කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
හිතවතකුගේ විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගී වීමට බිරිඳට පැලැඳ ගෙන යාමට වයෝවෘද්ධ මවගෙන් ඉල්ලා ගෙන ගොස් ඇතැයි කියන රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගය සඟවාගෙන ව්‍යාජ රන් භාණ්ඩ ආපසු ගිහින් දී ඇතැයි කියන පුතකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ගම්මානයක 29 හැවිරිදි තරුණයෙකි. ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන්නට යන එන අතරේ එම ඇඟලුම් ආයතනයේ සේවය කරන තරුණියක සමග ඇති කරගත් සම්බන්ධතාවක් මත දෙපාර්ශවයේ ආශීර්වාද මැද විවාහ විය.
තරුණයා මනාලිය නිවෙසට කැන්දාගෙන පැමිණ මාසයක පමණ කාලයක් එහි ගත කර නගරයට කිට්ටුව කුලීයට ගත් නිවෙසක පදිංචි වූහ.
මොවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යයට පැමිණ සිටි ඇඟලුම් ආයතනයේ හිතවතියකගේ විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාවට නව යුවළට ද ආරාධනා කර තිබුණි. විවාහය ලියා පදිංචි කිරීමේ අවස්ථාවට සහභාගී වීමට යාමට බිරියට පලැඳවා ගෙන යාමට මව සතුව ඇති ලොකු මාලයත් අත් පලඳනාවත් තරුණයා මවගෙන් ඉල්ලා ගෙන ආවේය.
පසුව යුවළ හිතවතියකගේ විවාහය ලියාපදිංචි උත්සව අවස්ථාවට යාමට සූදානම් වූ අවස්ථාවේ දී තරුණයා තරුණියගේ ගෙලට මවගේ රන් මාලයත් අතට අත් පලඳනාවත් බැඳ මේ දෙක ඔයාට කදිමට ගැළපෙන බව පැවසීය.
පසුව තරුණිය තරුණයාට කියා ඇත්තේ අම්මාගේ රන් මාලය හා අත් පලඳනාව ඉල්ලා දෙන ලෙසය.
‘‘පිස්සු ද මැණික අම්මා මාලය හා අත් පලඳනාව ඔයාට දෙන එකක් නෑ. අම්මා හරි ආදරෙයි එයාගේ රන් බඩුවලට මට ඒක කරන්න බැහැ පුළුවන් දවසක දෙකක් ඔයාට අරන් දෙන්නම් යැයි තරුණයා පැවසීය.
‘එහෙනම් ඉමිටේෂන් මාලයකුයි ඉමිටේෂන් අත් පලඳනාවකුයි අපි ගිහිල්ලා එද්දී කඩෙන් අරගෙන මේ මාලය හා අත් පලඳනාව තියාගෙන ඉමිටේෂන් දෙක අම්මාට ගිහින් දෙමු. අම්මාට දැන් මාල හා අත් පලඳනා මොකටද වැඩක් නැහැනෙ” යැයි තරුණිය සිනාමුසු මුහුණින් පැවසුවාය.
දෙදෙනා හිතවතියකගේ විවාහ ලියාපදිංචියට සහභාගී වී කෑගල්ල නගරයට පැමිණ ඉමිටේෂන් බඩු අලෙවි කරන වෙළෙඳසලකට ගොස් රන් මාලය හා අත් පලඳනාවට සමාන ඉමිටේෂන් අත් පලඳනාවක් ගෙන ආහ.
ඇඟ සෝදා ගත් තරුණයා මවට දුරකතනයෙන් කතා කොට ‘‘අම්මේ අපි රෑ වෙලා එනවා අපි දෙන්නටත් එක්ක කෑම හදන්න” යැයි පැවැසීය.
පසුව ලේලිය නැන්දම්මාගේ රන් මාලය හා අත් පලඳනාව නිවෙසේ අල්මාරියේ තබා ඉමිටේෂන් මාලය හා අත් පලඳනාව රැගෙන යතුරු පැදියෙන් මහ ගෙදර නිවෙසට ගොස් රෑට කෑම ද කා ඉමිටේෂන් මාලයයි ඉමිටේෂන් අත් පලඳනාවයි දී අම්මේ මෙන්න අම්මාගේ රන් බඩු ටික යැයි පවසා මවට දී යුවල ආපසු හැරී පැමිණියහ.
දින කිහිපයකට පසුව තරුණායාගේ මව රන් බඩු ටික පරීක්ෂා කර බැලුවේ නිකමට මෙනි. එහිදී රන් මාලය හා අත් පලඳනාව ඉමිටේෂන් බව ඇයට වැටහුණි. පසුව මව තරුණායාට දුරකතනයෙන් කතා කොට විමසුවාය. එහිදී තරුණයා මවට කියා ඇත්තේ මාලය හා අත් පලඳනාව මාරු නොකළ බවය. එදා සිට මව සිය දරුවා සමග ගනු දෙනුවක් නොමැති බව වාර්තා වෙයි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අලුත් ලේලියගේ කීමට පුතා අම්මාටත් කොලේ වහලා