(තිළිණි ද සිල්වා)
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
මෙම මුඛ ආවරණ පරිත්‍යාග කිරීමේ උත්සවය කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් සහ සිංගප්පූරු රජය නියෝජනය කරමින් සිංගප්පූරුවේ නිර්වේතනික කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එහිදී එම පරිත්‍යාග බාර ගනිමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කියා සිටියේ මෙම වටිනා පරිත්‍යාගය තුළින් කාලෝචිත ලෙස පිළිබිඹු කෙරෙන හොඳහිත පිළිබඳව ටෙමාසෙක් පදනම සහ සිංගප්පූරු රජය වෙත සිය අවංක ස්තූතිය පළ කරන බවය.
සිංගප්පූරු රජය වෙනුවෙන්, සිංගප්පූරුවේ නිර්වේතනික කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මාස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ටෙමාසෙක් පදනම එක්ව මෙම පරිත්‍යාගය ලබා දෙන ලද්දේ ආරම්භක පියවරක් ලෙස බවත්, ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබා දීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත්ය.
ජාත්‍යන්තර ටෙමාසෙක් පදනම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය,සංස්කෘතිය, ප්‍රජා ගොඩනැඟීමේ කටයුතු යනාදිය සඳහා සහාය වන සිංගප්පූරු රාජ්‍ය ස්වෛරී අරමුදලෙහි ලාභ නොලබන සංවිධානයකි.
ලිවින්ගාර්ඩ් තාක්‍ෂණය භාවිතා කරන ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයින්ගෙන් එකක් වන මාස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් මෙරටට පිරිනැමුණු මෙම මෙම ලිවිංගාර්ඩ් මුඛ ආවරණ නිෂ්පාදනය කර ඇත.
මෙම ලිවිංගාර්ඩ් තාක්‍ෂණයට ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන රෙදිපිළි ඇතුළත් වන අතර, ඊට ශ්වසන වායුවෙහි පවතින විවිධ විෂබීජ කාර්යක්ෂම ලෙස විනාශ කිරීමට හැකියාව ඇත. මෙම නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රලාභී ලිවින්ගාර්ඩ් ප්‍රතිවෛරස තාක්‍ෂණය භාවිත කර ඇති අතර, එය විෂ රහිත හා නැවත භාවිතා කළ හැකි බවට සහතික කර ඇත.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා ස
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභ
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සිංගප්පූරුවෙන් ලංකාවට මුඛ ආවරණ මිලියනයක්