හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන.
සැමියාගේ මවුපියන් දෙදෙනාට මව නිවසේදී සිදුකරන හිරිහැර කුඩා දියණිය විසින් අඳින ලද සිතුවමකින් කාර්යාලයේ සේවකයන් දැනගැනීම නිසා සතියක් නිවාඩු ලබාගත් විධායක නිලධාරීනියක් පිළිබඳව දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ.
අගනුවර ප්‍රදේශයේ රැකියාව කරන කාලයේදී ඇතිකරගත් සම්බන්ධතාවක් මත විධායක නිලධාරිනිය ගැමි පරිසරයක හැදී වැඩුණු රජයේ උසස් නිලධාරියකු සමග වීවාහ වී සිටියාය. උපාධිධාරිනියක වන ඇය සිය උපාධිය උසස් එකක් බව සඳහන් කරමින් නිතර නිතර උදම් ඇනීම සිදුකළාය. විලාසිතාවන්ට දැඩි රුචිකත්වය දක්වූ ඇය බටහිර පන්නයට දැඩි රුචිකත්වයක් දැක්වූවාය. වැඩිහිටියන්ට සැළකීම පිළිබඳව නිතරම පම්පෝරි ගැසීමට සමත්කමක් දැක්වූ ඇය කාර්යාලය තුළ අමුතු ප්‍රතිරූපයක් නිර්මාණය කරගෙන ද සිටියාය.
කාර්යාලයට එවැනි ස්වරූපයක් පෙන්වාගෙන සිටියත් ඇය නිවසේදී සැමියාගේ මව හා පියා සමග නිතරම සණ්ඩු සරුවල්වල පැටලුනාය. සිය එකම පුතු වෙනුවෙන් මේ සියල්ල විඳදරාගෙන වැඩිහිටියන් දෙදෙනාද කටයුතු කළහ. සැමියා අගනුවර සේවය කරන අතර ඔහු නිවසට පැමිණියේ සතියකට හෝ දෙකකට වරක් පමණි.
සැමියාගේ මව්පියන් දෙදෙනා සමග නිතර නිතර විරසක වන මැය පළාතම දෙවනත් කරමින් මහ හඬින් බැනවදිමින් හට්ටි වළං පිඟන් කෝප්ප පවා කුඩුකරන අවස්ථා එම නිවසේ දක්නට ලැබුණු අතර එවැනි දිනවල වැඩිහිටියන් දෙදෙනාට පිහිට වූයේ අසල්වාසීන් පමණි. වැඩිහිටියන් දෙදෙනා එළියේ සිටිද්දී නිවස වසා දමා වැඩට යන ඇය දහවල් කාලයේ ගොස් පෙර පාසලේ සිටින සිය දියණිය ද කාර්යාලයට රැගෙන ගියාය. වෙනත් දිනවලදී කුඩා දියණිය නිවසට රැගෙන යාම සහ ඇය බලා ගැනීම සැමියාගේ මව්පියෝ සිදුකළහ.
කිසිවක් නොදත් කුඩා දියණිය කාර්යාල සේවකයන් සමග ලෙන්ගතු වූ අතර කාර්යාලය පුරා දුවපැන ඇවිදිමින් සිටි දැරියට පෑනක් සහ කොළ කිහිපයක් ලබාදුන් සේවකයෙක් ලස්සනට චිත්‍රයක් අඳින ලෙස ඉල්ලීමක් කළේය. දැරිය චිත්‍රය ඇඳ සේවකයාට දුන්නාය. ඔහු ‘මොකක්ද මේ ඇඳල තියෙන්නේ’ කියා ඇසීය. දැරිය දුන් පිළිතුරෙන් සියල්ලෝම විශ්මයට පත්වූහ.
‘අපේ අම්මා ආච්චි අම්මාට ගහන එක ඇන්දා ඒ දෙදෙනා තරහවෙලා ඉන්නේ ඒ නිසා අම්මා මාව මෙහෙට ගේනවා.’ යැයි දියණිය පැවසුවාය. දියණියගේ කතාව කාර්යලය පුරා ලැව්ගින්නක් සේ පැතිර යාමට වැඩි වෙලාවක් ගත නොවීය. ආයතන ප්‍රධානියාගේ කනටද කතාව ගිය අතර ඔහු ඒ පිළිබඳව කාන්තාවගෙන් වීමසීමටද අමතක නොකළාය. කතාව දෝලාවෙන් ගමන පයින් යනුවෙන් උපහාසාත්මක කතාවක් කාර්යාලය පුරා පැතිර යාමත් සමග වැඩේ වැරැදී ඇති බව දැනගත් විධායක නිලධාරිනිය සතියක් නිවාඩු ලබාගෙන දියණිය සමග සිය මහගෙදරට ගියාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අම්මා ආච්චිට තඩි බාන හැටි පුංචි දුව චිත්‍රයට නගා පටලැවිල්ලක්