ගලහ ඩබ්ලිව්.ඒ. අසේල
බල්ලකු නිසා අමාරුවේ වැටුණ තරුණයකු සම්බන්ධ අපූරු සිද්ධියක් මහනුවර තලාතුඔයෙන් වාර්තාවේ.
ඔහු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ තරුණයෙකි.
අසල්වැසි නිවෙසක ඇතිකරන බල්ලකුගේ දරුණු සපාකෑම්වලට ලක්වී ප්‍රතිකාර සඳහා රෝහලට ගියේය. බල්ලාට එන්නත් කළ කාඩ්පත රැගෙන එන ලෙස වෛද්‍යවරයා ඔහුට පැවැසුවේ ප්‍රතිකාර කිරීමට පෙරාතුවය.
වහාම ඔහු තම නිවෙසට දුරකතන ඇමතුමක් දී එම බල්ලා සිටි නිවසට ගොස් එන්නත් කාඩ්පත ඉල්ලාගෙන එන ලෙස බිරිඳට දැන්වීය.
බිරිඳ තකහනියේ එම නිවෙසට ගොස් නිවෙස් හිමියාගෙන් එන්නත් කාඩ්පත ඉල්ලූවිට ඔහු නිවසේ අල්මාරියේ තිබූ එන්නත් කාඩ්පතක් ඇයට දුන්නේය.
වහාම රෝහල වෙත ගොස් එම කාඩ්පත වෛද්‍යවරයාට පෙන්වද්දී කාඩ්පත පරීක්‍ෂා කළ වෛද්‍යවරයා බල්ලකුගේ ආයු කාලය කොපමණ ද කියා රෝගියාගෙන් විමසුවේය. සාමාන්‍යයෙන් අවුරුදු දහයක් දොළහක් පමණ වන බව රෝගියා පැවසුවේ එතරම් ගණනකට නොගෙනය.
ඒකනෙ මේ බල්ලට වයස අවුරුදු තිහකට කිට්ටුයි. ගිනස් පොතට යන්න ඕනෑ. වෛද්‍යවරයා එසේ පැවසුවේ නළල ද රැලි ගන්වමිනි.
මේ කාඩ්පතේ හැටියට 1994 අවුරුද්දෙ තමා මේ බල්ලට එන්නත් කරල තියෙන්නෙ.
ඔහු රෝගියාට යළිත් පැවසුවේය.
කෙසේ නමුත් තුවාල සඳහා ප්‍රතිකාර කොට ජලභීතිකාව සඳහා එන්නත් ද ලබාගෙන නිවෙසට පැමිණ බල්ලාගේ නිවෙසේ අයිතිකරු හමුවීමට ගියේ සිදුව ඇත්තේ කුමක්දැයි විමසීමටත් එක්කය.
‘‘ඇයි මාමා බල්ලගේ පරණ බේත් කාඩ් එකක් රෝහලට එව්වෙ මම හරි අපහසුතාවකට පත් වුණානේ’’ යැයි පැවසුවේ තරමක නෝක්කාඩුවක් ලෙසිනි.
නෑ පුතා බල්ලට එන්නත් කරල නෑ. ඔය කාඩ්පත මගේ ඉස්සර හිටපු බල්ලගෙ. ඌ මැරිල දැන් ගොඩක් කල්. මම බය වුණා පුතා ඒකයි ඔය කාඩ් එක එව්වෙ. මොකක් හරි ෂේප් එකක් දාගන්න යැයි ඔහු කියාගෙන ගියේ ද වගේ වගක් නැතිවය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අවුරුදු තිහක නාකි බල්ලෙක්