IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අරක්කු මුදලාලියි හිඟන්නයි මාරුවී පන්දාහක් අපතේ

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
හොර අරක්කු මුදලාලිගේ ගෝලයා යැයි සිතා යාචකයකුට සැලකූ පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය. ඔහු තදින් මත් වතුරවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. විවාහක දෙදරු පියෙකු වන ඔහු ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නේද මුලින් අරක්කු මිලදී ගෙන ඉන් පසුව අතේ ඉතුරු වන මුදලිනි. මේසන් වැඩ කරන හෙයින් දිනපතා ඔහුට මුදල් ලැබෙන අතර එම මුදලින් දිනපතා ඔහු සිය අරක්කු අවශ්‍යතාව සපුරා ගනී.


තැබෑරුම් වසා තබන දිනවලට කලින් ඔහු අවශ්‍ය අරක්කු කලින් මිලට ගනී. ගෙදරට අවශ්‍ය බඩු මිලදී ගැනීමට සතිපොළ වෙත ගිය විට වෙළෙඳුන්ගෙන් කේවල් කර බඩු මිලදී ගන්නා ඔහු මිල කීයක් වුවත් හොර අරක්කු වලට වැය කිරීමට පසුබට නොවේ.


බිරිය ඔහු යහමගට ගැනීමට කොතරම් උත්සාහ කළද ඔහුගෙන් ඇයට ලැබුණේ ගුටි බැට පමණකි. එම නිසා ඇය එම උත්සාහය අතහැර තිබේ. 


පසුගිය සංචරණ සීමා කාලයේදී තැබෑරුම් වසා තිබූ අතර ඔහු හොර අරක්කු සොයා ගොස් ඇත. ඔහුගේ මිතුරෙකු දුරකතන අංකයක් ලබාදී එයට කතාකර අරක්කු ලබා ගන්නා ලෙස පවසා ඇත.


එම දුරකතන අංකයට කතා කළ විට හොර අරක්කු මුදලාලි නගරයේ ස්ථානයක් පවසා එතැනට පැමිණෙන තම ගෝලයාට මුලින් මුදල් ලබා දෙන ලෙසත් පැය භාගයක් තුළ අරක්කු ලැබෙන බවත් පවසා ඇත. ඔහු එම ස්ථානයට ගොස් බලා සිටින විට පුද්ගලයකු පැමිණ ඔහුගෙන් මුදල් ඉල්ලා ඇති අතර ඔහු රුපියල් පන්දහසක් දී තිබේ. ප්‍රීතියෙන් මුදල් ලබා ගත් එම පුද්ගලයා පසුපසම නොබලා ගොස් ඇත.


ඔහුගේ පෙනුම පිළිබඳව ඔහුට සැකයක් මතුවුවද අරක්කුවලට ඇති ආසාව හා හදිසිය නිසාත් හොර අරක්කු වෙළඳාම් ජැන්ඩියට හැඳ පැළඳ සිදු නොකරතැයි සිතා අරක්කු පැමිණෙන තෙක් බලා සිට ඇත. ටික වේලාවකට පසුව හොර අරක්කු මුදලාලිගේ සැබෑ ගෝලයා යතුරුපැදියකින් පැමිණ ඇති අතර අන්දුන් කුන්දුන් වූ ඔහු කලින් ආවෙ ඔයාලගේ කවුරුවත් නොවේ දැයි අසා තිබේ.


මොහු තමන් රස්තියාදු කිරීමට මුදල් නොමැතිව බොරු කරන බව සිතූ හොර අරක්කු මුදලාලිගේ ගෝලයා ඔහුට බැන වැදී ආපසු ගියේය. ඔහු කලින් මුදල් ලබා දුන් පුද්ගලයා නගරයේ අස්සක් මුල්ලක් නෑර සොයා ගියද ඔහු ඒ වන විටත් අතුරුදන්ව ඇති අතර අරක්කු නොමැතිව පිස්සු වැටුණු ඔහු නැවත ගෙදර ගොස් ඇත්තේ තමන්ගේ හදිසිය පිළිබඳව තමන්ටම සාප කර ගනිමිනි.



අදහස් (0)

අරක්කු මුදලාලියි හිඟන්නයි මාරුවී පන්දාහක් අපතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site