රජරට පැත්තේය. ඔහු තරුණ ව්‍යාපාරිකයෙකි. අවිවාහකය. මිල මුදල් අඩුපාඩුවක් ඔහුට නැත. අඩුවකට ඇත්තේ කර කාර බැඳ ගැනීමට යුවතියකි. මගතොට යන එන අවස්ථාවක මේ තරුණ ව්‍යාපාරිකයාට නගරයේ දී තරුණියක මුණ ගැසිණි. පැහැපත් පෙනුමැති ව්‍යාපාරිකයා දෙස ඇය පෙම් බැල්මක් හෙළුවාය. මඳ සිනහවක් පෑවාය. ව්‍යාපාරික තරුණයා ද ඇය කෙරෙහි සිත් බැඳ ගත්තේය. ඇයට යෝජනාවක් කළේය. තරුණිය ඊට කැමැත්ත පළ කළාය. දෙදෙනාම නගරයේ ලැඟුම්හලකට ගියහ. සතුටු සාමීචියේ යෙදීමෙන් පසුව ව්‍යාපාරික තරුණයා තම සිතැඟි ඉටුකරගත්තේය. ඔහු තරුණියට මුදලින්ද සංග‍්‍රහ කළේය. කල්යත්ම මේ දෙදෙනා පෙම් යුවළකසේ පසු වූහ. නිතර නිතර හමුවීමෙන් දෙදෙනා අතර අන්‍යොන්‍ය බැඳීමක් ඇතිවිය. තරුණ ව්‍යාපාරිකයාගේ සෑම දෙයක්ම තරුණිය පරිහරණය කළාය. ඔහුගේ බැංකු ගිණුම්, ”ටේලර්” කාඞ්පත ද ඇයගේ පරිහරණයට පත්විය. තරුණියගේ ඇඟෑලූම්කම නිසා ව්‍යාපාරික තරුණයා ඇය ගැන සැක කළේ නැත. මේ තරුණයා එක් දිනක් බැංකුවට ගොස් ටේලර් කාඞ්පතින් අවශ්‍යතාවකට මුදල් ගත්තේය. ඔහු අතට පත්වූ ගිණුම් ශේෂ පත‍්‍රය දෙස බැලීය. පුදුමයකි. ඇස් අදහාගත නොහැක. ගිණුමේ රුපියල් 60,000ක අඩුවීමක් ඔහුට පෙනුණේය. ඔහු තම ”පෙම්වතිය” හමුවට ගියේය. ”ටේලර් කාඞ්පතින් මුදල් ගත්තා නේද?” ”අනේ ඔව්, මට ඔයාට කියන්න බැරි වුණා. හදිසියකට මං රුපියල් 5000ක් ගත්තා.” යැයි ඇඟට නොදැනී ඇය කීවාය. ”පන්දාහ? පන්දාහ නෙවෙයි හැට දාහක් අරගෙන... මට බොරු කියන්න එපා.” තරුණයා තරහෙන් කීවේ ය. ”අනේ නැහැ ... අනේ මං එච්චර ගත්තෙ නැහැ ..” යැයි තරුණිය යළිත් කීවාය. ”හරි බලා ගනිමු. ගත්ත නොගත්ත හැටි?” යැයි කියමින් ව්‍යාපාරික තරුණයා පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය. පැමිණිල්ල විභාග කළ පොලිසිය සැබෑ තතු තරුණියගෙන් හෙළිකර ගත්තේය. තමා ගත් මුදලෙන් 30,000ක් තරුණයාට ආපසු දීමට ඇය පොරොන්දු වූවාය. පසුව අනාවරණය වූයේ තරුණයන් සමග මිතුරුවී ඔවුන් අමාරුවේ දමන ඇය ”කෛරාටික” පෙම්වතියක් බවයි.
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
“නංගිට කැමැති කසාදයක් කර ගන්න ඉඩ හැරියා වගේම තමන්ටත් ඕනෑ කසාදයක් කර ගන්න ඉඩ හරින්නේ නෑ” යැයි වයෝවෘද්ධ යුවළක් නිවසේ තනිකර දමා ගොස් ඇතැයි කියන අපූරු දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලූත් පෙම්වතිය ව්‍යාපාරික තරුණයාගේ කනෙන් රිංගලා