන් හරිහැටි නොදන්නා නිසාද මෙවැනි අවස්ථාවලදී අපයෝජනයට හිංසනයට ගොදුරු විය හැකියි. එවන් පරිසරයකින් මුදුවා ගැනීමත් ඉතාම වැදගත්ය.
ලංකාව තුළ ඔටිසම් කියන කාරණාව බෙහෙවින්ම මූල්‍යකරණය වී ඇති බවක්ද පෙනේ. ඒ උදෙසා මවාපාන සියලුම සේවාවන් නිවැරැදි නොවන අතර මුදල් අය කර ගැනීම්ද මවුපියන් මුලා කිරීම්ද නිරතුරු සිදු වේ. ඔටිසම් දරුවකුගේ මොළය නිසියාකාරයෙන් සංවර්ධනය වීමට නම් එදිනෙදා ජීවිතයේදී ඒ වෙනස විය යුතුයි. දරුවාව නේවාසික තත්ත්වයෙන් හිරකර ගෙන ඒ වෙනස ලැබීම දුෂ්කරයි. මෙවැනි දරුවකුගෙන් අපේක්ෂා කළ යුතු වන්නේ විධාන පිළිපැදීමටත් වඩා ඔවුන්ට තම අකැමැත්ත ප්‍රකාශ කළ හැකි පරිදි අදහස් බෙදා හදා ගැනීමට පුරුදු කිරීමයි. මෙවන් දරුවකුව සමාජශීලී වීමට පුරුදු කිරීමයි. එබැවින් මවුපියන් නිසිකලට නිවැරැදි වෛද්‍ය උපදෙස් සේම නිවැරැදි සේවාවන් ලබා ගැනීමත් අත්‍යවශ්‍යවේ.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමාජගත කිරීමේ ක්‍රමවේදය