‘‘ආදර්ශවත් සරල දිවිපෙවතක් ගතකළ දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමියන් ගිහිxපැවිදි සියලූ දෙනාගේ ආදර ගෞරවයට පාත‍්‍ර විණැයි’’ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
කතානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ ශෝක පණිවුඩයේ මෙසේ සඳහන්ය.
නූතන භික්‍ෂුවංශාවලිය අතිශයින්ම ශෝභමාන කළ පුරා ශතවර්ෂාධික කාලයක් ස්වකීය පින්බර පූජනීය දිවි පෙවෙත ශාසනාභිවෘද්ධියත් ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිසත් කැප කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක සාහිත්‍යශූරි, සාහිත්‍ය චක‍්‍රවර්ති, භාෂාන්තර විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජනීය ශ්‍රී දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන්වහන්සේගේ අපවත්වීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම දැරිය නොහැකි පාඩුවකි. ශීලයෙන් අගතැන්පත් ධර්මධර විනයධර පරමාදර්ශී මහා තෙර නමක් වූ අප නාහිමියෝ පාණ්ඩිත්වයෙන් අද්විතීය වූහ.
‘‘චරථ භික්ඛවේ චාරිකං’’ ‘‘බහුජන හීතාය බහුජන සුඛාය’’ යන බුදු වදනට අනුව අනලස්ව ලෝකයේ විවිධ ප‍්‍රදේශවලට වැඩම කරමින් ශාසනික මෙහෙවරෙහි යෙදුණු අප නාහිමියෝ ස්වකීය කීර්ති කදම්භය දේශ දේශාන්තරයන්හිද පැතිර වූහ. විශේෂයෙන්ම ධර්ම ග‍්‍රන්ථකරණය උන්වහන්සේගේ පාණ්ඩිත්‍ය ඔප් නැංවූ අතර සංස්කෘත භාෂා දැනුමෙහි උන්වහන්සේ හා සම කළ අන් පඬිවරයෙකු අප යුගයෙහි දක්නට නොවූහ. සංස්කෘත චක‍්‍රවර්තී, ග‍්‍රන්ථ විශාරද, භාෂාන්තර විශාරද, ජින ශාසන කීර්ති, ශ්‍රී සද්ධර්ම ජෝතික ධජ ආදී සම්මානයන්ට පාත‍්‍ර වූ උන්වහන්සේ බහුශ‍්‍රැතභාවයෙන් සසුන්කෙත බැබළවූහ.
උන්වහන්සේගේ පුරෝගාමීත්වයෙන් වෙහෙර විහාරස්ථාන සහ ධර්මාධ්‍යාපන ආයතන රැසක් ස්ථාපනය කෙරුණු අතර අප නාහිමියෝ ඒ සියල්ලෙහි වගකීම් ස්වකීය ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිසට භාර කර ශාසනික සේවයෙහිම යෙදුණහ.
ආදර්ශවත් සරල දිවි පෙවෙතක් ගත කළ උන්වහන්සේ තුළ තිබූ ප‍්‍රසන්න බවත්, නිහතමානී ගුණයත්, පරිත්‍යාගශීලීත්වයත් නිසාම ගිහි පැවිදි සියලූ දෙනාගේම ආදර ගෞරවයට නිරන්තරයෙන් ලක්වූහ.
විශේෂයෙන්ම ත්‍රෛනිකායික නායක ස්වාමීන්වහන්සේලා සමග ඉතාම සුහදව කටයුතු කරමින් සංඝ සාමගි‍්‍රය වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ දැක්වූ දායකත්වය සුළුපටු නොවේ. උන්වහන්සේ ස්වකීය පරම පූජනීය දිවි පෙවෙත නිමා කරමින් දැයෙන් සමුගන්නා මේ මොහොතේ මෙවන් කෙටි සටහනක් එම ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇගයීමට ප‍්‍රමාණවත් නොවුනද අප නාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව මාගේ බලවත් සංවේගය මෙයින් ප‍්‍රකාශ කරමි.
ගල්ගමුවේ දළ පුට්ටුවා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා සහ ඝාතනය සිදු කළ ගිනි අවිය සමඟ අත්අඩංග
මැනවින් පිළිපන් ඍජු ගුණය සිය දිවි ගුණය බවට පත් කළ උත්තරීතර මහනාසමිඳුගේ සිරිතෙහි බිඳක් මනසෙහි රුවා ගැනීම දිවි පෙවෙතකට එළියක් දෙවන්නකි. අමතන මහ වදන් සිත
ජීවත් වූ එක මොහොතක් හෝ අපතේ නොහැර සමස්ත ලෝවාසීන්ගේ උන්නතිය උදෙසා දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමියන් සිදුකළ කාර්ය භාරය ජීවත්වෙන සියලූ දෙනාටම පරමාදර්ශයක
‘‘ආදර්ශවත් සරල දිවිපෙවතක් ගතකළ දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමියන් ගිහිxපැවිදි සියලූ දෙනාගේ ආදර ගෞරවයට පාත‍්‍ර විණැයි’’ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහ
අපවත්වී වදාළ දවුල්දෙණ ඤාණිස්සර අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියන් සම්මුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ සේවය රටවැසියන්ගේ සිත්හි බොහෝ කාලයක් රැඳෙනු ඇ
පරසිදු ඌව පළාතේ දවුල්දෙණ ග‍්‍රාමයේදී එගම්වැසි ආලෝක මුදියන්සේලාගේ කවුරාල උපාසක මහතා හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යුවතිපතීන්ට ධන්‍ය පුණ්‍ය ලක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම දැරිය නොහැකි පාඩුවක්