ගම්පහ,කැලණිය, සහ මීගමුව පොලිස් කොට්ඨාසයන්හි කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 138 දෙනකු අතුළු විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවු බව බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
වරෙන්තුකරුවන් අතර පුද්ගලයින් 95 ක් පොලීසිය සහ අධිකරණය මගහරිමින් සිටි පිරිසක් වන අතර, 43 දෙනකු දින වරෙන්තුකරුවන් වේ.
එමෙන්ම සැකකටයුතු පුද්ගලයින් 19 දෙනකු සහ හෙරොයින් , ගංජා , නීතී විරෝධි මත්පැන් අලෙවිය ආදී වැරදි සම්බන්ධව පුද්ගලයින් 141 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මෙහෙවීමෙන් ගම්පහ, කැලණිය, සහ මීගමුව යන පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සිදු කර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් එම ප්‍රදේශයන්හි අධිකරණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
යාපනය පුම්බුහාර් ප්‍රදේශයේ නිවසක අඹුසැමි ආරවුකදී සැමියා ඝාතනය කලේ යැයි සැක පිට බිරිඳ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
ගම්පහ,කැලණිය, සහ මීගමුව පොලිස් කොට්ඨාසයන්හි කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 138 දෙනකු අතුළු විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 දෙනකු අත්අඩංගුවට ගැනී
කොටහේන ප‍්‍රදේශයේ තනිව වාසය කළ වෛද්‍යවරයකුගේ අත්පා බැඳ දෑසට මිරිස්කුඩු ගසා හිසට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුව
මහරගම පන්නිපිටිය ඇරැව්වල මැණික් ව්‍යාපාරියකු සතුව තිබු රුපියල් කෝටි 700 පමණ වටිනා දියමන්තිය හා මැණික් ගල් කිහිපයක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙ
රත්ගම පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිමට පැමිණි බව කියන මෝටර් රථයද මාතර ප්‍රදේශයේ තිබියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (27) සවස සොගෙන
ආණමඩුව මහ උස්වැව මැරුංගොඩ හත් වන ගම්මානයේ වාරි ඇළක තිබු සිවිල් ආරක්ෂක නියාමකයකුගේ මළ සිරුරක් අද ( 30 ) සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 ක් අත්අඩංගුවට