IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අගුළු වැටුණු මෝටර් රිය හිස් කිරිපැකට්ටුවෙන් ඇරලා

රුපියල් කෝටි ගණනක් වටිනා මෝටර් රථයකට වඩා හිස් කිරිපිටි පෙට්ටියක් වටිනා බව පෙන් වූ තරුණයකු හෝකන්දර හන්දියේදී දැකගත හැකිවිය. හතරමං හන්දියෙන් එක්පැත්තකට මහරගමය. අනෙක් පැත්ත මාලබේය. තලවතුගොඩට සහ අතුරුගිරියට අනෙක් පාරය. නවීන පන්නයේ මිලෙන් ඉහළම වූ මෝටර් රථයක් එක්වරම හතරමං හන්දියේ නතර කළේය. ඒ මෝටර් රථයේ පිටුපසින් යමක් වදිනු ඇසීමෙනි. ඇන්ජිම පණගැන්වී තිබියදීම ඉන් බැසගත් පුද්ගලයා වාහනයේ පිටුපස පරික්ෂා කර බලා නැවතත් වාහනයට ගොඩවන්නට දොර ඇරියේය. පුදුමයකි දොර ස්වයංක‍්‍රීයාව අගුළු වැටී තිබිණි. විනාඩි 15 ක් පමණ ගත විය හතරමංහන්දිය සතර අතටම වාහන තදබදය කිලෝමීටරයක් පමණ දිගු විය. ඒත් සමගම අවට සිටිය වුන් බැණ වදින්නට ද විය. මොනවද මහත්තයෝ කරන්නේ ඇක්සිඩන්ට් වුණා නම් පාර ලකුණු කරල  ඕක අයින් කර ගන්නකෝ. ඇතැමෙක් කීහ. ඒ අනතුරින් එක් පුද්ගලයෙක් සිද්ධිය වටහා ගත්තේය. ඔහු තම ජංගම දුරකථනයෙන් යමෙකුට ඇමතුමක් ලබා දුනි. හරි හරි දුරකථනය විසන්ධි කළේය. කවුරු හරි හිස් කිරිපිටි පෙට්ටියක් හොයලා තියන්න මේ කේ දොර අරින්න පුළුවන් කෙනෙක් විනාඩියෙන්  එනවා. ඒත් සමගම මජං සහිත ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් යතුරු පැදියකින් එතැනට ආවේය. කෝ කෝ කාඞ් බෝඞ් පෙට්ටිය ගෙනාවද මෙහාට දෙන්න. කිරි පිටි පෙට්ටිය හතරට නමා යම් හැඩයක් සැකසුවේය. එතැන් පටන් ඔහුට ආවේණික ක‍්‍රමවේදයකින් රියැදුරු අසුන ඇති පැත්තේ වීදුරුවකින් කාඞ් බෝඞ් කැබැල්ල හිර කළේය. යාබද යකඩ බඩු වෙළෙඳ සලකින් කම්බියක් ගෙන අගුල වැටී තිබූ දොර විවර කළේය. දැන් හරි මහත්තයෝ දොර ඇරුණා. මේ වාහන ලෝකේ කොහේ හැදුවත් මහත්තයෝ අපේ ලංකාවේ මොළකාරයන්ට මේවා හිස් කිරිපිටි පෙට්ටියක් තරම්වත් වටින්නේ නෑ. එසේ කියූ ඔහු යතුරු පැදියේ නැගී පිටව ගියේය.



අදහස් (0)

අගුළු වැටුණු මෝටර් රිය හිස් කිරිපැකට්ටුවෙන් ඇරලා

පිටිගල Friday, 30 November 2012 09:22 PM

මේ දවස් වල නම් පාන් භාගයක් සීට් එක උඩ තියලා ගියත් දොර ඇරලා ඒක අරන් තියෙයි. (නි)

:       0       0

වරුණ Friday, 30 November 2012 09:17 AM

එල කොල්ලෙක්නේ ? මේ වගේ අයට අත දෙන්න කවුරුවත් නැති එකයි දුක (ස)

:       0       0

උදය Friday, 30 November 2012 03:16 PM

වාහනයක් පාරේ නවත්තලා යන්නත් බය හිතෙනවා (දී)

:       0       0

චන්න Friday, 30 November 2012 09:22 AM

වාහන වලට වෙනම අගුලක් හදන්න වෙයි වගේ (දී)

:       0       0

දීප්ති Friday, 30 November 2012 03:33 PM

මම නම් මගෙ කාර් එක ඇරගන්නෙ අඩි කෝදුවකින්. තප්පර කිහිපයක් යන්නෙ. කාර් මොඩලය කියන්නෙ නැත්තෙ මේ වගේ කාර් පාවිච්චි කරන අයට ආරක්ශාව ගැන ගැටළු එන නිසා. (ස)

:       0       0

ෆෙරෝස් Sunday, 02 December 2012 10:50 AM

ඔන්න අපේ වැඩකාරයෝ , තෑග්ගක් දෙන්න ඕනි .(ස)

:       0       0

උදිත් Friday, 30 November 2012 03:48 PM

මින් පසු කිරි පැකට් විසි කරන්න එපා (දී)

:       0       0

මුතුකුඩ Saturday, 01 December 2012 07:22 PM

මල්ලි, ඕක හොද පැත්ත වාගේම තමයි නරක පැත්තට ගියොත්. කොයිකටත් මල්ලිගෙන් පරිස්සම් වීම ඇගට ගුණයි. (නි)

:       0       0

සේනක Wednesday, 05 December 2012 06:37 AM

අපේ කට්ටියගේ වැඩ නම් කතා කරන්න එපා (දී)

:       0       0

විජේ Friday, 30 November 2012 10:39 AM

ස්තූතිය වත් නැද්ද කොල්ලට (ස)

:       0       0

බන්දුල Tuesday, 04 December 2012 08:02 AM

මේක ඒ තරම් සුභ නොවෙයි (දී)

:       0       0

හිරු Thursday, 06 December 2012 09:39 AM

ලොකු උදව්වක් කරලා තියෙන්නේ (ස)

:       0       0

මාරියා Friday, 30 November 2012 10:54 AM

මේ මිනිස්සුන්ට ඇත දෙන්න ඕනේ (දී)

:       0       0

සජී Saturday, 01 December 2012 12:59 PM

ඔයානම් මාරයි මල්ලී (ස)

:       0       0

ජීවන් Saturday, 01 December 2012 12:59 PM

මෙවන් ක්‍රම තුලින් ඔප්පු වෙන්නේ ලංකාවේ කොල්ලෝ දක්ෂ බව නොවෙයිද (දී)

:       0       0

තිලාන් Saturday, 01 December 2012 01:23 AM

මෙයට කිරි පිටි පැකට් එකක්ම වුවමනා නැහැ වගේම මෙහි ඇති ආකාරයට අමුතු ක්‍රමවේදයක් අනුගමනය කිරීමද අවැසි නොවේ. උවමනා කරන්නේ අගුල ඇති තැනට උඩින්, වීදුරුව සහ දොර අතරින් නවා ගත් කම්බියක් ඇතුළු කීරීමට ඉඩක් සාදා ගැනීම පමණි. පත්තර කොළ කිහිපයක් හෝ කුඩා ලී පතුරක් උවද මේ සඳහා සෑහේ. ඉන් පසු කම්බි කොක්ක වීදුරුව සහ දොර අතර සාදා ගත් ඉඩෙන් ඇතුළු කර අගුලේ ලීවරය ඇදීමෙන් දොර විවර කල හැක. බටහිර රටවල මෙවැනි සේවා සපයන ආයතන පවා ඇත. ඔවුන් වාහනය ඇති තැනට පැමිණ මෙවැනි සේවා සපයන අතර වාහන සොරුන්ද මේ ක්‍රමය අනුගමනය කරයි. (නි)

:       0       0

දයාරත්න Sunday, 02 December 2012 02:10 PM

කොහොමද අපේ වැඩ (දී)

:       0       0

සරත් Friday, 30 November 2012 11:28 AM

එල එල අපේ අය කොහොමත් මේ වගේ දේවල් වලට දක්ෂයි (ස)

:       0       0

ප්‍රදීප් Saturday, 01 December 2012 05:24 AM

කොල්ලා රජ බඩුවක් නේ (ස)

:       0       0

සමන්ත Saturday, 01 December 2012 07:27 AM

දක්ෂයාට අත හිත දෙන්න ඕනේ (දී)

:       0       0

රෝහණ Friday, 30 November 2012 05:27 PM

මේ කොල්ලන්ව අපි දිරි ගන්නන්න ඕනේ (දී)

:       0       0

අමිත් Tuesday, 04 December 2012 10:42 AM

මමත් කාර් එකක් ගන්න ඉන්නෙ. (දී)

:       0       0

ප්‍රගීත් Tuesday, 04 December 2012 10:51 AM

සමහරු ඉන්නවා, තමන්ට වැඩක් කරන්න බැරි නිසා කවුරුවත් ගණන් ගන්නෙත් නෑ. කෙනෙක් කළාම ඒක දරා ගන්නත් බැරුව "ඕවා මැජික් නෙවෙයි" වගේ කතා කියනවා. (ස)

:       0       0

විශ්ව Friday, 07 December 2012 01:24 PM

කරපු උදව්ව වැදගත් යොදාගත් උපක්‍රමයට වඩා (ස)

:       0       0

අශෝක Sunday, 02 December 2012 04:59 PM

අයියෝ ඕවා මැජික් නෙමෙයි (ස)

:       0       0

නුවන් Tuesday, 04 December 2012 10:48 AM

එක් අයෙකු දෙයක් කළ විට "මටත් පුළුවන්", "මමත් දන්නවා" යනුවෙන් කියන අය සමාජයේ බහුලය. (ස)

:       0       0

ජීවන් Saturday, 01 December 2012 02:45 PM

තිලාන් සහ රසෝල් යමක් කමක් දන්නා අය වන අතර අනෙක් අයට මෙය මැජික් බව පෙනී යයි. (ස)

:       0       0

ප්‍රගීත් (හික්කඩුව) Friday, 30 November 2012 06:03 PM

රාවණා රජුන්ගේ පරම්පරාවෙන් එන අපිට මොනවද බැරි. නියම කොල්ලෙක්. (නි)

:       0       0

රොහාන් Tuesday, 04 December 2012 11:18 AM

බනින්න නොවෙයි අගය කරන්න ඕනේ මෙවැඩ (දී)

:       0       0

චන්ද්‍රසිරි Friday, 30 November 2012 01:11 PM

ඔහු වගේම ඔහුව මෙහෙයවපු කෙනාටත් මේ ‍ගෞරවය හිමි වෙන්න ඕනි (ස)

:       0       0

බන්ඩා Monday, 03 December 2012 01:09 PM

ලෝකේ කාටත් බැරි වැඩ අපේ කොල්ලන්ට පුළුවන් (දී)

:       0       0

රොහාන් Tuesday, 04 December 2012 11:24 AM

වාහනයක් ගන්න හිටියා මම එපා උනා මේවා අහුවහාම (දී)

:       0       0

විසල් Friday, 30 November 2012 06:45 PM

මම මිට පස්සේ කිරි පැකට් බිලා විසි කරන්නේ නැහැ (දී)

:       0       0

ප්‍රවීන් Friday, 30 November 2012 01:29 PM

සිංහලයට බැරි මොනවද ආයුබොවන්ඩ..? (ස)

:       0       0

සෙනරත් Friday, 30 November 2012 06:55 PM

කිරි පැකට් එකකට ඒ තරම් දෙයක් කරන්න පුලුවන්ද (දී)

:       0       0

සුමේධ Friday, 30 November 2012 07:03 PM

මේක රැකියාවක් කරගත්ත අයත් ඉන්නවා. (නි)

:       0       0

සනත් Saturday, 01 December 2012 10:04 AM

ලංකාවේ අපේ ගොල්ලන්ගේ වැඩ ගින්දර වගේ (ස)

:       0       0

ලාල් මිල්ටන් (මාළදිවයිණ) Friday, 30 November 2012 01:44 PM

මල්ලි මෙයාගේ ගම ගාල්ල බව දැණගන්න (ස)

:       0       0

පුලස්ති Saturday, 01 December 2012 04:19 PM

කොහොමද අපේ වැඩ කාරයෝ (දී)

:       0       0

නාලක Saturday, 01 December 2012 10:07 AM

කිරි පිටි වෙළඳ දැන්වීමකට නියමයි නේ ..(ස)

:       0       0

සම්පත් Friday, 30 November 2012 02:05 PM

මේ මිනිස්සු පරිස්සම් කර ගන්න මොකද අමරිකාවලින් ජපානෙන් මේ මිනිස්සු ගන්න ඉඩ තියෙනවා (දී)

:       0       0

කෝලිත Friday, 30 November 2012 02:25 PM

මම මින් පස්සේ පාරේ බස් එකේ යනවා (දී)

:       0       0

රසෝල් Saturday, 01 December 2012 10:51 AM

අපෝ ඕක ලොකු දෙයක් නෙමෙයි...ඔතන කිරිපිටි පෙට්ටිය නෙමෙයි වැදගත් භාවිතා කර කම්බිය ..(ස)

:       0       0

ප්‍රසන්න Monday, 03 December 2012 09:37 PM

කොහොමද ලෝකේ දක්ෂයෝ ඉන්නේ ලංකාවේ (දී)

:       0       0

රුක්ෂාන් Saturday, 01 December 2012 10:48 AM

මෙවන් මිනිස්සුන්ට අත දුන්නොත් කොහොමට තියෙයිද (දී)

:       0       0

සමන්ත Monday, 03 December 2012 02:54 PM

අශෝක දන්නේ මොනවද ? (ස)

:       0       0

සරත් Friday, 30 November 2012 08:49 AM

මේ වගේ අය බලය ආවොත් ගොඩ (ස)

:       0       0

පුබුදු Friday, 30 November 2012 08:50 AM

ලංකාවේ නියම මොලකාරයෝ ඉන්නවා. සමහරු ඒක යහපතට ඒක යොදවනවා . අනිත් අය ඒක යොදවන්නේ අයහපත‍ට (ස)

:       0       0

කුමාර Friday, 30 November 2012 09:06 PM

නියම මනුෂ්‍යයෙක්. (නි)

:       0       0

කිර්ති Friday, 30 November 2012 09:02 PM

මෙවන් අය අල්ලා හිරේ දන්නේ නැතිව මේ අයගේ දක්ෂතා ඉස්මතු කළා නම් කොහොමද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 315 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 502 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1022 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 881 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2321 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 806 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site