IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අනංගයා පුංචි කෙල්ලට ඇමක් දාන්න ගිහින් පොලිස් කූඩුවේ

බාලවයස්කාර දැරියක සමග පෙම් සබඳතාවක් ඇතිකර ගැනීමට උත්සාහ කර පොලිස් කූඩුවේ ලගින්නට සිදුවූ හතලිස් නව හැවිරිදි සිව් දරු පියෙකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.

කඩවසම් සිරුරකට හිමිකම් කියන මොහු කාන්තාවන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන පුද්ගලයකු බවට මිතුරන් අතර දැඩි ප්‍රසිද්ධියක් ලබා ඇත. කුමන හෝ මාර්ගයකින් මුදල් ඉපයීමට උපන් හපන්කමක් ඇති අයකු වන අතර ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් පිළිබඳව ද හසල බුද්ධියක් ඇති අතර ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම ඉන් ජය ලැබීමේ වාසනාවක්ද ඔහුට උරුමව ඇති බවද පැවසේ.

ස්ථිර රැකියාවක නොයෙදුනත් සෑම අවස්ථාවකම ඔහු අතේ මුදල් තිබුණි. තරබාරු සිරුරකට හිමිකම් කියන දැකුම්කළු කාන්තාවක සමග විවාහ වී සිටි අතර ඇය නිතරම කාගේ හෝ අඩුපාඩුවක් පෙන්වා එය විවේචනය කිරීමට ද පුරුදුව සිටියාය.

මෙම පුද්ගලයා සිය හිතවතකුට ගත් දුරකතන ඇමතුමක අංකයක් වැරදීමෙන් වෙනත් අයෙකු වෙත ඇමතුම ගිය අතර එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ තරුණියකි. තරුණිය සමග කතාබහ කිරීමට ආසාවක් ඇතිවුණු ඔහු නිතර ඒ සඳහා උත්සාහ ගත්තේය. දියණියගේ දුරකතනයට එන ඇමතුම් කිහිපයක් පිළිබද ප්‍රශ්නයකට මුහුණ පා සිටි මවුපියෝ ඒ සඳහා නීතියේ පිළිසරණ පැතූහ.

පොලිසිය දියණිය සහ මවුපියන් කැඳවා සිද්ධිය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේදී වැඩිහිටි අනංගයා දැරියගේ දුරකථනයට ඇමතුමක් ලබාදුන්නේය. වහා ක්‍රියාත්මක වූ නිලධාරිනියක් දැරිය ලෙස රඟපාමින් ඇමතුමට ප්‍රතිචාර දැක්වූවාය. නිලධාරිනියගේ ප්‍රතිචාරය හමුවේ ආදරයෙන් වල්මත් වූ අනංගයා ඇයට යම් ස්ථානයකට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බව පැවසේ.

සිවිල් පුද්ගලයන් ලෙස වෙස්වලාගත් නිලධාරින් කිහිපදෙනෙකු සමග දැරිය ද බස් රියකට නංවාගත් පිරිස අදාළ ස්ථානයට ගොස් තිබේ. තරුණිය එනතෙක් වාහනයක් ද තබාගෙන සිටි පුද්ගලයා දැරිය දැක ඉමහත් සතුටට පත්ව ඇය සිය වාහනයට නංවා ගැනීමට සූදානම් වන අවස්ථාවේ නිලධාරින් ඔහු අල්ලාගත් බව වාර්තා වේ.

දැරියක රැවටීමට උත්සාහ කළ මිතුරා පොලිස් කූඩුවේ බව දැනගත් මිතුරෝ ඒ බව ඔහුගේ බිරිඳට ද පැවසූහ. සිද්ධිය ආරංචි වූ බිරිඳ යක්ෂාරූඪව මිතුරන්ටද බැණ වැදුනාය. දැරියට හානියක් සිදු නොවීම නිසා ඇයගේ මවුපියන්ගේ ඉල්ලීම මත අනංගයාට සමාව හිමිවූ අතර දැඩි අවවාද කිරීමකින් පසුව ඔහු මුදාහළ අතර සිද්ධිය ලැව්ගින්නක් සේ ප්‍රදේශය පුරා පැතිරයාමෙන් සැමියාගේ කැරැට්ටුව ගම පුරා පැතිරුණේය. බිරිඳ නිවසින් පිටතට නොයන අතර සැමියා ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් ද වැළකී ඇතැයි පැවසේ.

හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන



අදහස් (0)

අනංගයා පුංචි කෙල්ලට ඇමක් දාන්න ගිහින් පොලිස් කූඩුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 387 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 413 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 637 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 647 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1091 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 915 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site