මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ දී තමන්ට එම ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කළ හැකිද ? එම ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය, මිනිස් ශ්‍රමය, යන්ත්‍ර සූත්‍ර යනාදි භෞතික සම්පත් තමන් සතුව ඇත්නම් පමණක් මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කරන මෙන් ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.
ඉදිරියේ දී මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී දැනට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලුම කොන්ත්‍රාත් සමාගම්වල කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන ලෙස ද අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. ප්‍රේමසිරි මහතාට උපදෙස් ලබා දී තිබේ.
නියමිත දිනට මාර්ග සංවර්ධන ව්‍යාපෘති අවසන් නොකිරීම නිසා කාලය සහ මහජන මුදල් විශාල වශයෙන් අපතේ යන බැවින් ඉලක්ක ගත සංවර්ධන කටයුතු අඩාල වන බැවින් ඉදිරි මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී කොන්ත්‍රාත්කරුගේ කාර්ය සාධන වාර්තා පිළිබඳ පුළුල් අධ්‍යනයක් කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට තවදුරටත් උපදෙස් දී ඇත.
055
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා ස
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මහමාර්ග ඇමැතිගෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්