එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩි මහල් සහෝදරයා දුක් මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබිමට වරම් නොලැබුණි. මේ අතර අයියා මහන්සියෙන් දියුණවට පත්ව සමාජයේ කැපි පෙනෙන පුද්ගලයකු බවට පත් වූයේය.
එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචි වූයේ ඒ අසලමය. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වුයේ කචල් මල්ලි කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලී පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.
මේ අතර අයියාගේ දියණිය බැලීමට මනමාලයකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල් බවය.
අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත්කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරකුට කතාකර උපදෙසක් පැතුවේය. “හරි මම බලා ගන්නම් කී මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගත්තේය.
මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුර කතනයට ඇමතුමක් ලැබුණි. “ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරීමේ සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම නිර්දේශකර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.“ යනුවෙන් පැවසු කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු විස්තර අසා ගත්තාය.
මෙවැනි මුදලක් තමාට ලැබේයැයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙනතුරුම බිරිඳ සමග කතා කළේය“.දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුලුවන් ඔහු සිතුවේය. දුරකතන ඇමතුමෙන් කී විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. ඒනිසා උදේ රැයින්ම අලුත් කලිසමක් සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත් වූයේය.
උදේ දහයවන විට කොළඹට පැමිණි ඔහු දුරකතනයෙන් කී මං සළකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකි වූ නිසා තමාට ඇමතුම දුන් දුරකතනයට කතා කළේය.
“මහත්මයා පාර වරද්දාගෙන දැන් ආපස්සට එන්න. ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනව විශාල ගොඩනැගිල්ලක් ඒකේ දෙවැනි තට්ටුවට එන්න.“ ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවති එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියකු පැමිණ ඔහු එලවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුර කතනයට කොතෙක් කතාකලත් පිළිතුරු නැත. එය ක්‍රියා විරහිතය
දැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්නට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට වැටහුණි. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම් පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ගියේය. ගමට එනවිට හොඳටම රෑ බෝවෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොලට ගිය ඔහු වෙනදාමෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතා ගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු කටයුතු ඉතා හොඳින් අවසන්ව තිබිණි.
උණවටුන ඩි.ජී.සුගතපාල
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයියාට වරද්දන්න ගිය කචල් මල්ලි වැඩේ කාගෙන