කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
ගෘහස්ථ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් දෙන්නා දෙමහල්ලන් තුවාල ලැබූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
දෙන්නා පක්ෂ දෙකකය. පක්ෂ දෙකේම අපේක්ෂකයන් ප්‍රබලය. දෙන්නාගේ දේශපාලන මති මතාන්තර හා අදහස් උදහස් එළියට පනින්නේ දිනයේ නිමාව සනිටුහන් කරන රෑය. රෑ රූපවාහිනී තිරය ඉදිරිපිටදීය. ප්‍රවෘත්ති ප්‍රකාශවලදී මේ දෙන්නා දෙමහල්ලන් ඇවිලෙන්නේ බට කැලයට ගිනි ඇවිලුණාසේය. ඒ රූපවාහිනී තීරයෙන් පෙන්වන සෙනඟ අරභයාය. අම්මෝ අපේ නායකයාට ඉන්න සෙනග සැමියා කියන්නේය. ඕව මොන සෙනඟද අර බලන්න අපේ නායකයට ඉන්න සෙනඟ යයි ද භාර්යාව කියන්නීය. මෙය සාමාන්‍යයෙන් මේ දිනවල මේ ගෘහයේ සිදුවන සාමානය සිද්ධීන්ය.
මේ ඊයේ පෙරේදාත් රෑ මේ කතාව මේ දෙදෙනා අතර ඇතිවිය. සැමියා එදා සිටියේ චන්ඩියා බඩේ දාගෙනය. ඒ චන්දේ වැඩවල ප්‍රතිපලයක් ලෙසය. මේ ගැන දැන සිටි භාර්යාව කොහේද ඉතිං බොන ඈයෝ දන්නවද දේශපාලනය ගැන කීවිට ඔහුට මළ පැන්නේය.
බි බී සිටි වතුර වීදුරුවෙන් ඔහු ඇයට ගැසූවේ පාලනය කර ගැනීමට අසමත්වූ කෝපයෙනි. වීදුරු පහරෙන් කැපීම් තුවාල සිදුවීමත් සමගම භාර්යාවට ද උන්හිටි තැන් අමතකවී සාලය පිහිද පිහිදා සිටි කොස්සෙන් පහර පිට පහර කිහිපයක් ඇය ඔහුට නෙලුවේ තැන් තැන්වල රතු පැල්ලම් ඇති වන අයුරෙනි.
මේ දෙන්න දෙමහල්ලන්ගේ මේ ගෘහස්ත මැතිවරණ ප්‍රචණ්ඩ කියාව කණ වැකුණු අහල පහල උන්දලා මැදට පැන නොබේරුවේනම් ඉතිං අද දෙන්නම රෝහලේ සිටිනුයේ පොලිස් ආරක්ෂාව මැදලු.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට යන සිය දියණියගේ ඉස්සරහට හිමිදිරියේම හිස් කළයක් අරන් පැමිණි කතක සමග කෙහෙවලු පටලවාගත් කතක ගැන
ජාත්‍යන්තර රැම්සා තෙත්බිමට ආසන්න ප්රදේශයකි. මෙම ප්‍රදේශයේ බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තය මත යැපෙන අතර රිළවුන් දඬු ලේනුන්ගෙන් සහ මොනරුන්ගෙන් වන හානි හ
සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.
රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක
තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අඹුසැමි දෙන්නා ඡන්දෙට මරාගෙන