රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා අපහසුතාවයට පත්වූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය රෝහලකින් වාර්තා විය.
රෝගියකු බැලීමට යන අය කිසියම් දෙයක් ලෙඩා වෙනුවෙන් රැගෙන යාම බොහෝ අයගේ පුරුද්දකි. තරමක කපටි අයකු තම මිතුරකු බැලීමට ගියේ දහවල් කෑම පැයේදීය. කඩිමුඩියේ ලකලැහැස්ති වී රෝහලට ගිය ඔහුට ලෙඩාට දීමට කිසිවක් ගැනීමට නොහැකි විය. නමුත් ඔහු බැලීමට පැමිණි හැමදෙනාම මොනයම් දෙයක් රැගෙනවිත් තිබුණු නිසා තරමක ලැජ්ජාවක්ද ඇතිවිය.
වටපිට බැලූ ඔහුට අසල රෝගියකුගේ කබඩ් එක උඩඇසුරුමක බහා තිබුණු සස්ටජන් ටින් එකක් දුටු අතර එම ඇඳෙහි සිටි රෝගියා වැසිකිළියට ගොස් තිබුණි. කිසිවකුට නොපෙනෙන ලෙස එය ගත් හෙතෙම තම මිතුරාගේ අතට දී මචන් උඹට කෑමබීමත් ගන්න අමාරු නිසා මං මේක ගෙනාවේ. මේකෙන් පිටි හැඳි තුන හතරක් දාලා හදාගෙන බීපන් ඇඟටත් හොඳයි කියා එතනින් පිටත් විය. රෝගීන් බැලීමට පැමිණි අය පිටත් වී ගිය පසු මිතුරා ගෙනැවිත් දුන් තෑග්ගෙහි වටිනා කමත් තම මිතුරාගේ අවංක කමත් අසල ඇඳෙහි රෝගියාට කියා ඇත. අනේ ඕක මොකක්ද මටත් අද සස්ටජන් ටින් එකක් ලැබුණා. රුපියල් හාරදාහක් විතර වටින නිසා කවුරුහරි හොරකම් කළොත් හඳුනා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා සලකුණකුත් දැම්මා කියමින් කබඩ් එක දිහා බැලුවත් එය එතැන නොතිබුණි. අනේ එහෙනම් ඔයාගේ පෑනෙන් මට ලැබුණු ටින් එකේ මගේ නම ලියන්න කියා එය ඔහුගේ අතට දී තිබුණි.
කවරය දිගහැර බැලූවිට තමාට ලැබුණු සස්ටජන් ටින් එක බව දැක උඹ මහපල් හොරෙක් මගේ පිටි ටින් එක මූ හොරකම් කරලා කියා මහ හයියෙන් කියා ඇත. මෙයින් පුදුමයටත් ලැජ්ජාවටත් පත් වූ මිතුරු රෝගියා එම ටින් එක ගෙනැවිත් දුන් මිතුරා හමුවීමට ගොස් තමන්ට සිදුවූ ඇබැද්දිය කියා තිබේ. නමුත් අර කපටි මිතුරා එය ගණනකට නොගෙන මචන් මට දැන් හදිසි ගමනක් යන්න තියෙනවා කියා පිටත් වී ඇති අතර මිතුරු රෝගියා දැඩි ලෙස අසරණව ප්‍රතිකාර අතරමග නතර කර නිවසට පැමිණ තිබුණි.
මුලටියන එස්. බාලසූරිය
දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් ද
මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු දිසාවෙන්
ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ
සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද
රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා
සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
අල්ලපු ඇදේ ලෙඩාගේ පිටි ටින් එක රෝගී යාළුවාට දීලා