අප බොහෝ දෙනකුම නිරෝගී හදවතක් උරුමව ඉපදීමට වරම් ලැබුවෝය. එහෙත් කල් යත්ම වයසින් සේම උස් මහත්ව අප වැඩෙද්දී හදවතේ නිරෝගීකම එයාකාරයෙන් පවත්වා ගෙන යාමට අපට හැකිද? සාම්ප්‍රදායික සේම සෞඛ්‍ය සම්පන්න ආහාර හා ජීවන රටාවකට හුරු වී සිටි අපි අද වන විට ඒ රටාවෙන් ඔබ්බට ගමන් කොට ඇති සෙයකි. ඒ වෙනුවට අධික ලුණු, තෙල්, සීනි මෙන්ම රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සපිරි අලුත් ආහාර රටාවකට අනුගත වෙලා නේද?
ඒ වගේම ශරීරයට ව්‍යායාමයක් නොලැබෙන තරමට අඩුම ගානේ අපට අපේ සෞඛ්‍ය ගැනවත් සිතිය නොහැකි තරමටම කාර්යබහුල වී ඇත. එපමණක්ද දුම්පානය සේම විවිධ විස බාහිරින් ශරීර ගත වන පරිදි මත්ද්‍රව්‍යවලටත් හුරු වී ඇතුවාට සැක නැත. මෙවැනි ජීවිතවලට අත් වෙන ඉරණම ගැන ඔබ හොහොතකටවත් සිතුවාද?
හෘදය සහ රුධිර වාහිනී සම්බන්ධ රෝග ඒ කියන්නේ අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාග වැනි රෝගවලින් ලෝකයේ පුද්ගලයන් වසරකට මිලියන 186ක් මිය යති. ලොව සිදුවන මරණ බොහොමයකටම හේතුව හෘදය සහ රුධිර වාහිනී ආශ්‍රිත රෝගාබාධයි. එමෙන්ම ලෝකයේ මිලියන 520ක ජනගහණයක් මෙම හෘදය සහ රුධිර වාහිනී සම්බන්ධ රෝගවලට ගොදුරුව ජීවත් වෙති. එය ලෝක තත්ත්වය වුවද අපේ රටටත් පොදු කරුණකි.
එමෙන්ම අප අද මුහුණපා සිටින කොරෝනා වසංගතය හමුවේ වැඩිපුරම මිය යන්නෙත් අධික රුධිර පීඩනය, හෘදයාබාද, ආඝාතය වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන් බව ඔබට තවදුරටත් රහසක් නොවෙයි.
එපමණක්ද තරබාරුව, අධික කොලෙස්ට්‍රෝල් මට්ටම , රුධිරයේ අධික සීනි මට්ටම , වායු දූෂණය, දියවැඩියාව, පිළිකා වැනි තත්ත්ව මෙන්ම කාලික ස්වසන රෝග ඇති වීමේ අවදානමද නුදුරේදීම අපට අත්විඳීමට ලැබෙනු ඇත. මේ කාලයේ අප මුහුණ දෙන බෝවන රෝග වසංගතයේ වින්දිතයන් වන්නට වැඩි අවදානමක් ඇත්තේද මෙවැනි රෝගීන්ටයි.
අද නිරෝගීව ගත කළද දිගු කාලීන අහිතකර ජීවන රටාව නුදුරේදීව ඔබව බෝ නොවන රෝගියකු බවට පත් කිරීමේ ජීවිත අවදානම කෙතරම් බරපතළද? නිරෝගීකම ගිලිහී හෘද රෝගියකු, දියවැඩියා රෝගියකු, පිළිකා රෝගියකු, ඇදුම වැනි රෝග ඇති ස්වසන රෝගියකු වශයෙන් ජීවිතය ගෙවන්නට සිදු වීම කෙතරම් දුකක්ද?
තවදුරටත් අප සිතුවොත් විශේෂයෙන් ඔබේ දරුවාද කුඩා කල සිටම මේ අවදානම මත යැපෙන්නෙකි. ඔබ අප සැමගේ සිහිනය නිරෝගී දරුවකු ලොවට දායාද කරන්නට නම් ඒ සඳහා යෝග්‍ය පියවර අද දිනයේදී දැමිය යුතු වේ.
දියුණු තාක්ෂණික මෙවලම්වලට හුරුව ඇති ඔබට සේම ඔබේ දරුවාටත් නිසි කායික ව්‍යායාමයක් අද ලැබෙන්නේ නැති තරම්ය.
මෙබඳු දියුණු ලෝකයක සිටින අපට මොන ව්‍යායාම්ද කියා ඔබට සිතෙන්නටත් පුලුවනි. එසේම රැකියාව , පාසල් ගමන නැතුව නිවෙසටම කොටු වූ ඔබ මානසික නොසන්සුන්තාවෙන් පෙළෙනවා වන්නටත් හැකියි. එසේත් නැතිනම් තම ආදරණීයන් වසංගතයට ගොදුරුව ඔබද හුදෙකලාව සිටින්නකු විය හැකියි. තවද නිදන්ගත රෝගයකින් පෙළෙන ඔබ එදා සුළු වෙනසකට හෝ වෛද්‍යවරයකු වෙත ගියද අද වසංගතය හමුවේ ඒ සියල්ලටම දැඩි සීමා පනවා ගෙන ඇත. එපමණක් නොව ඔබේ ඖෂධ නිසි පරිදි භාවිත කිරීමට අවකාස නැති සමහර විට වෙනදා මෙන් ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දී ඇති අයකු වන්නට පුලුවනි.
එවැනි පසුබිමක ඔබට ඔබේ ආදරණීයන් හට , සමාජයට පිහිටක් විය හැකි තත්ත්වයක ඔබ සිටිනවාද ? එවන් අසීරු අවස්ථාවකදී ගත කරන දුෂ්කර කාලවලදී පවා අපේ සන්නිවේදන ප්‍රවේශවල වටිනාකම මතුවේ.
සන්නිවේදන ප්‍රවේශ ලෙස ස්ථාවර හෝ ජංගම දුරකතන, පරිගණක. රූපවාහිනය, ගුවන් විදුලිය, පුවත්පත්, දැන්වීම් පත්‍රිකා ආදී ඕනෑම මාධ්‍යයක් යොදා ගත හැකියි. මේ සෑම දේකින්ම සෞඛ්‍යයට හිතකර පණිවුඩ අන්‍යයන් දැනුම්වත් තිරීම උදෙසා හුවමාරු කර ගත හැකියි.
හෘදයාබාධවලින් වැලකී නිරෝගීව සිටීමට, සමබල ආහාර වේලක අවශ්‍යතාව, තෙල් - ලුනු- සීනි අධික ආහාර භාවිතය අඩු කිරීමෙන් සැලසෙන වාසි, දිනකට අවමයෙන් පැයක් පමණ මිඩංගු කර නිවසේ හෝ එළිමහන් ව්‍යායාමයක නිරත වීමෙන් ලැබෙන ප්‍රතිඵල මේ ආදී ලෙසින් සෞඛ්‍ය පනිවුඩ සන්නිවේදනය කිරීම මගින් කුඩා දරුවා, තරුණ තරුණියන් සහ වැඩිහිටියන් පවා දැනුම්වත් කළ හැකිවේ.
එමෙන්ම හුදෙකලා වූවන් තවත් හුදෙකලා නොකර ආදරණීයන් හා සම්බන්ධ කිරීමට දුරකතන වැනි මාධ්‍ය යොදා ගැනීම මගින් ඔවුන්ගේ මානසික මට්ටම යහපත් කිරීම, මානසික ආතතිය දුරු කිරීම වුවද කළ හැකිය. එමෙන්ම රෝගී තත්ත්වයකට භාජන වූවන් අදාල රෝහල් වෙත හෝ සෞඛ්‍ය නිලදාරීන් වෙත යොමු කිරීමට ඖෂධ ලබා ගත හැකි ස්ථාන ගැන දැනුම්වත් කිරීම, ප්‍රජාව වෙත යහපත් සෞඛ්‍ය පනිවුඩ හුවමාරු කිරීමට නූතනයේ දියුණු තාක්ෂණික මෙවලම් භාවිත කළ හැකිය. එය මෙවන් වසංගත කාලයකදී ඉතා යෝග්‍ය වනු ඇත.
ඔබ අප සියලු දෙනාම සමීපතමයන් මෙන්ම අසල්වාසීන් පොදුවේ සියලු ප්‍රජාවන් වෙත ඔවුන්ගේ දිවි සුවපත් කිරීම උදෙසා කටයුතු කරමු. වසංගත කාලයකට ඔරොත්තු දෙන පරිදි හැඩ ගැසෙමු.
-සටහන- මාධවී ධර්මරත්න
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
හදවත් රෝගවලින් වැලකී සුවැතිව හිඳිමු