කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු එම විවාහක තරුණියගේ පවුල සමග සමීපව කටයුතු කළ පුද්ගලයකි. ත්‍රිරෝද රථ රියදුරුවරයකු වන ඔහු එම ගමේ හන්දියේ ත්‍රිරෝද රථය ගාල් කර කුලී ගමන් දුවයි. ත්‍රිරෝද රථ ගාලේ ‘‘අවංකයා” ලෙස හඳුන්වන ඔහු, ඇත්තටම අවංක නිහතමානී චරිතයකි. ඇතැම් පුද්ගලයන් හයර් ගොස් අමතකව දමා යන ජංගම දුරකථන ඇතුළු බඩු භාණ්ඩ ඔහු එම කුලී ගමන ගිය පුද්ගලයා සොයා ආපසු ලබා දෙන්නේ ඔහුගේ අවංක කම නිසාමය. මෙම විවාහය සිදු වූ පවුලේ ද සියලුම කුලී ගමන් ගොස් ඇත්තේ ඔහුය.
ධනවත් පවුලක් වූ ඔවුහු බොහෝ අවස්ථාවල කුලී ගමනට වැඩි මුදලක් හා ගෙදරට කැඳවා තේ එකක් ලබාදීමට කටයුතු කරති. එම පවුලේ එකම දියණිය තරමක් සෙල්ලක් කාර එකියක් වූ අතර, ඇය බොහෝ තරුණයන් ආශ්‍රය කර ඔවුන් සමග හෝටල් කාමර වෙත යයි.
එම ගමන් සඳහා ද එම තරුණිය ඔහු යොදාගන්නේ ඔහුගේ අවංක බව නිසාය. එහෙත් එම පවුල නොදන්නා හැමෝම දන්නා අවංකයාගේ ප්‍රසිද්ධ රහසක් තිබුණි. ඒ ඔහු අධික ලෙස මත්පැන් පානය කරන අතර, එවිට ඔහුගේ අවංක භාවය කටින් පිටවන නිසාය.
බොහෝ විට බීමතින් ඔහු ඇතැම් දෑ කියන්නේ ඔහුගේ අවංක භාවය පෙන්වීමටය. කෙසේ වෙතත් එම විවාහක තරුණියගේ විවාහ මංගල්‍යය වෙත ඔහුටද ආරාධනා ලැබී ඇති අතර, ඔහු එයට සහභාගි වී ඇත්තේ වේලාසනින්ය.
පසුව ඔහු මගුල් ගෙදරින් මත්පැන්වලින් හොඳින් සප්පායම් වී ඇත. පසුව මනාල යුවල මධුසමය වෙත පිටත්වන වෙලාව පැමිණ ඇති අතර, මනාලිය එළියට බසිද්දී ඇයගේ අතීත ක්‍රියාකාරකම් හොඳින් දන්නා ඇයගේ මව ඇය බදාගෙන හඬා ඇත්තේ දුකට නොව සාම්ප්‍රදායක් ලෙසය.
මෙය දුටු අවංකයා ඉදිරියට පැන ‘‘ඇයි ඇන්ටි අඬන්නේ, නංගී මේවා පුරුදු වෙන්න යන ගමන්ද? මාත් එක්කනම් කොච්චර ගිහින් ඇද්ද? යැයි කියා ඇත්තේ සූර් පිටය. පැමිණ සිටි මනාල පාර්ශ්වයේ අය හා හිතවතුන් මුහුණට මුහුණ බලා ගද්දී, මනාලිය ආරූඪ වූ කපුවෙකු පොල් මලින් ඔළුවට ගසා ගන්නා මෙන් ත්‍රිරෝද රථ අවංකයාට පහර දීමට පටන් ගෙන ඇත.
තරබාරූ කාන්තාවක් වූ මනාලියගේ මව කෙට්ටු ඔහුගේ ඇට කටු කුඩු කරන්න තරම් හයියෙන් පහර දෙද්දී, දෙවියන් සිහිපත් කළ ඔහු පැමිණි ත්‍රිරෝද රථය විවාහ උත්සව ශාලාවේ දමා, කකුල් දෙකේ පිහිට පතා හැකි වේගයෙන් දුවගොස් ඇත්තේ ටයි කෝට් කාරයන් පෝලිමේ ඔහුව පන්නාගෙන එද්දීය.
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
ප්‍රසිද්ධ කුලී රථ සමාගමකට අයත් වාහනයක් කුලී පදනමට රැගෙන අගනුවර ප්‍රදේශයේ සිට දකුණේ ගම්බද ප්‍රදේශයකට ගොස් කුලී මුදල නොගෙවා පලාගිය සැමියා බේරාගන්න බිර
මෝඩයාගේ දිනය හෙවත් අප්‍රේල් 01 දා තම සහෝදරයා ගොනාට ඇන්දවීමට ගොස් සහෝදරිය ඇන්දුනු පුවතකි මේ.
පොලීසියෙන් අල්ලාගත් මිතුරාගේ රුපියල් විසිපන්දහසේ දඩය නොගෙවන තැනට කටයුතු කරන්න තමාට හැකි යැයි පුරසාරම් දොඩා ඒ සඳහා මැදිහත්වීමට ගොස් මිතුරාගේ දඩය මෙන
සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
himal Monday, 07 April 2025 08:43 AM
කතාව නිර්මාණයක්. මොකද කුලී ගමන් යන්න කුලී රථයක් පවුලෙන් ගත්තා කියමු. ඒත් ඒ රියදුරා එක්කම ඒ පවුලේ ගෑණු ළමයා රූම් යනවා කියන්නෙම බොරුවක්නේ. මොකද එක එක පිරිමි ළමයා එක්ක යන්න එකම වාහනේ යන්නෙත් නෑ, අනික තමන්ගේ පවුලේ රියදුරා එක්ක යන්නේ නෑනේ.
ගුණරත්න Monday, 07 April 2025 06:55 PM
හිමාල් කිව්වා හරි, ඔහොම අවංක කෙනෙක් නම් කෙල්ල කීයටවත් එයාගේ වාහනේ යන්නේ නැහැ..