IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


හෘද රෝගීන් කොරෝනාවෙන් ආරක්ෂා වෙන අයුරු

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම්

කොවිඩ් වසංගතයත් සමඟ පොදුවේ සියලුම රෝගීන් මුහුණ දෙන්නේ දැඩි අර්බුදයකටයි. ඒ අතුරින් හෘද රෝගීන් ගෙන බැලුවොත් ඔවුන් බහුතරයකගේම දිවි  පැවැත්ම උදෙසා මුළු ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගත යුතු වේ. මෙවැනි රෝගීන් වසංගත තත්ත්වයත් සමග දැඩි දුෂ්කරතාවලට මුහුණ දේ. එවැනි අසීරු කාල සීමාවකදී හෘද රෝගීන්ට ඇතිවන පොදු ගැටලු කිහිපයක් හා ඒවා නිරාකරණය කර ගැනීමට ඇවැසි උපදෙස් අළලා සැකසුණු ලිපියකි මේ.  

නොකඩවා ඖෂධ ලබා ගැනීම වැදගත්

හෘදයාබාධල හෘද අකරණියල රුධිර පීඩනය හෝ වෙනත් හෘදය ආශ්‍රිත රෝගයකට ඔබ දැනටමත් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයකු නම් එම ප්‍රතිකාර නොකඩවාම ලබා ගත යුතු වේ. කිසිම හේතුවක් නිසාවත් ඔබේ ප්‍රතිකාර වෛද්‍ය උපදෙසකින් තොරව නොගෙන නොසිටීමට වග බලා ගන්න. මෙම කාලයේදී ඖෂධ ලබා ගැනීමේ ල සැපයීමේ හා බෙදා හැරීමේ ගැටලු ඇති විය හැකියි. ඒ අනුව තැපැල් මාර්ගිකව හෝ රෝගියා නොමැතිව වෙනත් කෙනකු රෝහලට පැමිණීමෙන් ආදී කුමන ක්‍රමයකින් හෝ නියමිත ඖෂධ මාත්‍රාව ලබා ගත යුතුයි. ඔබ කොවිඩ් රෝගයෙන් කෙකතරම් දුරට ආරක්ෂා වීමට යත්න දරනවා සේම වසංගත තත්ත්වයකදී ඔබට හිමි ඖෂධ ගැනීමත් ඔබ සතු යුතුකමකි.

හෘද රෝගියකුට කොවිඩ් ආසාදනය වුණොත්.......

පොදුවේ කිව යුතු දෙය නම් හෘද රෝගියකුට කොවිඩ් ආසාදනය වුවහොත් හෘද රෝගී තත්ත්වය සඳහා ඔබ මෙතෙක් ලබා ගත් ඖෂධ එයාකාරයෙන්ම ලබා ගන්නා ලෙසයි. බොහෝ හෘද රෝගීන්ට බලපාන පොදු ගැටලු තිබේ.  ඒ අනුව ඇස්ප්‍රින්, ප්ලොපිඩග්‍රල්, වෝෆ්‍රින් යන ඖෂධ මෙම කාලයේදී භාවිත කිරීම සුදුසුද නැද්ද යන්න බොහොමයකට ප්‍රශ්නයකි. වෛද්‍ය උපදෙස් පරිදි දිගටම මෙකී ඖෂධ භාවිත කළ යුතුයි.
ඇතැම් හෘද රෝගීන්ට ලබා දෙන සමහර ඖෂධ ඔවුන්ගේ දිවි පැවැත්ම උදෙසා බෙහෙවින් ඉවහල් වේ. එවන් ඖෂධ එක වේලක් හෝ දෙකක් නොගෙන සිටීමෙන් මරණයට පවා පත්වීමේ අවදානමක් පවතී. ස්ටෙන්ට් ප්‍රතිකාරය කළ හා ළඟදි හෘදයාබාධයක් වැළඳුණු රෝගීන්ට ඇස්ප්‍රින්, ප්ලොපිඩග්‍රල් කියන ඖෂධ ඉතා වැදගත් වේ. මෙවැනි ඖෂධ සති දෙක තුනකටවත් ප්‍රමාණවත් වන පරිදි අසුරා ළඟ තබා ගැනීම ඉතා වැදගත් වේ.

එන්නත්කරණය මඟ හරින හෘද රෝගීන්......

වසංගත තත්ත්වය උග්‍රව පැතිර ඇති මෙවන් අවස්ථාවකදී කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට හෘද රෝගීන් සුළු දෙනකු මැලිකමක් දක්වනු ලැබේ. යම් හෙයකින් හෘද රෝගියකු කොවිඩ් ආසාදිතයකු වුවහොත් ඉන් ඇතිවිය හැකි සංකූලතා අනෙක් රෝගීන් හා සංසන්දනය කළහොත් ඉතාමත් වැඩියි.
අවදානමක් පවතින සමයක කොවිඩ් මර්දන එන්නත මගින් ඔබට ලැබෙන ආරක්ෂාව උපරිමයි. එන්නත් ලබා දීමේදී හෘද රෝග වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයන් සඳහා රජය ප්‍රමුඛත්වයක් ලබා දෙනු ඇත. එම ප්‍රමුඛත්වයට සාධාරණය ඉටු කරමින් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීම ඔබේ යුතුකමයි. සයිනොෆාම්දල ෆයිසර්ද යන්න එන්නත් වර්ගීකරණයක් නොකොට ඔබට ලැබෙන පළමු අවස්ථාවේදීම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න.

එන්නත ගන්නා කාල සීමාවේදී ඖෂධ නැවැත්වීම

එන්නත ලබා ගන්නා කාලයේදී කුමන ඖෂධ නැවැත්විය යුතුද යන කාරණය සමහරකුට ප්‍රශ්නයක් විය හැකියි. ඒත් විශේෂයෙන් වෝෆරින්, ඇස්ප්‍රින් සහ ප්ලොපිඩග්‍රල් යන ඖෂධ කිසිඳු හේතුවක් නිසාවත් නැවැත්වීමේ වුවමනාවක් නොමැත. වෝෆරීන් ඖෂධය භාවිත වන්නේ රුධිරය කැටි ගැසීම අඩු කිරීමටයි. ඒ අනුව එක් එක් ඖෂධවලට නියමිත එක් එක් කාර්යය ඇත.

එන්නත්කරණය ලබා ගැනීමට සූදානම් වෙන හෘද රෝගීන්  මෑතකදී කළ  INR පරීක්ෂණ වාර්තාවක් ලබා ගෙන වෛද්‍යවරයා හමු විය යුතුය. වාර්තාව නිරීක්ෂණය කරමින් ඔබට එන්නත ලබා ගත හැකි බවත් ඒ මොහොතේදී අපහසුවක් පවතී නම් එන්නත ලබා ගත යුතු ආකාරය ගැනත් ඔබට එවිට වෛද්‍ය උපදෙස් ලබා ගත හැකියි. ඖෂධ ලබා ගන්නවා කියන කාරණය එන්නත මඟහැරීමටවත්, ප්‍රමාද කිරීමටවත්  කිසිඳු විට හේතුවක් කර නොගන්න. එන්නත නොගැනීම ඔබේ ජීවිතයට හානිදායී බලපෑම් ඇති කළ හැකියි.

වෙනත් රෝගීන් හා සංසන්දනය කිරීමේදී හෘද රෝගීන්ට හෘදය ආශ්‍රිත ගැටලු මෙන්ම කොවිඩ් නියුමෝනියාව නිසා මරණය ඇති වීමේ දැඩි අවදානමක් පවතී.

සරලම මාර්ගය ඔබ කොවිඩ් රෝගයෙන් හැකි තරම් ඈත්ව හිඳීමයි. ඔබට කොවිඩ් රෝගය වැළඳීමට හැකි මං අසුරා තබන්න.

සමාජ ආරක්ෂණ ක්‍රම සහ විධි

සමාජ දුරස්ථභාවය මින් ප්‍රධානතම සාධකයකි. පුද්ගල දුරස්ථභාවය මීටරයකට සීමා නොකොට මීටර් දෙකක්වත් එය පවත්වාගෙන යන්න. අනවශ්‍ය ගමන් බිමන් සීමා කොට සමාජයේ අනවශ්‍ය ගැටීම් අවම කළ හැකියි.  ඊට අමතරව මුව වැස්ම නිවැරැදිව පැළඳීමට පුලුවන. දෑත් නිතර පිරිසුදුව තබා ගැනීමට හුරු වන්න.

රෝහල් ගත වීම අඟවන රතු එළි

ඔබට දෛනික වැඩ කටයුතු කර ගෙන යාමේදී වෙනත් රෝග ලක්ෂණයක් නොදැනේ නම් කිසිඳු අපහසුතාවක් නොමැති නම් සුපුරුදු පරිදි ඔබ ගන්නා ඖෂධ නොකඩවාම භාවිත කරන්න. මාස 06ක් 07ක් යනතුරු ඔබ වෛද්‍යවරයකු හමු වී නොතිබිය හැකියි. ඒත් ඔබට දැනෙන විශේෂිත වූ රෝග ලක්ෂණයක්  හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම්, නිදා ගෙන සිටින විට හුස්ම ගැනීමේ අපහසුවක් දැනී ඇහැරෙනවා නම්, ඇවිදින විට පපුවේ කැක්කුම එනවා නම් , ඇවිදින විට දහදිය දමා අපහසුව දැනී ඇවිදීම නතර කිරීමට සිදු වේ නම් වැනි  ලක්ෂණ තිබේ නම් නොපමාව වෛද්‍යවරයකු හමු විය යුතුය.

එසේම හෘදයාබාධයකදි දැනෙන රෝග ලක්ෂණ, පපුවේ හෝ ඒ ආශ්‍රිත පෙදෙසේ දැනෙන කැක්කුම, තදවීමක්, හිරවීමක් හෝ අසාමාන්‍ය ආකාරයෙන් දහදිය දැමීම වැනි රෝග ලක්ෂණ ඇත්නම් කොවිඩ් රෝගය වැළඳේ යැයි බියට රෝහලකට යාම ප්‍රතික්ෂේප නොකරන්න. මෙවන් අවස්ථාවකදී ගිලන් රථ සේවාවක් හරහා හෝ සම්බන්ධ වෙමින් අනිවාර්යයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති නම් ළඟම ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු විය හැක.

සමහර විට ඔබ නිවසේ නිරෝධායන කාලසීමාවක හිඳීමට පුලුවන. කොවිඩ් ආසාදිතද නැද්ද යන කාරණය අදාල කර නොගෙන හෘදයාබාධයක් වැළඳීමේ ලක්ෂණ පෙන්නුම් කරයි නම් හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. හෘද රෝගීන් සඳහා කෙරෙන කැතීටකරණ පරීක්ෂණ සුපුරුදු පරිදි කිරීමට කළ නොහැකි නිසා රුධිර කැටි දිය කිරීමේ ප්‍රතිකාර ක්‍රමය දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසා ඇත. ඒ අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා කුඩා රෝහල්වලටත් අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

අතරමැදි සහ ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථානවලටත් අනුයුක්ත වී සිටින හෘද රෝගීන් ගැන බිය විය යුතු නොවේ. මන්ද වෛද්‍ය අධීක්ෂණ, ප්‍රතිකාර ක්‍රම සිදු කෙරෙන ස්ථානයක ඔවුන් රැඳී සිටීම ආරක්ෂිත හෙයිනි.

කොවිඩ් -19 වසංගතයක් ලෙස රට පුරා කෙතරම් දුරට පැතිරී තිබුණත් හෘද රෝගීන් සඳහා කළ හැකි උපරිම ප්‍රතිකාර ක්‍රම ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් වයිරසය වැළඳීමට ඇති ඉඩකඩ අවම කරමින් සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වී සිටී. එබැවින් මෙවන් අසීරු වකවානුවකදී අපි ඉල්ලන්නේ ආයාසයෙන් ඔබ රෝගියකු නොවී සිටීමට කටයුතු කරන ලෙසයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

හෘද රෝගීන් කොරෝනාවෙන් ආරක්ෂා වෙන අයුරු

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 617 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


අම්මලාට ලෙඩ වැඩි වෙන්න ප්‍රධාන හේතුව
2024 අගෝස්තු මස 28 1190 0

ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?


පියකරු මුහුණක් - සිතට සතුටක්
2024 මැයි මස 31 1034 0

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න


වයස අවු. 40 ට වැඩි නම් ප්‍රෙෂර් බලාගන්න
2024 මැයි මස 06 2112 1

වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 2398 1

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මුලින් හැඳුනා ගැනීමෙන් පිළිකාව පරදන මග
2024 මාර්තු මස 21 1075 0

පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 456 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 689 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1956 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site