IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අලුත ගෙනා මනමාලි නැන්දම්මා ලයිට් බිලට පටලවාගෙන

අම්මා ගෙවූ විදුලි බිල දැක නිවසට අලුත පැමිණි ලේලියට තරු පෙනුණ පුවතක් මහව පොලිස් වසමේ පිටිසර ගමකින් අසන්නට ලැබුණි.
නිවසේ එකම පුතු පසුගියදා විවාහ විය. මංගල්‍යය ජයටම සමරා මනාලිය නිවසේ තබා මනාල පුත්‍රයා නිවසින් බැහැරව ගියේ සුපුරුදු රාජ්‍ය සේවා ස්ථානයට වාර්තා කිරීමටය. තමා සති අන්තයේ එන තෙක් අම්මා සමඟ වාසය කරන්නට බිරිඳට උපදෙස් දී තිබුණි.
නවක ලේළිය ගෙයි සිටියදී නැන්දම්මා නගරයට යැව්වේ ඇයට අවැසි දේ ගෙන ඒමටය. ඒ අතරේ නැන්දම්මාට ලයිට් බිලත් ගෙවා ගන එන ලෙස පැවසූ ලේළිය පසුගිය මාසයේ ලයිට් බිලත් ඇය අත තැබුවා ය.
නගරයට ගිය ඇය පළමුව ලයිට් බිල බැඳීමට තැපැල් කාර්යාලයට ගියා ය. එසේ ගොස් පෝලිමේ සිටි ඇය රුපියල් පන් දහස් ගණනක ලයිට් බිලකට අදාළ මුදල ගෙව්වාය. ලේළිය ගෙනෙන්නට කී බඩු ගෙන ඒමට මුදල් මදි ය.
ඒ නිසා ලයිට් බිල ගෙවූ ඇය අනිකුත් කිසිවක් නොගෙන හිස් අතින් ආපසු නිවසට පැමිණියා ය.


“දුවේ ලයිට් බිල ගෙව්වා. දුවට ගෙනෙන්න කී කිසිවක් ගන්න සල්ලි මදි වුණා” මොනවා, අපේ ලයිට් බිලට එච්චර මුදලක් නැහැනේ. “ඇය නැන්දම්මා ගෙවූ ලයිට් බිල ඉල්ලාගෙන පරීක්ෂා කළා ය.
“යකෝ ගෙදර ලයිට් බිල කියලා අම්මාට දීලා තියෙන්නේ මහත්තයා වැඩ කරන ආයතනයේ ලයිට් බිලක්නේ” ඇය වහා සිද්ධිය මහත්තයාට පවසා සිටියාය. “වියපත් අම්මා ඊට වගකිව යුතු නෑ. වරද කර ඇත්තේ ඔයයි”  පවසා එම මුදල ආයතනයෙන් ඉල්ලා සිටියත් එය ආපසු ගැනීම ලෙහෙසි පහසු නැත. එම මුදල ගැනීමට ඔහුට ඊට අදාල ලියකියවිලි සකසාගෙන කොළඹ ප්‍රධාන කාර්යාලයට යාමට සිදුවෙලාලු.

මොරගොල්ලාගම -  සිසිර කැලේගම



අදහස් (0)

අලුත ගෙනා මනමාලි නැන්දම්මා ලයිට් බිලට පටලවාගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site