කොළඹ විශ්වවිද්‍යාලයේ පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන
වසංගත කාලයකදී වැඩි අවදානමක් ඇති තවත් කණ්ඩායමක් ලෙස නිවෙස්ගතව සිටින වැඩිහිටි පුද්ගලයන් හඳුන්වා දිය හැකිය. මෙවැනි අවදානම් දුෂ්කර පරිච්ඡේදයකදී ලෙඩ රෝග ආසාදනය වීමෙන් වැලකී සිටීමට ඔවුන්ටත් ප්‍රතිශක්තිකරණය අත්‍යවශ්‍යම සාධකයකි. ඒ සඳහා මොවුන්හට නිසි පෝෂණයක් අවැසිය. අදහස සරලව කිවහොත් වැඩිහිටියන්ගේ මනා පෝෂණය නිසි ප්‍රතිශක්තිකරණ වර්ධනයට සෘජුවේ බලපානු ලැබේ.
දරුවන් මෙන් නොව නිවසේ සිටින වැඩිහිටියන්ව අපි අතින් අතපසු විය හැකිම කාණ්ඩයකි. ලෙඩ රෝග, බේත් හේත්වලටත් වඩා ඔවුන්ගේ ආහාර වේල පෝෂ්‍යදායීද නැද්ද යන්න අප වෙතින් අවධානය ගිලිහී යා හැකියි. එසේම වයස්ගත වූවන්ට මෙම අවදීන් පසු කරන විට ආහාරවල අවශ්‍යතාවද අඩු වී යාහැකියි. මේ වනවිට බහුතරයකගේම ආහාර පුරුදු පවා වෙනස් වී තිබිය හැකියි.
ලංකාවේ වැඩිහිටි පුපුද්ගලයෝ බහුතරයක්ම මස් වර්ග සේම අලුත් කෑම වර්ග පසුපස පන්නාගෙන නොයති. ඒ වෙනුවට හරි සරල ආහාර රටාවකින් ඔවුන් පිරිමැසේ. ඒත් තරුණ පුද්ගලයකුට වඩා වැඩිහිටි පුද්ගලයකුට අවදානම වැඩි හෙයින් නිසි පෝෂණය ලද යුතුමය. මන්ද මේ අවදීන් වනවිට තමන් ගනු ලබන ආහාර ශරීරයට උරා ගැනීමේ හැකියාව පවා අඩු මට්ටමක පැවතිය හැකිය. විශේෂයෙන් විටමින් වර්ග ගතහොත් විටමින් B-12, ඇතුළු සමහර විටමින වර්ග සඳහන් කළ හැකිය.
එබැවින් වසංගත තත්ත්වයකට වයෝවෘද්ධ පුද්ගලන් ඔරොත්තු දීම සඳහා පෝෂණයෙන් සපිරි ප්‍රධාන ආහාර වේල් ගත යුතුයි.
ඒ ගන්නා ප්‍රධාන ආහාර වේල්වලට පිෂ්ඨය, එළවළු, පලතුරු, ප්‍රෝටීන ඇතුළත් ආහාර වර්ග එකතු විය යුතුය. මෙහිදී ප්‍රෝටීන යනුවෙන් අදහස් කළේ මස්, මාළු, බිත්තර යනාදියයි. ඒවා ආහාරයට නොගන්නා කෙනකු වේනම් ඒ වෙනුවට රනිල භෝග එකතු කර ගත හැකියි. රනිල භෝග යනු කඩල, පරිප්පු, මුං ඇට ආදියයි.
එවගේම ආහාර වේල් අතරමැද පලතුරු සහ කිරි ආහාර ගත යුතුයි. වැඩිහිටි පුද්ගලයන් අතර සාමාන්‍යයෙන් ආහාර ගැනීමේදී දැකිය හැකි පොදු ගැටලුවක් වන්නේ ආහර සැපීමේ නොහැකියාවයි. එවැනි විටෙකදී සැපීමට අපහසු ඝන ආහාර වෙනුවට පහසුවෙන් සැපිය හැකි ආහාර ගැනීම වරදක් නොවේ. තවද කෙනෙකුට සිතෙනවානම් තම වයස්ගත මවුපියන් දිනෙන් දින කෙසඟ තත්ත්වයට (කෙට්ටුවට) පත් වෙනවා නැත්නම් මන්දපෝෂණය පැත්තට හැරෙන බව දැනේ නම් ඔවුන්ගේ ආහාර වේලට යම් තරමකට තෙල් එකතු කළ හැකියි.
ඊට අමතරව වැඩිහිටි පුද්ගලයකු සඳහා කෙටිකාලීනව විටමින් වර්ගයක් ලබා දීමේ වාසිද ඇත. විටමින් Dඌනතාවක්, හිරු එළියට විවෘත වීම අඩු වීම, කැල්සියම් වැනි ඛනිජ ලවණවල අවශ්‍යතාව මඟ හැරී යා හැකියි.
ඉතින්, ඔබ ඔවුන්ගේ පෝෂණය ගැන වගකීමෙන් සිතනවානම් පහත කරුණු සැපිරිය යුතුවේ.
*අමතක නොකරම ඔවුන් ආහාර ලබා ගන්නවාද කියා සොයන්න.
*ඒ ආහාරවල නිසි පෝෂණ සංඝටක ඇත්දැයි විමසිලිමත් වන්න.
*කෙටි ආහාර වේල් සඳහා පලතුරු ,කිරි ගැනීමත් වැදගත් බැවින් ඒවා ලබා දීමට උනන්දු වන්න.
*සමහර විටෙක ඔවුන්ට විටමින් අතිරේකයක් ලබා ගැනීමද අවශ්‍ය විය හැකියි.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
වසංගත කාලෙට වැඩිහිටියන්ගේ පෝෂණය ගැනත් සොයා බලන්න