වැසි කාලය ලෙඩ රෝග ගණනාවකම බෝ වීම පහසු කරවයි. අධික වැස්සත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට බලපාන ගං වතුර තත්ත්වය නිසාද බැක්ටීරියා රෝග පැතිරීමද වේගවත් කෙරේ.
ඒ අතර රටේ විවිධ ප්‍රදේශවලින් මී උණ රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස පුරාවටම සිදු වී ඇත.
ඉහළ යන ආසාදිත වාර්තා
මේ වසර තුළදී වාර්තා වී ඇති සමස්ත මී උණ රෝගීන් සංඛ්‍යාව 4900කි. සැප්තැම්බර් මාසයේදී රෝගීන් 656ක්ද , ඔක්තෝබර් මාසයේදී 528ක්ද වශයෙන් ආසාදිතයන් හමු වී ඇත.
රෝගය ගැන හැඳින්වීමක්
මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් ‘leptospirosis ‘ රෝගය මීයන්,ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකිය. මෙම රෝගයටම ‘ වෙල් උණ , පතල් උණ‘ යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. ලෝකයේ නිවර්තන සහ අර්ධ නිවර්තන රටවලින් මී උණ රෝගීහු බහුලව වාර්තා වෙති. මෙය ‘ leptospirainterrogans ‘ නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් හට ගැනේ.
බෝ වන අයුරු
මීයන් හෝ වෙනත් සතකුගේ ශරීරයේ ඇති මෙම බැක්ටීරියාව ඔවුන්ගේ මුත්‍ර මගින් ජලයට එකතු වේ. ඒ අනුව කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග ,කානු, පතල්වල ජලයට මෙම බැක්ටීරියාව එකතු වී රැඳී තිබිය හැකියි. එබඳු තැන්වල ඇති වතුර සමග පුද්ගලයන් නිරාවරණය වීමෙන් ශරීරයේ කැපීම්, සීරීම්, තුවාල හෝ ශරීර පටල ( ඇස් හෝ මුඛයේ) හරහා ද මිනිසාගේ සිරුරට ඇතුළු වේ.
රෝගීන් හමු වන සුලබ වකවානු
අපේ රටේ මුළු වසර පුරාම මී උණ රෝගීන් වාර්තා වුවද මාර්තු සිට මැයි දක්වාත් , ඔක්තෝබර් සිට දෙසැම්බර් මාස දක්වාත් රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කෙරේ. මෝසම් වැසි කාලය මෙන්ම යල – මහා කන්න ගොයම් වැඩ කටයුතුවල නිරතවන කාල වකවානුද මී උණ රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කෙරේ.
රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් බැක්ටීරියාව ශරීර ගතවී දින 02ත් 14ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවිය හැකියි. ඒ අනුව මතුවන සංකූලතා පහත දැක්වේ.
♦ උණ
♦ මස් පිඩු වේදනාව
♦ ඇස් රතු වීම
♦හිසරදය
♦ මුත්‍රා කහ පැහැ වීම
♦ මුත්‍රා යාම අඩු වීම
♦ වමනය
♦ සිරුරේ අප්‍රාණිකත්වය
මී උණ රෝගය වැළඳුණ පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ නොවේ.
අවදානම් දිස්ත්‍රික්ක
ආසාදිතයන් වාර්තා වීම මත රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක දැනට හඳුනා ගෙන ඇති පරිදි අවදානම් දිස්ත්‍රික්ක යටතට ගැනේ. ඒ අතුරිනුත් කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් බහුලව වාර්තා වේ.
මාරාන්තික නැතත් පරෙස්සම වැදගත්
නිසි කලට නොපමාව ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි. මෙම රෝග කාරකයට සිරුරේ ඇති සියලුම ඉන්ද්‍රිය පද්ධතිවලට හානි කිරීමට හැකියි. විශේෂයෙන් වකුගඩු, අක්මාව, පෙනහළු සහ හෘදය අකර්මණ්‍ය කරයි.
වලක්වා ගැනීමට කළ හැකි දේවල්
♦ කුඹුරු, වගුරු බිම්, ඇළවල්, කානු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්, ගං වතුර වැනි තත්ත්ව ආදියට මුහුණ දෙන අයටත් රෝගය වැළඳීමේ අවදානම ඉතා ඉහළයි. එවැනි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැලකීම පිළිබඳව දැනුම්වත් වී සිටිය යුතු වේ. ආරක්ෂිත ක්‍රමෝපාය පිළිපැදිය යුතු වේ.
♦ මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
♦ තුවාල ,සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වලකින්න. නොඑසේනම් එම තුවාල මනාව ආවරණය කර ගැනීමට උනන්දු වන්න.
♦ කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැලැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයෙන් ලබා ගන්න.
♦ ප්‍රතිජීවක ඖෂධ නිසි කලට සේම නිසි මාත්‍රාව ලබා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.
♦ ගං වතුර වැනි ආපදා තත්ත්ව පවතින කාල වකවානුවලදීද රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අමතක නොකරන්න.
♦ විශේෂයෙන් කුඹුරු අවට ඇති කුඩා දිය කඩිතිවල මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් පසු වුවද රෝග ලක්ෂණ මතු වේනම් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වේ.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
වැසි කාලයෙදි වරින් වර මතුවන ‘මී උණ‘