IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අයියා සර්පයා කෑවාම මල්ලී බෙරිහන් දී රෝහලේ

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
 කොරෝනා අස්සේ සර්පයකු දෂ්ට කර කලබලේට සර්පයා දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන්  කිලෝමීටර් ගණනක් ගෙවා නැවත පැමිණ රෝගියා රැගෙන යාමට සිදු වූ පුවතක් එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


සංචරණ ඇඳීරිනීතිය නිසා ගෙදරට වී සිටින අවස්ථාවක තම ඉඩම සුද්ධ කළ පුද්ගලයකු හදිසියේම සර්පයෙක් දෂ්ට කර තිබේ. සර්පයා දෂ්‍ට කළ පුද්ගලයාට මල්ලි කෙනෙකු සිටින අතර ඔහු සිය අයියාට දැඩි ලෙස ආදරය කරන පුද්ගලයෙකි. සුළු දෙයටත් කලබල වන ඔහු ඉතා කුඩා සිදුවීමකදී වුවද මහා හඬින් විලාප තබමින් හඬා වැටෙන්නේය. පිරිමියකු ලෙස උපත ලැබුවද ගැහැනියක මෙන් ජීවත් වන ඔහු පිළිබඳව ගමේ නොයෙකුත් කට කතාද පැතිර ගොස් තිබුණි. සිය අයියා සර්පයෙක් දෂ්ට කළ පුවත ඇසීමෙන් දැඩි ලෙස කලබල වූ ඔහු සුපුරුදු ලෙස මහා හඬින් විලාප හඬන්නට පටන්ගෙන තිබේ.


කෙසේ වෙතත් එම ගම්මානයේ සිට රෝහලට විශාල දුරක් ගෙවාගෙන  යා යුතු අතර ඔහුගේ විලාපය අසා ගමේ පිරිසක් ඔහුගෙන් කාරණය විමසද්දී ‘‘සර්පයෙක් කෑවා’’ යැයි  පවසා නැවත විලාප නගමින් හඬන්නට පටන්ගෙන  තිබේ.


ත්‍රීරෝද රථයක් රැගෙන විත් බලෙන් මෙන් ඔහු එහි නංවාගෙන කිලෝමීටර් ගාණක් දුර පිහිටි  රෝහල වෙත රැගෙන ගොස් ඇත. විලාපය අසා රැස්වූ රෝහලේ පිරිස අසලට ප්‍රතිකාර සඳහා පැමිණි වෛද්‍යවරයා ඔහු ආයාසයෙන් නිහඬ කර මොන සතාද කෑවේ යැයි අසද්දී“මාව සර්පයෙක් කෑවේ නෑ අයියවයි කෑවේ’’ යැයි පවසා නැවත හඬන්නට පටන්ගෙන තිබේ. 


දෙවියන් සිහිවූ ගමේ පිරිස ඔහුට දොස් පැවරීම පැත්තකින් තබා ‘‘ඔහේ පයින් ගෙදර එනවා’’ යැයි පවසා නැවත ගොස් සිහි මුර්ඡා වී සිටි අයියා රෝහල වෙත කඩිනමින් රැගෙන විත් තිබේ.  

 



අදහස් (0)

අයියා සර්පයා කෑවාම මල්ලී බෙරිහන් දී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 217 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 519 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 550 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 679 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 673 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1102 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site