සිරුරට ඔරොත්තු නොදෙන දැඩි සීතල ගතියත්, ඉහළ වායුගෝලයේ දුහුවිලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමත් නිසා ඇතිවූ කාලගුණික විපර්යාසයට ඔරොත්තු දීම කුඩා දරුවන්ට සේම වැඩිහිටියන්ටද තරමක් අපහසුය. ඒ අනුව මේ දිනවලදී වයිරස් උණ රෝග සේම ළමා හතිය වැනි ස්වසන මාර්ගයේ රෝගී තත්ත්වද ඉහළ යාමට පටන් ගෙන ඇත. සෙසු දිනවලට වඩා ළමා හතියට ගොදුරු වූ රෝගීන්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ඇත.
ළමා හතිය වැඩි වීමට හේතු කිහිපයක් බලපා තිබේ. එනම් එකපාරටම ඇතිවූ අමුතු සීතල ගතියත්, දුහුවිලි අංශු වැඩි වීමත්, වයිරස් උණ අතරට ස්වසන මාර්ගයේ වයිරස් උණ තත්ත්ව ආදියට පසුව වුවද ළමා හතිය ඇති වීමේ අවදානමක් පවතී.
ළමා හතියට අමතරව වයිරස් උණ රෝගීන්ගේ ඉහළ යාමක්, ඉන්ෆ්ලුවන්සා රෝගීන්, ස්වසන මාර්ගයේ වයිරස් උණ රෝගීන්ගේ වර්ධනයක් දක්නට ඇත. ඉහත රෝගී තත්ත්ව සියල්ලකදිම පාහේ රුධිර පරීක්ෂාවන් සිදු නොකෙරේ. කොවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා තත්ත්ව ආදියේදී පමණක් රුධිර පරීක්ෂණ සිදු කෙරේ.
එමෙන්ම ඉහළ ස්වසන මාර්ගයේ ආසාදන ඇති කරන ‘ රයිනො සහ ඇඩිනො‘ වැනි වයිරස් උණ තත්ත්වද මේ වකවානුවේදී පැතිරීමේ අවදානමක් පවතී. මූලික රෝග ලක්ෂණ ලෙස උණ,හිසරදය, කැස්ස, හෙම්බිරිස්සාව, නහය අවහිර වීම සඳහන් කළ හැකිය. ද්විතීක බැක්ටීරියා ආසාදනයක් ලෙස පහළ ස්වසන මාර්ගයේ ආසාදන තත්ත්වත්, ඉන්ෆ්ලුවන්සා තත්ත්වයට පසු නිව්මෝනියාව දක්වා වර්ධනය වීමද සිදු විය හැකිය. මේ රෝගීන්ට මතුවන ස්වසන අපහසුතාව මත ළමා හතිය වුවද වැළඳීමේ අවදානමක් මතු වේ.
යම් දරුවකුට රාත්‍රියටත් ,දහවලටත් දිගටම කැස්ස ගතිය පවතී නම් ඒ ළමා හතිය නිසා විය හැකිය. එවැනි රෝගීන් සීතල කාලයකදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර හතියට ගන්නා ඖෂධ මේ දිනවලදී එයාකාරයෙන්ම නොකඩවා ලබා ගත යුතුය. ඉන්හේලර් භාවිත කරන රෝගීන් සිටී නම් ඔවුන්ද එය නොකඩවා වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමට උනන්දු වන්න.
කඩින් කඩ වැසි පැවතීම නිසා ඩෙංගු රෝගයද ඉහළ යාමේ අවදානමක් මතු වන නිසා සියලුම දෙනා ඒ ගැනත් අවධානයෙන් පසුවිය යුතුය. දින 03කට වඩා උණ ගතිය කල් අල්ලා පවතී නම් වහාම රුධිර පරීක්ෂාවක් සිදු කර ගන්න. ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ පවතී නම් එබඳු රෝගීන්ද රුධිර පරීක්ෂා සිදු කර ගැනීමට යොමු වන්න. ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ලෙස කැස්ස, හෙම්බිරිස්සාව, වමනය තත්ත්වද ඇතිවීමට පුළුවන. එබැවින් සැක සහිත රෝගීන් නිවැරැදි රෝග විනිශ්චයක් සඳහා සම්පූර්ණ රුධිර පරීක්ෂාවකට යොමු වීම ඉතා වැදගත්ය. මේ අතර උණ ගතිය, දිගටම වමනය යාම සහ හුස්ම ගැනීමට අපහසුතාව පවතින රෝගීන් නොපමාව ළඟම පිහිටි රජයේ රෝහල වෙත යොමු වන්න. එහිදී විජලනය නැවැත්වීමට ප්‍රතිකාර සේම ස්වසනය අපහසු රෝගීන්ටත් අවැසි ප්‍රතිකාර කඩිනමින් ලබා දෙනු ඇත.
මෙහිදී අප මතක තබා ගත යුතු වැදගත්ම කාරණාව වන්නේ අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, ගර්භනී මාතාවන්, දියවැඩියා රෝගීන් සේම කාලයක් පුරා ස්වසන රෝග ඇති අයට ඉන්ෆ්ලුවන්සා වැළඳුණහොත් තත්ත්වය වඩාත් බරපතළ විය හැකියි. එහෙයින් එබඳු රෝගීන් මේ දිනවලදී පෙරටත් වඩා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් පසු විය යුතුය.
කුඩා දරුවන් අතර කැස්ස, උණ,හෙම්බිරිස්සාව පවතින අවස්ථාවලදී ඔවුන්ව පාසල් , පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවන්න. මන්ද වයිරස් තත්ත්ව ඉතා ඉක්මනින් කුඩා දරුවන් අතර පැතිරී යා හැකිය. රෝගී දරුවන්ව නිවසෙහි රඳවා තබා ගනිමින් විවේක ගැන්වීම සිදු කළ යුතුය. රෝග ලක්ෂණ පවතී නම් ඔවුන්ද මුව ආවරණ පැළැඳීමට අමතක නොකරන්න. සීත දේශගුණය ඇති අවස්ථාවලදී රෝගීන්ගේ කාමරයේ දොර ජනෙල් විවෘත කොකිරීමත් කළ යුතුය.
අධික සීතල සේම දූවිලි අංශු වැඩි ප්‍රදේශවල දරුවන් නිවසින් බැහැර වෙද්දී සිරුරේ උණුසුම රැකෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිත කළ යුතුය. ඒ අනුව ඇඳුම් 02ක්, ජැකට් එකක්, ජර්සියක්,තොප්පියක්, අවශ්‍ය නම් අත්වල උණුසුමට අත් මේස් වුවද භාවිත කළ හැකිය. දැනට දුහුවිලි අංශු වැඩි දිස්ත්‍රික්ක ලෙස ගම්පහ, කොළඹ, කුරුණෑගල සහ යාපනය හඳුනා ගෙන ඇති බැවින් ඒ පෙදෙස්වල ජීවත් වන දරුවන් විශේෂයෙන් මේ කාලයේදී දැනුම්වත් වීම, සැලකිලිමත් වීම සහ පරෙස්සම් වීම වඩාත් වටී. එවිට අලුත් කාලගුණ තත්ත්වයට අනුගතව තම දෛනික වැඩ කටයුතු කිසිඳු බාධාවකින් තොරව පවත්වා ගෙන යා හැකිවේ.
නුවරඑළිය වැනි සීතල පැතිවල දරුවන්ට මෙකී දේශගුණ තත්ත්වය හුරු අතර සීතල නුහුරු පැතිවල වෙසෙන අය ඉතාම ඉක්මනින් රෝගී වීමට පුළුවන.
රෝගීවූ දරුවන්ගේ පෝෂණය මෙහි වැදගත්ම මාකෘකාවයි. ඔවුන්ට සිරුරේ අහිමිය ගිය ප්‍රතිශක්තිය නැවත ලබා ගැනීමටත් , ඉක්මනින් සුවපත් වීම සඳහාත් පෝෂණීය ආහාර වේලක් අත්‍යවශ්‍යය. සීත කාලයකදී ශීතකරණයේ ඇති කෑම එපරිද්දෙන්ම ගැනීමට වඩා උණුසුම් කර ආහාරයට ගැනීම කළ යුතුය. පාන වර්ග වුවද මඳ රස්නය තිබියදී ගත යුතු වේ. රෝගීන් නිවසේදී පිළියෙළ කොට ගත් ආහාර හැරුණු කොට කඩ කෑම ගැනීමෙන් වැලකිය යුතුය. මෙවැනි කාලයක රෝගවලට ගොදුරු වනවාට වඩා ඒ ගැන දැනුම්වත්ව ආරක්ෂා වී හිඳීමට අපි සියලුම දෙනා කැප වෙමු.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
සීත කාලෙට රතු එළි දල්වන රෝග