කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
ඔහු යුරෝපීය රටක රැකියාවට යන බව මේ අඹ යහළුවාට නොරහසක් විය. ඒ දෙන්නට දෙන්නා කල්යල් යැව්වේ එකට නිසාය. එක බත් පත දෙපැත්තෙන් කෑවේද එකට නිසාය. ඔහුගේ ගෘහය අනෙකාගේද ගෘහයවූ නිසාය. ඒ විතරක්ම නොව ඔහුට එහිදී ලැබීමට නියමිත ලොකු වැටුප ගැනද මේ අඹයාට නොරහසක් වූවේය.
මේ සමගම අඹ යහළුවා කඩිමුඩියේ සිය මිතුරාගේ කනේ තැබූවේ අපූරු අදහසකි. ඒ සිය මිතුරාගේ කල වයස හරි බැවින් ඔහුට කරකාරයක් කරදීම ගැනය. රට යන්න කලින් සුදුසු සහකාරියක සොයා දී විවාහය ලියාපදිංචිය පමණක් සිදු කිරීමේ යෝජනාවද ඔහුගෙන්ය. මේ මවුපියන්ද මේ යෝජනාව හිස මුදුනින්ම පිළිගත්හ.
ඒ අනුව මිතුරාගේ හඳහන මවුපින්ගෙන් ඉල්ලාගත්තේ මිතුරාට ගැළපෙන තැනක් ගැන අඹයා දන්නා බව කියමිනි. මිතුරාටම ගැළපෙන මැස්සෙක්වත් වසා නැති චරිතවත් රූමත් කතක් හොඳ තැනක ඉන්නා බව කියමිනි. අඹ යහළුවා මේ කතගේ සහ මිතුරාගේ හඳහන් දෙක මිතුරාගේ මවුපියන්ට ගෙනත් දුන්නේ ඒවා තකට තක ගැළපෙන බව කියමිනි. ඒ සමගම ඇයගේ ඡායාරූපයක් ද මේ මවුපියන්ට පෙන්වූවේය.
අඹ යහළුවා පෙන්වූ වාත්තු කළා වැනි ඇයගේ ඡායාරූපයට මිතුරා පමණක් නොව මවුපියන්ද එක පයින්ම කැමති වූහ. ඒ ඇයගේ රූප සොභාවත්, ගති ගුණත්, වාසනාව පිරි වතත් නිසාය. දෙපාර්ශ්වය මේ විවාහයට කැමති වූහ. ඔහුට විදෙස් ගතවීමට තිබුණේ තවත් දින කිහිපයකි. දෙපාර්ශ්වයේම එකඟතාව මත මේ විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදුවිය.
ඔහු රට ගියේය. අඹ යහළුවාට තම භාර්යාව රැකබලා ගැනීමට අවසර ලබා දුන්නේය. ඒ අනුව ඔහු එවන මුදල්, ත්‍යාග සිය භාර්යාවට ලැබීමට ඔහු සැලැස්වූවේ අඹයා හරහාය.
කාලය කෙමින් ගෙවී යමින් තිබුණි. භාර්යාව විදෙස්ගතව සිටින සැමියාට රසම රස ලෝකයක් මවා පෙන්නුවාය. විදෙස් රැකියාවෙන් නිවාඩුවට ගම රට ආ පසු ඔහුට සලකන විදිහ, යන ගමන් බිමන්, ගත කිරීමට යන සුන්දර ස්ථාන කියමින් ඇය නිතර නිතර දුරකතනයෙන් මල් කැඩුවාය. ඊට සමගාමීව ඇයට යුරෝපා රටින් එන තෑගිභෝග ද දෙගුණ තෙගුණ විය.
භාර්යාව අඹ යහළුවා සමග රෝන්දේ ගසන බව විදෙස්ගතව සිටි ඔහුගේ කනේ තැබුවේ වෙනත් මිතුරන්ය. ඒවා සනාථ කිරීම ඡායාරූප සහිතවය. සාක්ෂි සහිතවය. ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා සොයා බැලූ ඔහුට තම භාර්යාව අඹ යහළුවා සමග රෝන්දේ ගසන කතාව හරියට හරි බව සනාථ කර ගත්තේය.
ඒ විතරක්ම නොව තමාගේ හඳහනට ඇයගේ හඳහන සකසා ඇති බවද සහතික කර ගත්තේය. ඔහුත් ඇයත් මීට පෙර පෙම්වතුන් ලෙසද කාලය ගතකොට ඇති බවද ඔහු ප්‍රත්‍යක්ෂ කර ගත්තේය.
අඹ යහළුවා තමා දැමීමට ගැඹුරු වළක් කපා ඇති බව ඔහුට අවබෝධ විය. වළේ බාගෙට වැටුණු තමා ඉන් ගොඩට ඇවිත් ඔහු එම වළටම දැමීමට ඔහු කටයුතු කළේ ඔහුගේ දැනුමත් උපයෝගී කරගෙනය. ඒ අනුව ඔහු අඹ යහළුවාට තෑගි පාර්සලයක් යැව්වේය. එහි මංගල ගමනට යන කතකට අවශ්‍ය යට ඇඳුමේ සිට ඇඳුම් පැලඳුම්ය. පාර්සලය ඇතුළේ මිතුරාටත් වෙන්ඩ සිටි භාර්යාවටත් සුබ පතන ලිපියක්ය.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
ගෙවත්තේ තැඹිලි ගහකින් ඉත්තක් කපා බිමට බෑම සඳහා ලණුවේ කෙළවර බිරිය අතට දී ගහට නැග තැඹිලි කැපූ පුද්ගලයකුට තැඹිලිත් අහිමි වූවා පමණක් නොව බිරියට ද අනතුරක්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා