හසලක - සුනිල් ඒකනායක
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය.
උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සතුට සිය පවුල්වල සාමාජිකයන් ද සහභාගි කරගෙන සැමරීමට එක්තරා අයතනයක සාමාජිකයන් පිරිසක් එක්ව බක් මහ උළෙලක් සංවිධාන කර තිබිණි.
මෙම උළෙලේ අවුරුදු උත්සවවල තිබෙන සියලුම අංග තිබූ අතර, පළමුව තිබුණේ මැරතන් ධාවන තරගයයි.
ඒ සඳහා පිරිමි කණ්ඩායමක් එක්වූ අතර, එක් තරගකරුවකු වේගයෙන් ජය කණුව වෙත පැමිණි අතර, ඔහු තරගයේ ජයග්‍රාහකයා විය. ඒ සමගම ඔහුට ඇති වූයේ දැඩි පිපාසයකි.
තරගය නිමා වී අවට බලන විට දුටුවේ තම හිතවතකු අත වතුර බෝතලයක් තිබෙන බවයි. වහා ඔහු වෙත ගිය ක්‍රීඩකයා මිතුරා අත තිබූ බෝතලය ක්ෂණිකව ගෙන එම බෝතලයේ තිබූ දෑ උගුරට දෙකට බීගෙන බීගෙන ගියේය.
“මොනවා ද මිනිහෝ මේ කරන්නේ. මේකේ තියෙන්නේ පොල්තෙල්.” කියා මිතුරා පවසා ඇත. ඒ වන විටත් ක්‍රීඩකයා පොල් තෙල් උගුරු දෙක තුනක් පානය කර අවසන්ය. එම පොල් තෙල් පානය කිරීමෙන් ඔහු දැඩි අපහසුතාවට පත්වූ අතර, ඒ සැණින් ඔක්කාරය කිරීමට පටන්ගත්තේය.
එම සිදුවීමෙන් පසු ඔහු වහා රෝහල්ගත කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගත් අතර, රෝහල්ගත වීම හේතුවෙන් උත්සවය අවසානයේ පැවැති ත්‍යාග ලබා දීමේ අවස්ථාවට ද ඔහුට සහභාගි වීමට නොහැකි විය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්