කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඇහිලූ ජංගම දුරකතනය ලබාදී අඩියක් ගසා රත්වීමට සිහින මැවූ අයකුට සිය කන් අඩිය පමණක් රත් කරගන්නට සිදුවූ අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
නගරයේ වාණිජ බැංකුවක් අසල බිම වැටී තිබුණු වටිනා ජංගම දුරකතනයක් ඔහු අසුලා ගත්තේය. තමා වටිනා ජංගම දුරකතනයක් අහුලා ගත් බව ඔහු එසැණින්ම වාගේ මිතුරකුට පෙන්වා කීවේය.
“මේක මාර වටින ජංගම දුරකතනයක්. අයිති එක්කෙනාට මේක නම් නිකන් දෙන්න හොඳ නැහැ. මේ ජංගම දුරකතනය දෙන්න නම් හවසට අඩියක් පුඩියක් ගහන්න ගානක් ඉල්ලගමු” යැයි මිතුරා ඔහුට කීවේය.
“හැබෑනේ ඒකනම් යස අදහස. මේ දවස්වල හවසට හවසට වහින හින්ද අද හවසට ඇඟ රත්කර ගන්න කීයක් හරි ඉල්ලගමු” යැයි කියමින් ඔහු ද ඒ අදහස අනුමත කළේය.
ගතවූවේ ටික වේලාවකි. අහුලාගත් ජංගම දුරකතනයට ඇමතුමක්ය. සම්බන්ධ වූයේ ඔහුය. ඇමතුම දුරකතනය හිමි ළඳගෙනි. ‘ඔය මගේ ජංගම දුරකතනය, මට ඒක දෙන්න පුළුවන්දැ’ යි ළඳ ඇසුවාය. “හපොයි දෙන්න පුළුවන්. මේක මම ඇහින්දේ බැංකුව ළඟ තිබිලා... ඉතින් අපට මොනවා හරි කරන්න ඕනෑ” ඔහු කීවේය. “ඔයාට කීයක් විතර ඕනැ ද..?” ඇය ඇසුවාය. බෝතලය සහ බයිට් එකට යන ගණන් සංසදනය කළ ඔහු ඒ සදහා රුපියල් තුන් දහසක මිලක් නියම කළේය.
“අයියෝ තුන්දහසට පන්දාහක් දෙන්නම්. කොතනද ඔයා ඉන්නේ...?” ඇය යාප්පුවෙන් ඔහුගෙන් ඇසුවාය. ඉන්න තැන ඇය අසා ගත්තාය. ඔහුත් මිතුරාත් දැන් ඉන්නේ ජංගම දුරකතනය අයිති කාන්තාවගෙන් ලැබෙන මුදලින් අඩියක් පුඩියක් ගසා හවසට ඇඟ රත් කර ගැනීමේ සිහින මව මවමිනි.
අපේක්ෂාවෙන් සිටියේ ළඳකි. එහෙත් ඔහු දුන් තොරතුරු ඔස්සේ එතැනට ආවේ අඩියක් ගසා සිටි හැඩි දැඩි තරුණයෙකි. “මගේ නෝනගේ ජංගම දුරකතනය තමයි ඔයා අහුලලා තියෙන්නේ... ඒක මට දෙන්න” තරුණයා ඉල්ලීය. “මල්ලී එහෙම නිකම්ම කරන්න බැහැනේ ....අපට ඉතින් තුන්දාහක්වත් දෙන්න. අපිත් ඉතින් කනබොන මිනිස්සුනේ...” කියමින් ඔහු තරුණයාගෙන් මුදල් ඉල්ලීය.
“හරි.. හරි.. සල්ලි දෙන්නම්... ඉස්සරවෙලා දුරකතනය දෙන්න...” තරුණයා ඔහුගෙන් ඉල්ලීය. ඒ අනුව ඔහු අහුලාගත් ජංගම දුරකතනය තරුණයා අත තැබීය. ජංගම දුරකතනය අතට ගත් තරුණයා එතැනින් යෑමට සූදානම් වූවේය.
තරුණයාගෙන් ඔහු යළිත් මුදල් ඉල්ලුවේය. තරුණයාට මල පැන්නේය. ඒ සම්බන්ධයෙන් ඇතිවූ පොඩි කතා බහකින් අනතුරුව තරුණයා අඩියක් ගැසීමට සිටීමට සිටි ඔහුගේ කන් අඩිය අත ගෑවේ උතුර දකුණ මාරු වන්නටය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අතට ආ වාසනාවෙන් ඇඟ රත්කර ගන්න ගිහින් කන රත් කරගෙන