මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
අවමඟුල් පෙරහරේ රැගෙන ගිය මල් වඩම් කිහිපයක් අතුරුදන්වීමේ සිද්ධියක් හේතුවෙන් ඇති වූ කලබගෑනියක් පිළිබඳව ගම්පහ දිසාවේ නගරයකින් වාර්තා වේ.
එය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවෙසක සිදුවූ අවමඟුල් උත්සවයකි. ඥාති හිතවතුන් දහස් ගණනින් රොද බැදගත් තැනකි.
ශෝකය පළ කරන්නට ආ ඥාති හිතවතුන් ගෙනා මල් වඩම් තබන්නට වෙනම බිමක් වෙන් කරන්නට සිදුවූයේ එහෙයිනි. රුපියල් දස දහස් ගණනින් වටිනා මල් වඩම් ද මේ අතර තිබිණි.
ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව දේහය සොහොන් බිම කරාගෙන ගියේ මහ පෙරහරකිනි. පෙරහරේ මුල මල් වඩම් ගෙන යන්නට පිරිස අතර පැවතියේ තරගයකි. අතේ පයේ බලය ඇති තරුණ පිරිස් රැගෙන පෙරහරට එක් වූයේ ලැසි ගමනින්ය.
සොහොන් බිමේ දේහය තැන්පත් කිරීමෙන් පසු මල් වඩම් අවට තැන්පත් කරන අවස්ථාව උදා විය. නිවෙසේ තිබූ මල් වඩම් වලින් කිහිපයක් ඒ වන විට එහි නොතිබිණි. වැඩි වටිනාකමක් සහිත මල් වඩම් අතුරුදන්ව ඇති බව දක්නට ලැබිණි.
ඒවා රැගෙන ආ පිරිස් ද දක්නට නොවීය. පසුව කළ සොයා බැලීමේ දී ආරංචි වූයේ මල්ශාලා කිහිපයකට මේ මල් වඩම් යළි විකුණා ඇති බවයි. මත්කුඩුවලට හුරු වූ පිරිසක් මෙසේ පොරකා අවමඟුල් පෙළපාලියේ මුලටම එකතු වී මල් වඩම් රැගෙන යන අතර මගදී මග හැර යාමෙන් මෙම මල් වඩම් අතුරුදන් වී ඇති බව පසුව දැන ගන්නට ලැබිණ
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අවමඟුල් පෙරහරේ ‘මල් වඩම’ එවලේම ‘මල් ශාලාවේ’
pakeer Tuesday, 10 January 2023 12:54 PM
මේවට රුකුල් දෙන්නේ ව්‍යාපාරයෝ. කවුරු හරි, මොකක් හරි ලාබෙට උස්සන් ආවාම ඔවුන් ඒවා ගන්නවා. ඉතින් මොවුන් මේවට පොරකනවා.