සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන
අපි ආහාර ගත යුත්තේ කුසගින්න නිවා ගැනීමටත්ල නොමැරී සිටීමටත් පමණක්මද? ආහාර මගින් ප්‍රධාන වශයෙන්ම සැපිරිය යුතු අවශ්‍යතා තුනකි. ශක්තිය ලබා ගැනීම සේම වර්ධනය වීමට සහ සිරුරට ආරක්ෂාවක් ලැබෙන පරිද්දෙනි. කොරෝනා වසංගත තත්ත්වය නැවතත් ඔඩු දිවූ මෙසමයේදී ආහාරවල අවශ්‍යතාවත් වසංගත කාලයකදී ඔරොත්තු දිය හැකි ආහාර පාන පිළිබඳවත් අවදානය අන් දිනවලට සාපේක්ෂව වැඩි වී ඇත. ඒ අනුව ලෙඩ රෝගවලින් සුරැකිව සිටීමටත් සවි ශක්තියෙන් පරිපූර්ණ වීමටත් අපේ ආහාර වේල සමබල විය යුතුය. මේ සමබල ආහාර වේල ශක්තිය ලැබෙන ආහාර ,වර්ධක ආහාර සහ ආරක්ෂක ආහාරවලින් සුපෝෂිත විය යුතුයි.
සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකු දිනකට ප්‍රධාන වශයෙන් ආහාර වේල් 03ක් ගනී. අපේ ආහාර වේලට ඉහත දැක්වූ ඛාණ්ඩ තුනෙන්ම ආහාර වර්ග එකතු විය යුතුය. ඉහත ඛාණ්ඩ තුනේම ආහාරවලින් අපට අවශ්‍ය ශක්තිය සේම ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ,ප්‍රතිශක්තිය වර්ධනය කෙරේ.
ශක්තිය ලැබෙන ආහාර වර්ග මොනවාද?
මූලික වශයෙන් ධාන්‍ය වර්ග ගතහොත් නිවුඩ්ඩ සහිත සහල්, තම්බපු හාල්, බඩ ඉරිඟු, කුරක්කන්, මෙනේරි ගුණාත්මක බවින් ඉහළය. ශක්තිය ලබා දෙනවා සේම සිරුර ආරක්ෂා කරන විටමින් වර්ගත් අඩංගු වේ. මේ දිනවල වෙළෙඳපොළේ ජනප්‍රිය ආහාරයක් වන ඕට්ස් සේම බාර්ලිත් ගුණයෙන් ඉහළ ආහාර ඛාණ්ඩ යටතට ගැනේ. කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන මේ කාල වකවානුවේදී ඉහත දැක්වූ ආහාර මගින් අපේ සිරුරට ප්‍රතිශක්තිය ලැබෙන බව නම් කිව යුතුමයි.
ඒ වගේම කහ බතල, කොස් ආදියත් ආහාර වේලට එක්කාසු කර ගැනීම ඉතා වැදගත්ය. සිරුරට අවැසි ශක්තිය සේම විටමින් වර්ගත්, අපේ ආහාර මාර්ගය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය තන්තු වර්ගත් එමගින් ලබා දේ.
වර්ධක ආහාර ගැනත් දැන ගනිමු
මේවාද වසංගත කාලයකට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක් ඇති ආහාර ඛාණ්ඩයකි. අපේ ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් වර්ග සේම ඛනිජ විශාල වශයෙන් ලබා දෙන ආහාර මේ යටතට වැටේ.
මාළු, මස්, හාල්මැස්සන්, බිත්තර, කිරි ඒ සඳහා යෝග්‍ය වේ. ඒ වගේම ඇට වර්ග ගතහොත් කවුපි, කඩල, පරිප්පු, මුං ඇට, තල, උඳු වැනි බෝගවල ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන විටමින්, ඛනිජ, ප්‍රකිඔක්සිකාරක සේම තන්තුද අඩංගුය. මේවායෙහි තෙල්, සීනි ඉතා අඩු මට්ටමක පවතී.
ආරක්ෂක ආහාර ගැන දැනුම්වත් වෙමු
තෙවැනි ඛාණ්ඩය එළවළු, පලතුරු සහ පළා වර්ග ඇතුළත් ආරක්ෂක ආහාර ඛාණ්ඩයයි. මේවායින් ලැබෙන විටමින්, ඛනිජ සහ අනෙකුත් ක්‍රියාකාරී කොටස් ශරීරය ආරක්ෂා කිරීමට මහෝපකාරී වේ.
විවිධ පැහැයෙන් යුත් එළවළු එනම් තැඹිලි පාට සහ කහ පැහැති එළවළු ආරක්ෂක ආහාර ලෙස ක්‍රියා කරනු ලැබේ.
එනම් වට්ටක්කාල කැරට් - විටමින්‘ඒ‘ බහුලයි.
තද කොළ පැහැ පළා වර්ග – ගොටුකොළ, කතුරුමුරුංගා, කරල් මුරුංගා කොළ,මුකුණුවැන්න, අගුණ, තම්පලා, නිවිති, කංකුං, වැල් දොඩම්
එඵවළු වර්ග- බීට්, රාබු, ලීක්ස්, ගොවා, දඹල, මෑ, බෝංචි, බණ්ඩක්කා, කොහිල, තක්කාලි, පතෝල, වැටකොළු මේ සියලුම ආහාර විටින් විට හෝ මේ දිනවලදී ආහාර වේලට එකතු කර ගැනීමට උත්සාහ කරන්න.
අපේ සිරුරට ආරක්ෂාව ලබා දෙන එළවළු සේම දේශීය පලතුරු වර්ගත් රැසකි. ඒ ඒ පලතුරු කාලයට අනුව දේශීය පලතුරු රැසක්ම අපට හමු වේ. විශේෂයෙන් මේ කාලයේ ඉදුණු අඹ, අන්නාසි, කෙසෙල්, කහ ලෙමන්, අලිගැට පේර, පේර, ගස් ලබු, වෙරළු, නෙල්ලි, නාරං, ලාවුළු, කජු පුහුලන්, ඇඹරැල්ල, දෙහි, දොඩම්, දිවුල්, බෙලි, ජම්බු, කොමඩු වැනි දේශීය පලතුරු රැසක්ම විවිධ කාලවලට නන් දෙසින් දැකිය හැකිය.
මේවායින් සිරුරට ආරක්ෂාව පමණක් නොව ඒවායේ අන්තර්ගත පැහැය ඇති කරන ස්වාභාවික රසායනික, ප්‍රතිඔක්සිකාරක ලෙස හැඳින්වේ. මේවා අපේ ඉන්ද්‍රියවල ඇතුළත බිත්ති ආරක්ෂා කරමින් පිළිකා ඇති නොවීමටත්, කොලෙස්ට්‍රෝල් තැම්පත් නොවන ආකාරයට ක්‍රියාත්මක වීමටත් උදව් කරයි.
එළවළු සහ පලතුරු දිනකට 05ක්
එළවළු සහ පලතුරු දෛනික නිර්දේශය වන්නේ දිනකට 05ක්වත් ආහාරයට ගතයුතු බවයි. එනම් දිනකට ප්‍රධාන ආහාර වේල් තුන අතර බෙදී යන ආකාරයෙන් එළවළු වර්ග දෙකක්, පළා වර්ගයක් මෙන්ම පලතුරු වර්ග දෙක බැගිනුත් එක්කර ගත යුතුවේ.
ස්වාභාවික රසකාරක කුළුබඩු
එසේම ස්වාභාවික රසකාරක කුළුබඩු ලෙස ක්‍රියා කරන ඉඟුරු, සුදු ලූනු, කරපිංචා , රම්පේ, කරාබුනැටි, කුරුඳු, එනසාල්, කොත්තමල්ලි, සූදුරු යනාදියත් අපේ සිරුර ලෙඩ රෝගවලින් ආරක්ෂා කර දෙයි.
සීනි, ලුණු, තෙල් වැඩිය එපා....
එසේම සීනි, ලුණු, තෙල් අමුතුවෙන් එකතු කිරීම නිසා ආහාරවල ඇති පෝෂණ ගුණය අඩු වී යාහැකියි. ඒවා භාවිතය හැකි උපරිමයෙන් අඩු කරන්න. කෘතිම රසකාරක කිසිත් නැති කල් තබා ගැනීමට යොදන රසායනික නොමැති වටපිටාවේ ඇති ආහාර අපේ සිරුර ලෙඩ රෝගාදියෙන් ආරක්ෂා කරනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසංගත කාලේ ප්‍රතිශක්තිය වඩන ආහාර පාන
බද්රානි Thursday, 01 July 2021 02:23 PM
මේ රටේ සියලුම ජනතාවට මෙවන් ආහාර දිනපතා ලබාගැනීමට හැකිවන අයුරින් අපේ ආර්ථිකය වර්ධනය කල රජයට අපි අවංකවම ස්තුති කල යුතුයි. මේ වගේ පෝෂ්‍ය දායි ආහාර වළඳන අපිට මොකටද ආයේ ප්‍රතිශක්තිකරණ එන්නත්? ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන සහලින් ස්වයං පෝෂිත ආර්ථිකයකට හිමිකම් කියන අපිට මොනවද අඩු? අනික ලෝකෙම එකතුවෙලා, ඔවුන්ට තර්ජනයක් වී සිටින අපිව, සුද්දෝ හදාපු එන්නත් දීලා අපේ ජාතියේ ජවය නැති කරයිද කියන බය මට නම් දැනෙනවා...