පෙරහරට තමන් දායකත්වය දෙන අලියා තමන්ට දැඩි ආදරයක් ඇතැයි පෙන්වීමට ගිය අයකුට වූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
ව්‍යාපාරිකයකු වූ ඔහු අලින්ට දැඩි ආදරයක් දැක් වූ අයෙකි. ඒ නිසාම ගමේ විහාරස්ථානයෙන් සංවිධානය කරන පෙරහරේ අලියකු සඳහා දායකත්වය සැපයුවේ ද කාලයක පටන්මය. ඒ වෙනුවෙන් ඔහු නිර්ලෝභීව ලක්ෂ ගණනක් වැය කරන්නේය. ඒ කිසිදු ලෝභ කමක් තණ්හාවක් නොමැතිව වීම විශේෂත්වයකි.
පෙරහර සඳහා ගෙන එන අලියා ඔහු තෝරාගත්තේ ගිරිඋල්ල ප්‍රදේශයෙනි. අලියා පෙරහරට ගෙන ආදා සිට ඔහුට ඉස්පාසුවක් නැත්තේය. ගමේ නගරයේ කැවුම් අලෙවි කරන තැන් සොය සොයා ගොස් රුපියල් දහස් ගණන් කැවුම් මිළ දී අලියාට කවන්නේය. අලියා වඩාත්ම කැමති පැණි වළලු ද මුදල්වලට මිලදීගෙන ඌට කවන්නේය. එදාට රටේම උක්ගස් හා පොල් අතු සොය සොයා ගෙනවිත් අලියාට කවන්නේය. මේ කවන කවන වාරයක් පාසාම අලියා ඔහුට හොඬ වැල අත ගාන්න, ළං වෙන්න ඉඩ දුන්නේ ටොපි චොක්ලට්, ඇඳුම් පැළදුම් වැනි තෑගි භෝග අරන් දෙනවිට පෙම්වතා කිට්ටුවට ගන්නා පෙම්වතියක පරිද්දෙනි. මේ නිසාම ඔහු සිතුවේ තමා කන්න දෙන අලියා තමාට පට්ට ආදරේ යයි සිතාය.
මේ අලියාම මේ ඊයේ පෙරේදා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දිවා සහ රෑ පෙරහර සඳහා ගෙනවිත් සිටියේය. ඌ බැඳ තිබුණේ අම්බලන්ගොඩ තානායම් භූමියේය. අපේ මිතුරා සිය වාහනයෙන් යන විට තමා කන්න දෙන අලියා දුටුවේය. අලියා මෙහි ඉන්න බව නොදැන අහම්බෙන් මෙන් දුටු ඔහු එදා අලියා ළඟට කිට්ටු වූයේ ඌට කෑමට මොකුත් නොමැතිවය. ඒත් අලියා ඔහුට ළං වෙන්න ඉඩ දුන්නේය. හොඬ වැළ අත ගාන්න දුන්නේය.
ඊට පසුත් අවස්ථාවක මේ ස්ථානයෙන් වාහනයෙන් යමින් සිටි ඔහු මේ අලියා දුටුවේය. අලියා දැක්ක ඔහුට ඌ ළඟට නොගොස් ඉන්නට බැරිවිය. ඔහු සිටියේ ටිකක් විතර රත්වී ගෙනය. අලියා ළඟට ගිය ඔහු වෙනදා මෙන් උගේ හොඬ වැල අත ගාන්න පටන් ගත්තේය. ඒ එක්කම අලියා ඔහුගේ අත හොඬවැලින් අල්ලා ගත්තේය. ඒ අතේ මස් පොඩි වන ලෙස තදිනි. ඒ විතරක්ම නොවේ ඔහු අලියා ළඟටම ඇද්දේය. ඔහු අලියාගේ හොඬ වැලෙන් අත නිදහස් කර ගැනීමට ඇද්දේය. ඒ එක්කම අලියා හොඬවැලෙන් ඔහු ළඟට ගෙනවිත් උඩින්ම වීසි කළේය.
උඩින් බිමට වීසිවී වැටුණ ඔහුගේ අස්ථි බිදී ගියේය. ඔහු රෝහල් ගත කෙරිණ. අලියා ඇල්ලූ අත යථා තත්වයට පත්කර ගැනීමට ශල්‍යකර්ම කිහිපයක්ම කිරීමට සිදුවිය. ‘‘මචං කොහොමද උඹ කන්න දුන්නු අලියා’’ , යයි මිතුරන් ඇසූවිට ඔහු දැන් කියන්නේ ‘අලිනම් දැන් මචං හොඳටම ඇතියි’ කියාලු.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අලි ආදරේ පෙන්වන්න ගිහින් අතකුත් කඩාගෙන