IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


‘අප්පච්චි’ කියන්න ගිහින් රෙදි ගලෝගෙන

නිසි පරිදි වචන භාවිත නොකිරීම නිසා පිරිසක් ඉදිරියෙහි ලජ්ජාවට පත්ව එම වරද නිවැරදි කරගත් කාන්තාවක පිළිබඳ පුවතක් මාතර ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
දෙදරු මවක වූ ඇය ළාබාල පෙනුමෙන් යුතු කාන්තාවකි. ඇයගේ සේවා ස්ථානය ග්‍රාමීය පෙදෙසක වූ අතර ජීවත් වූයේ නාගරික පරිසරයේය. පසුගිය දිනෙක තම සේවා ප්‍රදේශයේ පැවැති උත්සවයක් සඳහා ඇයටද ආරාධනා ලැබුනේ ඇය සමාජයේ යම් මට්ටමක සිටි නිසාවෙනි.
නියමිත දිනයේ ඇය එම උත්සවයට පැමිණියේ තම ස්වාමිපුරුෂයා සමගිනි. ඒ පැමිණි වේලාවේ සිටම ඇය ඔහුට අමතනු ලැබුයේ අප්පච්චි යනුවෙනි. මෙය උත්සවය සංවිධානය කළ අයටද වරින් වර ඇසිනි.


නියමිත වේලාවට උත්සව කටයුතු ආරම්භ කළ අතර  පිළිගැනීමේ කතාවේදී නිවේදක මහතා විසින් ඇය හඳුන්වා දෙනු ලැබූයේ ඉතා දුරබැහැර සිට තම පියා සමග මේ අවස්ථාවට පැමිණි මෙම මහත්මිය  සාදරයෙන් පිළිගන්නා බවයි.
මෙය ඇසීමෙන්  පුදුමයට පත් එම කාන්තාව තම සැමියා දෙස බැලු‍වේ දැඩි අපහසුතාවයෙනි. ඔවුන් දෙදෙනා දැඩි අසීරුතාවයෙන් සිටිනු දුටු මොවුන්ගේ වගතුග දන්නා පුද්ගලයකු නිවේදක හරහා වරද නිවැරදි කළද ඒ වන විටත් ඔවුන් බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක්ව තිබුණි.
මින් පාඩමක් උගත් ඇය ඉන් පසු කිසි දිනෙක තම ස්වාමි පුරුෂයාට අප්පච්චි කියා ආමන්ත්‍රණය නොකිරීමට වගබලා ගත් බව දැනගන්නට ලැබුණි.

කඹුරුපිටිය විශේෂ -  කේ. අජිත්



අදහස් (0)

‘අප්පච්චි’ කියන්න ගිහින් රෙදි ගලෝගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 214 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 459 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1006 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site