ආයතනයෙන් ඉවත්ව ගිය සේවකයකු යළි ආයතනයට පැමිණ අමනාපයෙන් පසුවන මිතුරෙකුට දුන් විශේෂ ත්‍යාගය හමුවේ අමනාප මිතුරා සේවක පිරිස් ඉදිරියේ ලැජ්ජාවට පත්වීමේ පුවතක් වැව් බැඳි පෙදෙසකින් වාර්තා වුණි.
අනාවරණය වෙන ආකාරයට සිද්ධිය මෙසේය.
වසර ගණනාවක් එකට පෞද්ගලික ආයතනයේ සේවය කළ සේවකයෙක් පසුගියදා ඉවත්ව ගියේය. ඔහු සේවය කළ කාලයේ එකට වැඩ කළ අයකු සමග අමනාපයෙන් පසු වූයේය.
ඉවත්ව ගිය සේවකයා දින කිහිපයකට පසුව සේවකයන්ට සංග්‍රහයක් කිරීමට ආයතනයට පැමිණියේය.
ඒ වෙනුවෙන් ආයතනයේ සේවකයෝද ඔහුට ත්‍යාගයක් දීමට සූදානම් වූහ.
සේවකයා වෙන්ව යාම වෙනුවෙන් සමුදීමේ කතාවක් කළේය. ආයතන ප්‍රධානින් හා සේවකයෝද ඒ වෙනුවෙන් කතා කළහ. ඉන් අනතුරුව සියලු දෙනා සංග්‍රහය භුක්ති විඳීමට පටන් ගත්හ.
වෙන්ව යාම නිමිත්තෙන් සේවකයන් දුන් ත්‍යාගය ඔහු පැමිණි රථයෙන් තැබූ සේවකයා රථයේ තිබූ පාර්සලයක් ගෙනැවිත් අමනාපයෙන් පසු වූ මිතුරා අමතා “මෙතැන් පටන් අමනාපකම් අමතක කරමු” යැයි කියා අතට අතට දී සිපගෙන තෑගි පාර්සලය අත තබා යන්නට ගියේය.
මිතුරාද සියල්ල අමතක කරමින් එය සතුටින් බාරගෙන ආයතනයේ සියල්ලන් ඉදිරිපිටදී එය විවෘත කළේය.
එහි තිබුණේ චීත්තයක් බව දැක ඔහු අන්ද මන්ද වී පිරිස් ඉදිරියේ දැඩි සේ ලැජ්ජාවට පත් වුණේලු.
එය ආයතනයේම විසිකර දමා නික්ම ගිය මිතුරා ද එදා සිට එම ආයතනයට පැමිණෙන්නේ ද නැතිලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අමනාපය මකාගන්න දුන් තෑග්ගෙන් රස්සාවත් එපාවෙලා