දෛනිකව පිරිසුදු ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීම හොඳ සෞඛ්‍යය පුරුද්දකි. සෛලවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සේම ඔක්සිජන් රැගෙන යාමද ජලය මගින් ඉටු වේ. මළ බද්ධය, වකුගඩු අමාරුව, විජලනය, රුධිර පීඩනය අඩු කිරීම වැනි රෝගාබාධ බොහොමයක්ම සමනය කිරීමේ විස්මිත හැකියාව ජලයෙහි අඩංගුය. නිසි කලට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන අයුරු අද ලිපියෙන් සලකා බැලේ.
01) පිපාසය ඇති වන තෙක් නොසිටින්න.
පිපාසය නිවීම උදෙසා ජලය පානය කිරීමත්, පිපාසය දැනෙන තුරු නොසිට වතුර ප්‍රමාණවත් පරිදි පානය කිරීමත් වැදගත්ය.
02) පිරිසුදු ජලයම පානය කළ යුතුයි.
හොඳින් නටවා උණු කර ගත් ජලය නිවෙන්නට හැර පෙරා පානය කිරීම සදුසුයි.
03) ප්‍රමාණවත් පරිදි ජලය පෙවී ඇත්දැයි බැලීම
පුද්ගලයකුගේ මුත්‍රා තද පැහැයට හුරු නම් පානය කරන ජල ප්‍රමාණය අඩු බව සරලව නිගමනය කළ හැකි වේ.
04) තම භාවිතයට වෙනම ජල බෝතලයක්, කෝප්පයක් තබා ගන්න.
තම ජල අවශ්‍යතාවට සරිලන පරිදි සුදුසු බෝතලයක්, කෝප්පයක් පෞද්ගලික පරිහරණය සඳහා වෙන් කර ගැබීම සුදුසුය. එය මෙවන් වසංගත තත්ත්වයකට වුවද මනාව ගැලපේ.
05) කෙටි වේලාවක් තුළ ජලය ගැලුම් ගණනින් පානය කිරීම ඉතා අහිතකරයි.
පිපාසය දැඩිව දැණුනු වේලාවකදී එය සංසිඳවනු වස් වතුර විශාල ප්‍රමාණයක් එකවර පානය කිරීම ඉතාම අහිතකර විය හැකිය. එය Hypernatremia තත්ත්වයටද හේතු විය හැකිය.
06) නින්දට යන විටදී ජලය පානය කිරීමන් වලකින්න.
රාත්‍රියේදී අපි ජලය පානය කළ යුත්තේ නින්දට සූදානම් වීමට පෙරාතුවයි. නින්දට සූදානම් වන මොහොතේ සිට අපි ජලය පානය කළ හොත් වරින් වර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව මතුවීමෙන් සුව නින්ද අහිමි වනු ඇත.
07) ජලය පානය කිරීම නිසා අපට ලැබෙන වාසි
සම පැහැදිලි වේ. සුදුමැලි ගතිය අඩුවේ. තරුණ භාවය රැකදේ. සමේ බොහොමයක්ම ගැටලුවලින් නිදහස් වීම වැනි සිතේ සතුට දනවන කාරණා බොහොමයකින්ම ඔබ නිදහස් වනු ඇති.
-සටහන- මාධවී ධර්මරත්න
වයස අවුරුදු 20 - 40 අතර පසුවන තරුණ පිරිස් අතර හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාව පසුගිය වසර පහළොව තුළ ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රවණතාව රට පුරාම දක්නට ලැබෙන අතර නාගරික
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සමේ තරුණකම රැක ගන්න හොඳින් වතුර බොන්න