IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අඟර දඟර මිස් කෝල් එක කැලණි ගඟේ

ඔහු පෞද්ගලික ආයතනයක සේවකයෙකි. දිනක් ඔහුගේ දුරකතනයට ‘මිස් කෝල්’ එකක් ලැබුණි. දිවා ආහාරයේදී ඔහු එම දුරකතන අංකයට කතා කළේය. “මේ නොම්බරෙන් මිස් කෝල් එකක් තිබුණා” ඔහු පැවසීය.


පිළිතුරු ලැබුණේ කාන්තාවකගෙනි. “අයියා මට වැරදිලයි එහෙම වුණේ. අයියා කොහේද? ඇය විමසුවාය. ඔහු තම ගම් ප්‍රදේශය පැවසීය. සේවය නිමාවී නේවාසිකාගාරයට ගිය ඔහුට නැවත මිස් කෝල් එකක් ලැබුණි. ඔහු කතා කළේය. 


“මොකද මිස් කෝල් ගහන්නේ?” ඔහු විමසීය.


“අයියා මගේ ෆෝන් එකේ සල්ලි නැහැ. රීලෝඞ් එකක් දානවද” ඇයගේ ආයාචනය විය. අනුකම්පා  කළ ඔහු රුපියල් සීයක රීලෝඩයක් දැමීය. පසුදින ඇය ඔහුට කතාකොට “අයියා මට කරදරයක් වෙලා මගේ රත්තරං මාලේ උකස් කරලා බේරගන්න රුපියල් දොලොස් දාහක් ඕනෙ. බැරිද මට උදව් කරන්න” යනුවෙන් විමසුවාය. 


කිසිදා නොදුටු නාඳුනන කාන්තාවක් මෙසේ විමසීමෙන් ඔහු මවිතයට පත්විය.“හොඳ වැඩක් කරන්නම්” තමාටම කියාගත්  හෙතෙම “මම ඔෆීස් එකෙන් රුපියල් පනස් දාහක ලෝන් එකක් ඉල්ලලයි තියෙන්නේ. ඒක ලැබෙන්නේ දෙසැම්බර් මාසේ අන්තිමට.” ඔහු බොරුවක් පැවසීය.


එවිට ඇය, “එහෙනම් අයියේ මම රුපියල් දොළොස් දාහක් පොලියට ගන්නදැයි” විමසුවාය. 


“දැන්ම ගන්න එපා. වැඬේ හරි ගියාම මම ඔයාට කියන්නම්.” ඔහු කීය. දිනපතාම ඔහුට ඇමතුම් ලැබුණි. තම සැමියා  මියගොස් ඇති බවත් දරුවන් විවාහවී ඇති බවත් ඇයව හමුවන ලෙසත් ඇය පැවසුවාය. 


එනපොට හොඳ නැති බව ඔහුට වැටහිණි. තම සිම්පත ඉවතට ගත් හෙතෙම එය ගලකින් තලා කැළණි ගඟට විසි කළේය. සේද වත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.


ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර. 



අදහස් (0)

අඟර දඟර මිස් කෝල් එක කැලණි ගඟේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 9 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 760 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 770 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1137 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9455 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site