කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
මත් ගුලියක් නිසා රජරට පළාතේ අතිදුෂ්කර පාසලක විදුහල්පතිවරයකුට තමාටම වේවැල් ප්‍රහාරයක් එල්ලකර ගැනීමට සිදුවූ පුවතක් ඉකුත් දිනක අසන්නට ලැබුණි.
මෙම පාසලේ අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා අඩු ආදායම්ලාභී මව්පියන්ගේ දරුවෝය. මෙම මවුපියන් බොහෝ පිරිසකට අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් නොතිබුණු අතර ඇතැම්හු ‘‘උපන් තේකට” පාසල් අධ්‍යාපනයක් නොලැබුවෝය.
මෙම පාසලේ එකොළහ ශ්‍රේණියේ දරුවන් කීපදෙනකු අවස්ථා ගණනාවකදීම මත්ද්‍රව්‍ය භාවිත කර ගුරුවරුන්ගේ අතට අසුවූ අවස්ථා බොහෝය. ඒ සෑම අවස්ථාවකම ගුරුවරු ඔවුන්ට අවවාද දී දඬුවම් කොට මවුපියන් පාසලට ගෙන්වා තරයේ අවවාද දී යළි ඔවුන් පාසලට භාර ගැනීමට ද ක්‍රියා කළහ.
මේ අතර පාසලට අලුතින් පත්වීම් ලැබ විදුහල්පතිවරයෙක් පැමිණියේය. පාසලේ විනය තදින්ම සැලකූ ඔහු එදින පාසලේ අහුමුලුවල රහසිගත සංචාරයක යෙදෙද්දී පාසලේ එකොළොස් වැනි ශ්‍රේණියේ සිසුවකු මත් ගුලියක් ගිල දමනු ඔහුගේ උකුසු ඇසට හසුවිය.
අලුත් විදුහල්පතිතුමා මත්ගුලිය ගිල දැමූ සිසුවාගේ කනෙන් අල්ලාගෙන කාර්යාලය දක්වා ඇදගෙන ආවේය. සිසුවාගේ මෑණියන් පාසලට වහා කැඳවාගෙන එන ලෙසද ගුරුවරයකු යතුරුපැදියක පිටත් කර යැවීමටද අමතක නොකළේය.
කාර්යාලයේ කබඩ් එකක් උඩ වේවැල් තුනක් පේළියට තබා තිබුණි. ගුලි ගිල්ල සිසුවාගේ පශ්චාත්භාගයට ඉන් වේවැල් දෙකක් කැඩෙනතුරු සලකා අවසන් කර තුන්වැනි වේවැල අතට ගෙන සිසුවාගේ මව පැමිණි පසු එම වේවැලෙන් දඬුවම් කිරීමට සැරසී සිටියේය.
මේ වෙලාවේ සිසුවාගේ මවද කාර්යාලයට පැමිණියාය. විදුහල්පතිවරයා පියකු සේ දැඩි ස්වරයෙන් තම පුත්‍රයාගේ වැරැද්ද ඔහුගේ මවට පවසා දඬුවම පිළිබඳවද මෑණියන්ට දැනුම් දී මෙම වැරැද්දේ ඇති බරපතළකම ගැඹුරින් පැහැදිලි කර දුන්නේය.
විදුහල්පතිතුමා සහ ගුරුවර ගුරුවරියෝ පිරිසක්ද කාර්යාලයේ සිටියහ. දඬුවම් ලැබූ සිසුවාගේ මවට ඒ පිළිබඳව වගේ වගක් නැති බව ඇයගේ මුහුණෙන් ඔවුන්ට දිස්විය. ඔවුන් සිතා සිටියේ එම මව දරුවාට තදින්ම දෝෂාරෝපණය කරනු ඇතැයි කියාය. එහෙත් සිද්ධ වූයේ අනෙකකි.
‘‘පුතේ, උඹ වගේ මෝඩයෙක් නෑනෙ... බලාපන් ඔය ගුලිය ඉස්කෝලෙට එන්න කලින් ගෙදර දීම ගිල දාලා ඉස්කෝලෙට ආවනම් ඔහොම ගුටි කන්ඩ වෙන්නෙ නෑනේ.” යැයි සිසුවාගේ මව ඇඟට පතට නොදැනී කීවාය.
ගුරුවර ගුරුවරියෝ සියලු දෙනාම තුෂ්ණිම්භූත වී විදුහල්පතිවරයාගේ මුහුණ බැලුවෝය. කෝපය ඉවසාගත නොහැකි වූ විදුහල්පතිවරයා, තුන්වැනි වේවැලෙන් පහර කීපයක් තමාටම ගසාගෙන, වේවැල දෙකට කඩා, කාර්යාලයෙන් පිටවී ගියේ, සිසුවාගේ මෝඩ මවගේ ‘‘මොළය හෝදන්නට” ජ්‍යෙෂ්ඨ ගුරුවරියකට පවරමිනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අම්මකුගේ උත්තරේට විදුහල්පති තමන්ටම ගහගෙන
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Friday, 16 February 2024 10:39 PM
දැන් ගුරුවරු දෙමව්පියන්ගෙත් මොළ හෝදන්න පටන් අරගෙන...!
BandaTuesday, 20 February 2024 01:24 PM
ගුරුවරු හෝදන්නෙ මොළ නෙමෙයි බොල. දෙමාපියන්ගෙ සාක්කු