IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අපාය බලන්න ආ තරුණියන්ගේ අත් ඇල්ලූ යම පල්ලන්ට ගුටි

හෝමාගම නගරයට නුදුරු ගමක පෙන්වූ අපාය දර්ශන රැගත් බිංගෙයකි. බිං ගෙයට ඇතුළුවීමට තිබුණේ මකර කටකිනි.
 බිංගෙට ඇතුළුවූ අවස්ථාවේ පටන් දක්නට ලැබුණේ අපායේ දර්ශනයන්ය. අපායේ දර්ශන දැක බියෙන් හා ත‍්‍රාසයෙන් ඇළලී ගියේ වැඩිපුරම කුඩා දරුවන් සහ තරුණියන්ය.
බිංගෙය අවසානයේ මහ වළකි. වළේ දර්ශනය වූයේ යම පල්ලන් වැරදි කළ නරයන්ට දෙන දඬුවම් ය. එම දර්ශන දුටු තරුණියන් පිරිසක් බියෙන් ඇලලී ඇස් වසා ගෙන යාමට සැරසෙනවාත් සමග වළ ඇතුළේ සිටි යම පල්ලන් පිරිසක් තරුණියන්ගේ අතින් අල්ලා ඇද්දාලූ. ඒ බව දුටු තරුණ පිරිසක් යමපල්ලන්ට නොසෑහෙන ලෙස අතින් පයින් සංග‍්‍රහ කළාලූ.



අදහස් (0)

අපාය බලන්න ආ තරුණියන්ගේ අත් ඇල්ලූ යම පල්ලන්ට ගුටි

සරසි Thursday, 30 May 2013 06:17 PM

නිල්මිණි දන්නා හෝමාගම. ඊට වැඩිය කැළණිය හොදයි. (නි)

:       0       0

අනුර Friday, 31 May 2013 09:58 AM

හොමගමත් අපායක් වෙලාද? (ස)

:       0       0

විපුල් Saturday, 01 June 2013 11:31 PM

අපායට යන්නේ කොහොමත් මේ වගේ අයනේ. (නි)

:       0       0

උපුල් Thursday, 30 May 2013 02:02 PM

අයියෝ යමපල්ලා (දී)

:       0       0

දයා අළහකෝන් Thursday, 30 May 2013 09:39 AM

යම රජුරුවන්ට පැමිණිලි කළේ නැද්ද? (නි)

:       0       0

ඇසල Thursday, 30 May 2013 02:14 PM

මට ආරංචි වුන විදියට නම් යමපල්ලන්ට ගහලා තියෙන්නේ පළාත් සභාවේ මන්ත්‍රීල කට්ටියක් කියලා. (නදී)

:       0       0

හේරත් Saturday, 01 June 2013 03:03 PM

අනේ නංගිලාගේ අත්වල මොනවද තිබුනේ කියන්න කෝ? (ස)

:       0       0

මිනිපේ Thursday, 30 May 2013 08:05 PM

ඇසල, ඔයා වැරදියි. ඕකේ අනිත් පැත්තයි උනේ.(නදී)

:       0       0

දුලාජ් Wednesday, 12 June 2013 11:40 PM

කෙල්ලන්ට මල්.අපිට ඉතින් පොල් මලුත් නැහැ. (නි)

:       0       0

පහන් Thursday, 30 May 2013 10:17 AM

ඔන්න අපේ මනුස්සයෙක් අපායේ ගියාලු .යම රජ්ජුරුවෝ මෙයාට කිව්වලු කැමති දඩුවමක් තෝරාගන්න කියල .ඉතින් යම පල්ලෝ මෙයාව එක්කගෙන ගියාලු පෙන්නන්න .තැනක කටුඉඹුලේ යනවලු .තැනක ලෝදිය බොනවලු ,තැනක කියතෙන් ඉරනවලු ඔහොම බලාගෙන යනකොට එකතැනක මිනිහෙක් අසූචි වලක දුම්වැටියක් පානයකරමින් ඉන්නවලු .දැක්කගමන් අපේ මිනිහ ඒ දඩුවම තොරගත්තලු .දැන් අපේ මිනිහ වලට බැහැල දුම්වැටිය දල්වාගෙන ඉන්නවලු .මෙන්න යමපල්ලෙක් ඇවිත් කිව්වලු විවේක කාලය ඉවරයි දැන් ඔලුවෙන් හිටගන්න කියල (අ).

:       0       0

නිල්මිණි Thursday, 30 May 2013 08:22 PM

සරසි, කැළණිය හොදයි අර කට්ටිය නැත්නම් (නි)

:       0       0

හේරත් Thursday, 30 May 2013 01:41 AM

යාම පල්ලොත් ගැණු ළමයින්ගේ අත් වලින් අල්ල්ලන්න ආසයි වගේ. එහෙනම් අපට එහෙත් ඉඩ නැහැ වගේ. (නි)

:       0       0

වරුණ Thursday, 30 May 2013 10:31 AM

ගහපු තරුණ පිරිස ලකුණු හඹා යන කට්ටියක් වගේ! මේ වගේ අයියලා තමා උගුරට හොරා බෙහෙත් බොන්නේ. සමහරවිට නංගිලා කැමතිත් ඇති අතින් ඇල්ලුවට (නි)

:       0       0

යමරජ Wednesday, 05 June 2013 02:03 PM

එහෙනම් ලංකාවෙන් ඇවිල්ලා අපිටත් ගහලා ගියා එහෙනම්.(නදී)

:       0       0

රකිත් Thursday, 30 May 2013 04:04 AM

යම රජ්ජුරුවෝ හිටියේ නැද්ද ඒ වෙලාවේ? (නි)

:       0       0

රත්නායක Thursday, 30 May 2013 10:37 AM

මමනම් කියන්නේ හොද වැඩේ

:       0       0

දිසානායක Thursday, 30 May 2013 10:37 AM

පහන් හැමදාම අලුත් විහිළුව ක් ලියල අපිව හිනස්සනව (දී)

:       0       0

පද්මිණි Thursday, 30 May 2013 10:40 AM

හැම රටකම අපාය වල ආරක්ෂකයෝ ඉන්නවලු. ලංකාවේ අපායෙ විතරක් ආරක්ෂකයෙක් නැහැ.අහලා බලපුවම යමරජ කිව්වලු ඒකට ආරක්ෂකයෝ අවශ්‍ය නැහැ. උඩට එන එකාව පල්ලෙහා ඉන්න එකා අදිනවා කියලා. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 05 June 2013 06:28 PM

තරුණියො ටික සෑහෙන්න ලොකු පවක් කරල තියනවා.(නදී)

:       0       0

නිල්මිණී Thursday, 30 May 2013 03:35 PM

මම දන්නා විදිහට හෝමාගම කියන්නේ ලංකාවේ තියෙන හොදම නගරයක්, සමහරවිට අර යමපල්ල වෙන ප්‍රදේශයකින් එන්න ඇති රගපාන්න.(ස)

:       0       0

උපාලි Thursday, 30 May 2013 04:54 AM

මේක නම් හොඳ වැඩක් නෙමෙයි. යමපල්ලන්ටත් ලංකාවේ ම්නිස්සු ගහනවා කියලා අපායට ආරංචි වුනොත් එහෙත් ලොකු යම විරෝධී කැරැල්ලක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. (නි)

:       0       0

නිමල් Thursday, 30 May 2013 03:45 PM

නංගි ඔයා පරෙස්සම් වෙන්න. ඔතන ගහපු යමපල්ලෙක් ඔයාට බැල්ම දාගෙන ඉන්නවා.(ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 30 May 2013 06:38 AM

යමපල්ලෝ තරුණියන්ගේ අතින් ඇල්ලුවා කියන්නේ බොරු. අතින් අල්ලලා තියෙන්නේ තරුණියොත් එක්ක ආපු තරුණයෙක් වෙන්න ඇති. යමපල්ලන්ට ගහපු තරුණයෝ මේක දන්නේ නැහැ.අපරාදේ අපේ උන් හොයන්නේ බලන්නේ නැතුව අපායටත් ගිහිල්ලා යමපල්ලන්ට ගහනවා. (නි)

:       0       0

මංජු Sunday, 02 June 2013 10:28 AM

අපායේ සොමි කාරයෝ .(නදී)

:       0       0

ශාන්ති Thursday, 30 May 2013 03:50 PM

මේක අපාය වෙසක් වලට කියලා හදන හැමතැනම කරන දෙයක්, අසංවරකම.(ස)

:       0       0

දම්මික පෙරේරා Thursday, 30 May 2013 03:51 PM

යමපල්ලොත් ගෑනු දැක්කම පිස්සු වැටෙන ජාතියක් වෙලා. එත් තරුණ ගෑණු ළමයින්ව යමපල්ලන්ගෙන් රැක ගන්න ඕනේ. ඇපයට නොයවා.(ස)

:       0       0

වරුණ Thursday, 30 May 2013 07:06 AM

සමහර විට මේ ආත්මේ කරපු වැරදී යමපල්ලන්ට පේන්න ඇති එනිසා ඒ වෙලාවේම දඩුවමක් දෙන්න හිතල අතින් ඇදල ගන්න හිතෙන්න ඇති ? (දී)

:       0       0

සොමිරත්න Tuesday, 04 June 2013 11:54 PM

ළමයනේ දැන් ලංකාවම අපායක්නේ. ඕකට ඉස්සර ලේඛකයො කිවුවේ කාකදීපය කියලා (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 03 June 2013 08:53 PM

අපරාදේ හරි හැටි කෙල්ලෝ එක්ක කතා කරලා තිබුනා නම් කෙල්ලෝ ටික මෙයාලව ස්වර්ගයට එක්ක ගෙන යයි. හැම දෙයකටම හදිස්සිය. කොහොම හරි මේ පුවතට වඩා මට පහන් ගේ කතාවට හිනා ගියා. (නි)

:       0       0

නසාර් Saturday, 01 June 2013 06:27 PM

බෙලෙඩ් තලයක් අරන් අපාය බලන්න ගියා නම් යමපල්ලන්ව කපන්න තිබුනා. (නි)

:       0       0

රුහුණු Friday, 31 May 2013 12:01 AM

දැන දැන අපායට මොකට ගියද ? (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Friday, 31 May 2013 12:06 AM

යමපල්ලන්ට දන්කොටුවේ බඩු හම්බවෙලා, ඒවා පාවිච්චි කරලා තරහා ගිහින් ඇති (නි)

:       0       0

ගයාන් Saturday, 01 June 2013 07:03 PM

යම පල්ලන් ටිකක් බීල වෙන්නෙති නේද?(නදී)

:       0       0

මහේෂ් Thursday, 30 May 2013 12:11 PM

ගැහැණු යම පල්ලෝ ඉන්න අපායක් එහෙම නැද්ද දන්නේ? ආසය් යන්න එහෙ. ලෝදිය බොන්නම්. ගින්දර කන්නම්. කටු ඉඹුලේ නගින්නම්. (ස)

:       0       0

ඉෂාම් Thursday, 30 May 2013 08:11 AM

ලකුණු දාගන්න කරපු වැඩක් හොල්මන් මන්දිර ඔහොම නැතිව කොහොමද කරන්නෙ ඇස් ගහන්නද කියන්න බයකරන්න (අ)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 01 June 2013 08:00 PM

එකනේ කියන්නේ ගැහැණියකගේ අතින් ඇල්ලුවා කියන්නේ අපායෙ ගීයා වගේ තමා.(නදී)

:       0       0

සනත් Saturday, 01 June 2013 08:32 PM

වල ඇතුලේ ඉඳන් අතින් ඇල්ලුවේ කොහොමද? ෂුවර් එකට කකුල් අතගාන්න ඇති. වනචර යමපල්ලෝ .... (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 May 2013 08:36 AM

මේක ලේසියෙන් අරින්න නරකයි. ව‍රෙල්ලකෝ යමලෝකෙට. (නි)

:       0       0

පහන් Thursday, 30 May 2013 12:59 PM

වෙස් වලාගෙන හිටිය නිසා කවුද කියලා අදුර ගන්න බැරි වෙන්න ඇති (දී)

:       0       0

චමින්ද Thursday, 30 May 2013 08:48 AM

ඇයි දන්නෑ අතින් ඇල්ලුවේ.(අ)

:       0       0

අෆ්රා Friday, 31 May 2013 02:41 PM

යමපල්ලත් ලංකාවෙනේ... (නි)

:       0       0

සරත් Thursday, 30 May 2013 08:46 AM

යමපල්ලොත් මෙහෙන් ගීය අයමනේ. පුරුද්ද අත අරින්න අමාරුනේ.(අ)

:       0       0

සංක Friday, 31 May 2013 07:56 AM

මදැයි කොර ගත්තා (දී)

:       0       0

දමිත් අලහප්පෙරුම Thursday, 30 May 2013 01:25 PM

යමපල්ලොන්ටත් ඉතින් හැගීම් ..දැනීම් තියෙනවනේ ඉතින්...(අ).

:       0       0

දමිත් අලහප්පෙරුම Thursday, 30 May 2013 01:29 PM

ඒ යමපල්ල ....යමපල්ලියක්වත් දැක්කද දන්නේ නැ...... (අ)

:       0       0

සන්ජු Thursday, 30 May 2013 09:08 AM

අපේ කට්ටිය අපායට ගියත් ඔය ටික තමයි... දැන් අපාය වැඩ වර්ජනය කරේ අපේ කට්ටිය කොහේ ගියත් ඔහොම තමා (අ)

:       0       0

හේරත් Friday, 31 May 2013 09:46 AM

අනේ හිතෙන්න ඇති නියපොතු ටික පාට කොරල දෙන්න.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 457 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 579 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1058 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 891 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2346 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 816 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 282 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site