IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අලුත ගෙනා මනමාලි රන්බඩුත් එක්ක දවස් තුනෙන් අතුරුදන්

(දැදිගම - දයාරත්න බණ්ඩාර)
ත්‍රිරෝද රථ රියදුරකු සමග මහමගදී පෙමින් වෙලී විවාහ වීමට කැමති බව කියූ රූමත් තරුණියක තරුණයාගේ නිවසට ගොස් තෙදිනක් ගතකර රත්රන් බඩු සහ මුදල් සොරාගෙන ගිය පුවතක් දැදිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.


අවුරුදු විසිහතක් පමණ වයසැති එකම පුතුට මව්පියන් මංගල යෝජනා කිහිපයක් ගෙන ආව ද එයින් කිසිදු පලක් වූයේ නැත. 


දිනක් මෙම තරුණයා කෑගල්ල නගරයට කුලී ගමනක් ගොස් ඒමට සූදානම් වූ අවස්ථාවේ අවුරුදු විසිපහක් පමණ වයසැති රූමත් තරුණියක කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩවී ඇත.


එහිදී දෙදෙනා මිතුරු වී ආ ගිය විස්තර කතාකර විවාහ වීමටද තීරණය කර ඇත.


‘අයියේ මම හෙට උදේ 10ට රෙදිත් අරන් මෙතනට එන්නම්’ කියා ඇත. පසුදින උදෑසන හොඳට සූදානම් වූ තරුණයා දෙදෙනා කතා කරගත් ස්ථානයට ගොස් ඇත. තරුණියද රෙදි බෑගයක්ද අතැතිව එම ස්ථානයට පැමිණි අතර ත්‍රිරෝද රථයට නංවාගත් ඇය සමග පැයක් පමණ සතුටු සාමීචියේ සිට හෝටලයකට ගොස් දිවා ආහාරයද ගෙන පවනට බදු වේගයෙන් නිවසට පැමිණියේ මංගල රාත්‍රිය ගත කිරීමටය.


නිවසට පැමිණි ඇය හොඳින් පිළිගත් මව්පියන් ආ ගිය තොරතුරු කතාබහ කළ පසු මව අලුත් ලේලියට රාත්‍රී ආහාර පිසින්නට වූවාය. ඊට පසු දින මව මේසයට කෑම ඇර ‘එහෙනම් දුවේ කෑම කාලා නිදාගමු’ කියා හතර දෙනාම කෑම කා නින්දට ගොස් ඇත. ඊට පසුදින දහවල් ආහාර ගත් පසු ඇය මව සමග කතා කරමින් සිටින විට ‘අම්මේ මට මොනවද දෙන්නේ’ කියා අසා ඇත. ‘මේ ලක්ෂ ගාණක් වටිනා රත්රන් බඩු සේරම ඔයාට තමයි’ කියා අල්මාරිය ඇර පෙන්වා ඇත.


පසුදින ‘අද මම තමයි උයන්නේ’ කියා මනාලිය රාත්‍රී ආහාර පිස මේසයට ඇර ඇත. ‘අනේ මගෙ දුව උයපුවා හරිම රසයි’ කියා කෑම ගත් මව්පියන් හා පුත්‍රයා නිදිමතයි කියා නින්දට වැටී තිබේ.
තිදෙනාම තද නින්දේ පසු වෙද්දී අලුත ගෙනා මනාලිය නිවසේ තිබූ රත්රන් බඩු, මවගේ සහ පුතාගේ මුදල් සියල්ල රැගෙන රාත්‍රියේම පලා ගොස් ඇත.


තිදෙනා අවදි වනවිට පසුදින දහවල් 12.00ත් පසුවී ඇත. සියල්ල වැටහුණේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුවය. ‘මේකි අපට නින්ද යන්න බෙහෙතුත් දීලා අපේ මුළු සන්තකේටම විදලා’ යැයි මව පවසා ඇත. ඒ වනවිට සියල්ල සිදුවී හමාරය.


දින දෙක තුනක් කල්පනා කරමින් සිටි තරුණයා හතරවැනි දිනයේ ‘ඒකිට ත්‍රිරෝද රථය එළවන්න පුළුවන් වුණානම් මේකත් අරගෙන යනවා’ කියා තම පුරුදු රැකියාවේ නිරතවීමට ත්‍රිරෝද රථ ගාලට පිටත්වී තිබේ.

 



අදහස් (0)

අලුත ගෙනා මනමාලි රන්බඩුත් එක්ක දවස් තුනෙන් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 342 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 460 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 614 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 630 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 712 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 696 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 656 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 331 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 478 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site