පරිප්පු හොදි ටිකක් සමඟ ඉඳිආප්ප පහක් උදේ ආහාරයට ගත් පුද්ගලයකුට රුපියල් එකසිය පනහක මිලක් ගෙවන්නට සිදුවූ පුවතක් ගම්පහ දිසාවේ ප‍්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
සිංහල අවුරුදු දිනට පසු දිනයයි. මේ අය නිවෙසින් පිටව ගියේ සිරිත් පරිදි හෝටලයකින් උදේ ආහාරය ගන්නා අදහසිනි. පෙර පුරුදු හෝටලය වසා තිබිණි. ටික දුරක් යද්දී හෝටලයක් විවෘත කර තිබෙනු දක්නට ලැබිණි. උදේ ආහාරය තිබේදැයි ඔහු ඇසීය ඇති බව දැන ගත් ඔහු මේසයක වාඩිවී සිටියේ වේටර්වරයකු එනතුරුය.
වේටර් ආවේ නැත. ටික වේලාවකින් ආ කළමනාකරු යැයි සිතිය හැකි අයකු මහත්තයා ඇති තරම් බෙදාගෙන කන්නැයි ඔහුට දැන්වීය. ඒ අනුව කෑම මේසයට ගිය ඔහුට විවිධ ආහාර වර්ග ඇති බව දක්නට ලැබුණත් අතේ එතරම් මුදලක් නැති නිසා ඉඳිආප්ප පහක් හා ඊට අවශ්‍ය තරමට පරිප්පු හොදි බෙදාගෙන ආහාරය ගත්තේය.
මුදල් ගෙවීමට ගියේය. රුපියල් එකසිය පනහක බිලක් ඔහුට ලැබිණි. මේ ඇයි ඔහු විමසීය. මහත්තයා දෙකක් කෑවත් සියයක් කෑවත් අපේ ගාන ඒක තමයි කළමනාකරු කීවේය. ඒ බව සඳහන් මෙනු පතක්ද අතට ලැබිණි. එය ”බුෆේ” මෙනුපතකි. කළමනාකරු හරිය.
අතේ තිබුණේ රුපියල් සියයක් පමණි. මිතුරකුට ඇමතුමක්දී ගෙන්වාගෙන බිල ගෙවා ඔහු පිටව ගියේ ආයේ මේ වගේ ගොන්කම් නොකරන බව කියමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලූතින් දැමූ සුපිරි හෝටලයෙන් කා තරු පෙනිලා
කුමාරි Wednesday, 23 April 2014 04:01 PM
එතකොට ඉදි ආප්පයක් රුපියල් 20යි. හොද්දට 50යි, දෙයියන්ට පෙනීයන් මේ අවනඩුව. (ස)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 23 April 2014 04:09 PM
පුදුම ගානක්නේ අරන් තියෙන්නේ.ඒක තමා රොෂාන්, එකසිය පනහට තුන්සීයක විතර නැවත කන්න තිබුණේ, නේද.ඒත් වරද මනුස්සයා කෑම කන්න කලින් මෙනු එක නොබැලීමයි.එකසිය පනහෙන් බේරුනා ඇති. (නි)
ශාන්ති Thursday, 24 April 2014 12:25 AM
අවුරුදු දිනට පසු දින කියන්නේ ගෙදර කොහොමත් කෑම තිබෙන දිනයක් නේද?ඉතින් ඇයි මේ කඩෙන් කන්න ගියේ? අපරාදෙ නේද? (නි)
සෙලනිකස් Wednesday, 23 April 2014 05:07 PM
හොඳට කන්න පුළුවන් දහ දෙනෙක් විතර එක්කගෙන ගිහිල්ලා හෝටලේ කෑම ටික අවසන් වෙනතුරු කෑවා නම් හරි (නි)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 23 April 2014 06:56 PM
කුමාරි,යන්නද ලංකාවට ගිය දවසක කට්ටිය සෙට් වෙලා හෝටලේ හිස් කරලා එන්න.රොහාන්,සෙලනිකස්,මොකද කියන්නේ.?(දී)
ගුණරත්න/ඩුබායි Wednesday, 23 April 2014 06:42 PM
බුෆේ එකකින් කෑම කනකොට එක පුද්ගලයෙක් ගෙවන්ට ඕනේ ගානක් තියෙනවා. කෑවා නොකෑවා කියල වෙනසක් නැහැ කීප සැරයක් කෑවත් ප්‍රස්නයක් නැහැ. ඒකට හේතුව ඕනෙම පුද්ගලයෙකුට කන්ට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එයිට වඩා කන්ට බැහැ. බුෆේ එකකදී හෝටලේ හිමිකරුට අධික ලාබයක් ලැබෙන කොට කන පුද්ගලයට අදික පාඩුවක් සිද්ද වෙනවා. (නදී)
කුමාරි Wednesday, 23 April 2014 07:30 PM
නිලූ, අදහස නම් හොඳයි. යමු ඔයත් ලංකාවට යන දිනයක් කියන්නකෝ මමත් එන්නම්.(දී)
රොහාන් Wednesday, 23 April 2014 01:28 PM
මම නම් බුෆේද කියල අහල ආයිත් වාඩිවෙලා බඩ පැලෙන්න කනවා(දිල්)
සමන්ත Thursday, 24 April 2014 01:40 PM
ආයෙ ඉතින් සුපිරි හෝටල් ඕන නෑ, කොහෙත් ඔච්චර තමයි..!(දිල්)