කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
මාළු මිලදී ගැනීමට ගොස් ඉලක්කමක පල හිලව්වක් නිසා සැමියා විසින් බිරිඳගේ කටට පහර දීමේ සිද්ධියක් කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මෙම අඹුසැමි යුවළ වයස අවුරුදු 60 සහ 52 වයස් කාණ්ඩවල පසු වූ දෙදෙනෙකි. දෙදෙනාම කුකුල් කේන්ති කාරයෝය. සැමියාට සේම බිරිඳටද හොස්ස අගින් මැස්සා යන්නට බැරිය. මුලින්ම සැර වචන වට්ටෝරුවකින් සටන ආරම්භ කරගෙන පසුව ගුටි බැට හුවමාරු කර ගැනීමකින් සටන අවසන් කර ගැනීම මෙම දෙදෙනාගේ සාමාන්‍ය පුරුද්දකි.
සැමියා තම නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ප්‍රධාන පාරක් අබියස සුළු වෙළඳ ව්‍යාපාරයක් කරගෙන සිටින්නෙකි. ඔහු උදේ වෙළඳසලට පැමිණ නැවත නිවසට යන්නේ හවස් වරුවේය.
එදින මාළු මිලදී ගැනීමට අවශ්‍ය බව බිරිඳ පැවසූ අතර මාළු ලොරියක් පැමිණියහොත් නිවසට එවන ලෙස සැමියාට දැනුම් දුන්නාය.
ඒ අනුව මුහුදු මාළු අලෙවි කරන ලොරි රථයක් ඔහුගේ වෙළඳසල අසල නතර කරගත් ඔහු, හුරුල්ලෝ කිලෝ එකක මිල විමසා රුපියල් අටසීයක් බව දැනගෙන ඒ බව බිරිඳට දුරකථනයෙන් දැනුම් දුන්නේය.
“ඔන්න මං දැන් මාළු ලොරියක් ගෙදරට එවනවා. හුරුල්ලෝ කිලෝ එකක් රුපියල් 800යි. ඇති ප්‍රමාණයක් අරගන්න. මම ලොරිය ආපහු එනකොට මගේ කඩෙන් ඒ අයට හවස සල්ලි දෙන්නම්”යැයි බිරිඳට දුරකතනයෙන් දැනුම් දුන්නේ මාළු වෙළෙන්දන් බොහෝ දෙනෙකු ඔහු හොඳින් දන්නා හඳුනන අය නිසාවෙනි.
හවස් වෙද්දි මාළු ලොරිය පැමිණ ඔහුගේ කඩය ළඟ නැවැත්විය. මාළු මුදලාලි ඔහුගෙන් රුපියල් 2400ක් ඉල්ලුවේය. මුදලාලිට තරු පෙනුණි.” මේ එළදෙන කිලෝ තුනක් මොකට අර ගත්තද මන්දා”යැයි කේන්තියෙන් පුපුරු ගසමින් සිතා මුවින් නොබැන මාළු මුදලාලිට මුදල් ගෙවා පිටත් කළේය.
වෙළඳසල වසා සැමියා නිවසට ගොස් මාළු කිලෝ තුනක් ගත්තේ අහවල් එකට දැයි දැඩි ස්වරයෙන් බිරිඳගෙන් විමසීය.
එයට පිළිතුරු දුන් බිරිඳ, “ඇයි වදේ, කිලෝ එකක් සීයයි කිව්වහම කිලෝ තුනක් නෙවෙයි හරි නම් කිලෝ පහක් විතරයි ගන්න තිබුණේ” යැයි ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නාය.
“කවුද යකෝ කිලෝ එකක් සීයයි කිව්වේ මම කිව්වේ කිලෝ එකක් අටසීයයි කියලනේ” සැමියා කියනවාත් සමගම බිරිඳ පැවසුවේ” ඔහේ කිව්වේ මට සීයයි කියලනේ” කියමින් පිළිතුරු දුන්නාය.
ගෝරිය හෝ ගාලා නැගලා ගියේ ය. සැමියා අට සීයයි කියපු ගාන බිරිඳට ඇසී ඇත්තේ “අට”ලොප් වෙලාය. කෙසේ හෝ දෙන්නා අතර ගුටිබැට හුවමාරුව ජයටම කෙරී ගිය අතර එය අවසන් වූයේ බිරිඳගේ තොල් දෙක බලා සිටිද්දීම හුළං ගැසූ ටියුබ් එකක් තරමට ඉදිමි ආ පසුවය.
මේ සිද්ධිය අසල්වැසි නිවෙස්වලට සුටුස් ගා පැතිර ගියේය. දැන් ඔවුන්ගේ ගම හරහා “මාළු මාළු මාළු” කියමින් යන ලොරි දකින විට බිරිඳ දොර වසා ගන්නවාලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අට ලොප් වී බිරිදගේ කට තලලා
රිතික් Friday, 18 October 2024 12:53 PM
දැන් අසල්වැසි තරුණයින් අක්කේ හුරුල්ලෝ කීයදැයි ඇයගෙන් විමසනවිට ඇය හොඳ ලුණු ඇඹුල් ඇතිව ඔවුන් අමතනවලු.