(පස්ගොඩ තිලක් එච්. ගමගේ)
හෙතෙම මෝඩ පහේ ගැමියෙකි. ගොවිතැන් වැඩ හා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූයේය. කලකට පසු ගෙවත්තේ මුරුංගා ගසේ පළදාව සරුවිය.
මුරුංගා කරල් කඩා එය මිටියක් බැඳ සකසා ගත්තේ පසුදා රැයින්ම සතිපොළට යායුතු බැවිනි. පොළට එන වෙළෙන්දෝ උදේ රැයින්ම බඩු මිළදී ගැනීමසිදු කරති.
එළවළු පළතුරු කෙසෙල් කැන් ගොරක කරුංකා, කරාබුනැටි, ගම්මිරිස් යනාදිය මිලදී ගැනීමට දුර පළාත්වල සිට වෙළෙන්දෝ රැසක් මෙම පොළට සතිපතා පැමිණෙති.
මුරුංගා මිටිය පොළට ගෙන ගොස් විකුණනතෙක් ඔහුට ඉස් පාසුවක් නැත. දුෂ්කර කඳු ප්‍රදේශයක්වූ මෙහිසිට කිලෝමීටර් 2 1/2ක් පමණ පයින්ම පොළට යා යුතුය. රාත්‍රි ආහාරය ගත් ඔහුට නින්දක් නොවීය. බැරි වෙලාවත් නින්ද යාවියැයි බිය නිසා ඔහු බොහෝ වේලාවක් නිදි වර්ජිතව ගත කළේය. වේලාව ගත වන්නේ හෙමින් යැයි ඔහුට සිතේ.
රාත්‍රි 12 පහු වන්නට ඇත. ඔහු පන්දමක් රැගෙන බරට බරේ මුරුංගා මිටියද කර තබාගෙන පිටත් වූයේය.
පොළට යනවිට එහි පැවතියේ පාළු බවකි. ෂහ් මං ආව වෙලාව වැඩියි. ඔහුට ඉබේම කියැවිණි.
පොළ අසල වසා තිබූ කඩයක ස්තෝප්පුවට ගොඩවී මුරුංගා මිටිය එහි තැබූ ඔහු විඩා හැරියේය. කිසිවකු එහි බිම නිදා සිටිනු පෙනුණි. මුරුංගා මිටිය අසලින් ඔහුද බිම දිගා වුනේ විඩාපත් බව නිසාය.
රැය පුරා නින්දක් නොමැතිව සිටි මොහුට යාන්තම් නින්ද යාගෙන ආවා පමණි.
අදයි අදින්නේ. අදයි අදින්නේ යැයි ශබ්දයෙන් අන්ද මන්ද වූ ඔහු තම මුරුංගා මිටියට වැඬේ දෙන්න හදනවා යැයි සිතා කව්ද යකෝ මගේ මුරුංගා අදින්නේ යැයි කෑ කැසීය.
ඔහුගේ කෑ ගැසීමට එහි නිදා සිටි පුද්ගලයාද අවදි වුනේය.
ඔහු දෙස කෝපයෙන් බැලූ ගොවියා පුළුවන්නම් එක මුරුංග කරලක් ඇදපන් බලන්න. මං උඹ ඉතුරු කරන්නෙ නෑ යි කීය.
නිදාසිටි පුද්ගලයා බිරාන්තව ඔහු දෙස බලා ඇයි අයියා මොකක්ද ප්‍රශ්නෙ?
ප්‍රශ්නෙ. තමුසෙ මගේ මුරුංගා ටික අදිනවා කිව්වේ. ඒකයි ප්‍රශ්නෙ.
පිස්සුද අයියේ ඔයාගේ කෑගැහිල්ලටමයි මට ඇහැරුණේ. ඔයාට වැරදීමක්.
එහෙනම් තමුසෙ කිව්වේ අදයි අදින්නේ කියලා.
වට පිට බැලූ ඔහුට කාරණය පැහැදිලි විය. තමා හීනෙන් දොඩවන්නට ඇතැයි සිතුණි.
අසල තිබූ ලොතරැයි ටිකට්පත් සහිත බෝඞ් එක ඔසවා පෙන්වා අයියේ මම ලොතරැයි විකුණන්නෙක් මම නින්දෙන් දොඩවන්න ඇතියි පැවසීය.
සිදුවීම වටහා ගත් ගැමියා මුරුංගා මිටිය යළි කරට ගත්තේ ඇතිවූ ලැජ්ජාව නිසාය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අදයි අදින්නේ’ හඬට ‘අදින්නා දාන’ කාරයා හොල්මන්වෙලා
arschfikaa Saturday, 15 December 2018 02:58 PM
තව ටිකකින් ඔය මුරුංගා ගොවියාට හැම දේම නැති කරගන්නවා.