කාලගුණය මොහොතින් මොහොත වෙනස් වේ. ඒ අනුව මාස ගණනාවක් සිටම පැවැති අධික උණුසුම් කාලගුණය නිමා කරමින් ඉකුත් සතියේ සිට අපේ රටේ විවිධ පළාත්වලට වැසි වැටීම ඇරැඹිණි. වැස්ස කාලෙට බෝ වෙන රෝගවල පැතිරීම වැඩි බැවින් එවැනි රෝග හා රෝග ලක්ෂණ මෙන්ම වැළකෙන ආකාරය අළලා පහත ලිපිය සැකසේ. මේ දැනුම්වත් කිරීම රෝගී වූ පසු බෙහෙත් බොනවාට වඩා කල්තියා සූදානම් වීම සඳහාය.
වැස්සත් සමඟ ගෙට ගොඩ වන ලෙඩ
එක දිගට වැසි තත්ත්වය පැවැතීමේදී දැනෙන අධික සීතල නිසා කුඩා දරුවන් බහුලව සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝගවලට මේ දිනවලදී වැඩිපුර ගොදුරු වනවා අප දැක ඇත. ඉහළ ස්වසන මාර්ගයේ රෝග අතරට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, වයිරස් උණ යනාදී රෝග අයත් වන අතර වැසි ඇරැඹුමත් සමග මෙකී රෝග ව්‍යාප්තිය ඉක්මන් කෙරේ. එසේම පහළ ස්වසන මාර්ගයේ රෝග අතරට නියුමෝනියාව ,ළමා හතිය වැනි රෝග සඳහන් කළ හැකිය.
හතිය උත්සන්න විය හැකිය
වැසි තත්ත්වය නොකඩවා පැවතීමෙන් ඇති වන අධික සීතල නිසා බිළිඳු දරුවන් මේ අවදියේදී ළමා හතිය රෝගයෙන් පෙළීම වැඩි විය හැකිය. ඒ අතරට කොවිඩ් වැළඳුණු ළමයින්ගේ පෙනහලු දුර්වලතාව හා කාලයක් තිස්සේ පැවැති කැස්ස සුව නොවීම නිසාවෙන්ද ළමා හතිය තත්ත්වයට පහසුවෙන්ම ගොදුරු වීමට හැකිය. හතිය රෝගීන්ගේ රෝගී තත්ත්වය මත නිබියුලයිසිස් ප්‍රතිකාරය සේම ඉන්හේලර් ප්‍රතිකාර ක්‍රමද වෛද්‍යවරු විසින් නිර්දේශ කෙරේ. ඒවගේම කලක් සිට හතිය රෝගයට ගොදුරුව සිටි අයකු නම් තමාගේ රෝගී තත්ත්වය මේ කාලයේදී උත්සන්න වීමට ඉඩ නොතබා වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව රෝගය පාලනය කර ගත හැකිය.
සීතල ඔරොත්තු දෙන පරිදි ළමයින්ව හුරු කරවීම
ළමයින්ව නිවසින් බැහැරට රැගෙන යාමේදී සීතල ඔරොත්තු දෙන ඇඳුමක්, සාමාන්‍යයෙන් ඇඳුම් දෙකක්වත් ඇන්ද වීම සුදුසුය. එමෙන්ම වැහි කබායක්, කුඩයක් හෝ තොප්පියක්ද පැළැඳවීමට දරුවාට කියා දෙන්න.
වයිරස් තත්ත්ව නිසා හට ගන්නා රෝග ඉතා ඉක්මනින්ම කුඩා දරුවන් අතර බෝ වීම මේ කාලයේදී ඇරැඹේ. එබැවින් කුමන හෝ දරුවකුට සෙම් රෝගය ඇත්නම් සුව වන තුරු පාසලට ,ළදරු පාසලට නොයවා නිවසේ රඳවා විවේකය ලබා දෙන්න.
ඩෙංගු
වැස්ස කාලෙට වඩාත් දරුණුවට මෙන්ම වසරේ කවර කාලෙක වුවද කලින් කලට හිස ඔසවන මාරාන්තිකම රෝගී තත්ත්වය වන්නේ ඩෙංගුය. එනිසා වැසි කාලයේදී සියලුම දෙනා ඩෙංගු ගැනත් අවධානය යොමු කරන්න. තමාගේ නිවස ඒ අවට වටපිටාව මෙන්ම පාසල ,කාර්යාල පරිශ්‍රයත් මදුරුවන් බෝ වීමෙන් තොර කලාප බවට පත් කර ගත යුතුය. දරුවන් පාසල් යැවීමේදී අත්,පා ආවරණය වන පරිදි දිගු ඇඳුම් ඇඳීම, මදුරු විකර්සක ආලේපන භාවිතය වැනි පුරුදුවලට අනුගත වීම උචිතය.
ගං වතුර සහ පානීය ජල ප්‍රශ්නය
මේ අතර වැසි කාලයේදී රටේ ඇතැම් ප්‍රදේශවලට ගං වතුර තත්ත්වය ඇති වේ. ගං වතුර ගැලීමත් සමඟ පිරිසුදු පානීය ජල ප්‍රශ්නය බරපතළ ගැටලුවකි. එවන් ප්‍රදේශවල ජනතාවට පානය කිරීමට පිරිසුදු ජලය, පිරිසුදු සහ උණුසුම් ආහාර නොමැතිකම නිසාවෙන් තවත් රෝග ගණනාවකටම ගොදුරු වීමට පිළිවන. ඒ අතර පාචනය, අතීසාරය වැනි රෝගවලට පහසුවෙන්ම ගොදුරු විය හැකිය.
අතීසාරය හා පාචනය
බඩඑළිය සමග රුධිරය පිටවීම, වමනය,උණ ගතිය අතීසාරයේ රෝග ලක්ෂණය. පාචනයේ රෝග ලක්ෂණ ලෙස වමනය , බඩඑළිය යාම, බඩ රිදීම, උණ ගැනීම සඳහන් කළ හැකියි. වතුර මෙන් දියාරුවට බඩඑළිය පිට වීම වයිරස් තත්ත්වයක් නිසාද විය හැකියි.
මේ රෝගී තත්ත්ව ඇති වීමට අපිරිසුදු ආහාර මෙන්ම අපිරිසුදු ජලය, දෑත් පිරිසුදු නොවීම, නිසි ලෙස ආහාර වසා නොතිබීමෙන් මැස්සන් ආහාර මත වැසීම වැනි කරුණු හේතු වීමට පුළුවනි.
ඒ වගේම මේ දිනවල පිටතින් ආහාර ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ඒ වෙනුවට නිවසේදී පිළියෙළ කර ගත් ආහාර අනුභවය හොඳම ක්‍රමවේදය ය. නිවසේ පිළියෙළ කළද මඳ රස්නය තිබියදී අනුභව කිරීමට පුරුදු වන්න.
මැසි ,මී ගහණය වැඩිවීමෙන් ඇති වන ලෙඩ
වර්ෂාවත් සමග මැසි ගහණයේද වර්ධනයක් සිදු වේ. මැසි ගහණයේ වර්ධනයෙන් උණ සන්නිපාතය, පාචනය , අතීසාරය වැනි රෝග ව්‍යාප්තිය වේගවත් කෙරේ. ඊට අමතරව මීයන්ගේ ගහණයේ වැඩි වීමක්ද ඇති විය හැකි අතර එය මී උණ රෝගයට අවදානමක් එක් කරයි.
මී උණ අවදානම
උණ, මස් පිඩු වේදනාව, ඇස් රතු වීම, හිසරදය, මුත්‍රා කහ පැහැ වීම, මුත්‍රා යාම අඩු වීම, වමනය, සිරුරේ අප්‍රාණිකත්වය වැනි රෝග මී උණ රෝගයේ ලක්ෂණය.
ඔබ කවරකුට හෝ ඉහත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව ළඟම පිහිටි රජයේ රෝහලකට යොමු වන්න.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
වැස්සෙන් ලෙඩ නොවී ඉමු