පෙමට හරස් වූවා යැයි පවසා සිය මවගේ රන් මාලය රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසකට උකස් තබා රුපියල් විසිපන්දහස බැගින් මිතුරන් හත් දෙනෙකුට බෙදා දී පෙම්වතියගේ වැඩිමල් සහොදරයාට පහරදීමට සැලසුම් කළ තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 25 හැවිරිදි තරුණයෙක් සිටියේය. මෙම තරුණාගේ පියා විදේශ රටක රැකියාවක් කරයි. තරුණයා මව හා බාල සහෝදරියන් දෙදෙනා සමග නිවසේ පදිංචිව සිටින මෙම තරුණයා රැකියාවක් නොකර ගමේ මිතුරන් ඇසුරු කරමින් සිටින්නේය.
මෙම තරුණයා ගංජා උරන්නට ඇබ්බැහි වූවෙකි. නිවසට උදව්වක් උපකාරයක් නොකරන ඔහු සිය පියා විසින් මවට එවන ලද මුදල් සොරකම් කරගෙන ගොස් ගමේ මිතුරන් සමග ගංජා උරන බව ද වාර්තා වෙයි. මව කිහිප අවස්ථාවකදීම මත්ද්‍රව්‍ය පානය කරන පුතා බේරා ගැනීමට උත්සහ කළ ද එය ද නිශ්ඵල විය.
ඔහු කලක සිට අල්ලපු ගමේ ඇඟළුම් ආයතනයක සේවය කරන තරුණියක් සමග සම්බන්ධතාවක් ගොඩ නගාගෙන සිටියේය. මේ සම්බන්ධතාව වැඩි කලක් යන්නට පෙර තරුණියගේ මහනුවර රැකියාවක් කරන වැඩිමල් සහෝදරයා දැන ගත්තේය.”නංගි උඹ අර කොල්ලත් සමග පවත්වන සම්බන්ධතාවය නතර කරපන්, උඹට ඒකා ගැළපෙන්නේ නෑ. මොකද ඒකා ගංජා ගහනවා. උඹ ඕක නතර නොකළොත් මම බලා ගන්නම්” වැඩිමල් සහෝදරයා අවස්ථා කිහිපයකදීම සම්බන්ධතාව නතර කරන ලෙස තරුණියට දැන් වුවද ඇය ද ගණන් ගන්නේ නැතිව දිගටම සම්බන්ධතාව පවත්වාගෙන ගියාය. සිය සහෝදරයා සම්බන්ධතාවට අකමැති බව දන්වමින් දිනක් ”ඔයා ටිකක් පරෙස්සමින් ඉන්න” තරුණිය තරුණයාට කෑගල්ල නගරයේ දී හමු වූ අවස්ථාවක දී මේ බව පැවසුවාය.
පසුව තරුණයා පෙම්වතියගේ වැඩිමල් සහෝදරයාට හිතවත් පිරිසක් යොදවා ඔහුට පහරදීමට සැලසුම් කළේය. පහරදීමට නම් එක් පුද්ගලයකුට රුපියල් 25000 බැගින් හත් දෙනෙකුට අවශ්‍ය බව එක් තරුණයෙක් පැවසීය.
අතේ සතේ නැතිව ඉන්න තමන් එක් පුද්ගලයෙකුට රුපියල් 25000 ගානේ දෙන්නේ කෙසේ ද? යන්න සිතු තරුණයා පියා විසින් මවට විදේශ රටකින් ගෙනත් දී තිබු පවුම් හතරක් බර රන් මාලය සොරකම් කරගෙන ගොස් කෑගල්ල නගරයේ උකස් මධ්‍යස්ථානයකට හිතවත් පුද්ගලයෙකු ලවා රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලකට උකස් කර හත් දෙනාට 25 000 බැගින් බෙදා දී පෙම්වතියගේ වැඩිමල් සහෝදරයාට මග රැක සිට පහර පිට පහර දෙන ලෙස දිනක් පැවසීය.
පසුව නිවසේ අල්මාරියේ තිබු රන් මාලය දිනක් අතුරුදන්ව ඇති බව දැන ගත් මව ඒ පිළිබඳ තරුණයාගෙන් විමසීමක් ද කළාය. මුල් අවස්ථාවේ දී තරුණයා පැටලි පැටලි තමන් රන් මාලය නොගත් බව දන්වමින් මවට බොරු බේගල් කීවේය. නිවසට පිටස්තර පුද්ගලයකු නොපැමිණි බවත් අනිවාර්යයෙන්ම පුතා ගන්න ඇති බවත් සැක සිතු මව තරුණයාගේ කටට උත්තර දී මීට දින කිහිපයකට ඉහත දී සියල්ල හෙළි කර ගත්තාය.
මව බැංකුවක තැන්පත් කර තිබු රන් මාලය මුදල් වලින් පොලිය ලෙස රුපියල් 12000 ක් සමග රුපියල් එක් ලක්ෂ අසු හත් දහසක් දී බේරාගෙන ඇති බව ද වාර්තා වෙයි. පහර දෙනවා යැයි පවසා රුපියල් 25 000 බැගින් ගත් තරුණයන් හත් දෙනා ද පෙම්වතියගේ වැඩිමල් සහොදරයාට පහර නොදී ඔවුන් ද ලබා ගත් මුදල් වලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව ද වාර්තා වේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනාගත මස්සිනාට වැඩක්දෙන පැලෑන වැරදී අතේ මාට්ටු
sampath Saturday, 31 October 2020 05:06 PM
මෙ වගේ මිනිස්සු එක්ක යන ගෑණුන්ටයි තලන්න ඔනේ...