අගනුවරට ආසන්න සරසවියක අවසන් වසරේ සිසුවකු වූ ඔහු පසුගියදා සිය සරසවි සගයින් ළඟට අඬාගෙන ආවේ විදුලි පුවතක්ද රැගෙනය.
එහි වූයේ සිය පියා මිය ගිය බවකි. දඹදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ඔහු ඉතා අමාරුවෙන් ජීවත් වන බව දත් සගයෝ වහාම අරමුදලක් පිහිටුවා රුපියල් පනස් දහසක මුදලක් එකතුකර ඔහුට දී ගමට යැව්වේ අනුකම්පාවෙනි.
පසුවදාම සරසවි සගයන්ද වෑන් රථයක් සූදානම් කරගෙන ඔහුගේ ලිපිනයෙන් ගෙදර සොයාගෙන ගියේ අවමඟුලට සහභාගි වීමටය.
අමාරුවෙන් නිවස සොයාගත් ඔවුන්ට දෙවියන් සිහිවූයේ පියා මිය ගොස් දැනට වසර පහක් පමණ ගතවූ බව දැන ගැනීමෙනි. සිය සගයාද එහි නොවීය.
ඔහුගේ මව කිවේ පසුගිය දිනවල හිතුවක්කාර විවාහයක් කරගෙන දැනට බිරියට දරුවකු ලැබෙන්නට සිටින හෙයින් ඔහු නොඅනුමානවම එහි යන්නට ඇති බවය.
තොරතුරු විමසීමේදී ගමේ යහලූවකු ඔහුගේ අනු දැනුම මත විදුලි පුවත එවා ඇති බවද අනාවරණය වුණාලූ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අවුරුදු පහකට කලින් මැරුණ පියකුගේ මළ ගෙදරක ගිහින්
නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 21 December 2013 04:02 PM
ඇත්තම කිව්වනම් ඉවරනේ අවංක යාලුවෝ අනිවාර්යෙන්ම උදව් කරනවනේ.පව් කියල හිතෙනව වැඩේ වැරදි උනත්.නැති කමටමයි වෙන ලජ්ජාවවාත් නොතකා මේදේ කරන්න ඇත්තේ. (අ)
තිලිණ කුරුකුලසූරිය Friday, 27 December 2013 09:35 AM
මනුස්සයත් අසරණයෙක්නේ. (ස)
රසික විතාන Friday, 20 December 2013 09:24 AM
ඔයා මුලින්ම යන්න, අපි හෙට උදෙන්ම ඇවිත් උදව් කරන්නම් කියල ගෙදර යන්න කියන්න තිබුණේ.අනික මිතුරන්ගේ විස්තර අනෙක් මිතුරන් දැනගෙන ඉන්න ඕන නේද? (ස)
ටිකිරි Tuesday, 24 December 2013 03:42 AM
මොක උනත් හොඳ කෙනෙක්,දැන් කාලේ මිනිස්සු ගෑනුන්ට සලකන්නේ නැහැනේ.බොරු කියලා හරි දරුවා ලැබෙන්න හිටපු නෝනා බලන්න ගියා නම් හොඳම මහත්තයෙක්.කවද උනහම මොකෝ තාත්තත් මැරිලානේ.(අ)
වසන්ත Tuesday, 24 December 2013 09:17 AM
ඔය වගෙ අයද රට බාර ගන්න පිකටින් කරන්නෙ. දෙමාපියන්ගේ වරද. සමාජ සාරදර්ම දන්නේ නැහැ. (නදී)
වී ගුණවර්ධන Sunday, 22 December 2013 09:59 AM
රටේ අනාගතය කියලා කියනවා. ඔය අය කොහේ ගියත් ඔය වගේ වැඩ අනිවාර්යයෙන්ම කරනවා. (නදී)
දර්ශා Saturday, 21 December 2013 09:03 AM
දැන් විදුලි පණිවිඩ නැහැ නේද?? (අ)
සෙලිනා Friday, 20 December 2013 02:11 PM
මිට පස්සේ හොදට හොයල බලල උදව් කරන්න හිතට ගන්න මේ අපේ රට දැන් පවතින්නේ බොරුව වංචාවෙන් අහෝ ලක් බිමට ගිය කලක් (අ)
අචිර Sunday, 22 December 2013 09:43 PM
දැන් ලංකාවේ විදුලි පුවත් නැනේ (ත)
තීක්ෂණ Saturday, 21 December 2013 09:41 AM
වැඩි විස්වාසය, එතරම් හොඳ නෑ (අ)
ගුණවර්ධන Friday, 20 December 2013 03:27 PM
තුන්වන පන්තියේ අය. ඔය පෙළපාලි යන අයගෙන් එක්කනෙක් වෙන්න ඇති. (අ)
රසික ඩුබායි Thursday, 26 December 2013 05:09 PM
මෙයාලට හොද දඩුවම් දෙන්න ඕනි. මෙහෙම උනාම කෙනෙක්ව විශ්වාස කරලා අහිංසකයකුට උදව්වක්වත් කරන එකක් නෑ කවුරුත් (දිල්)
නිලූ Wednesday, 25 December 2013 08:35 PM
අලුත උපන් දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග යාලුවෝ දීලා තියෙන්නේ.(නදී)
ආරියසේන Saturday, 21 December 2013 11:52 AM
කෙනෙක් මලා කියල විදුලු පුවතක් යවනවා නම් මරණ සහතිකය අනිවාර්‍ය කළ යුතුයි. මැරුණු පියාට වත් නිදහසක් නැහැ.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Saturday, 21 December 2013 12:15 PM
අන්න නියම නවක වදය. ආයේ ආවම ප්‍රති උත්තර දේවි නේද?(නදී)
සරත් Saturday, 21 December 2013 01:32 PM
නැති බැරිකමට කරපු දෙයක්.ඔය ගැන එතරම් අමනාප වෙන්න එපා.වැඩේ නම් කොහොම උනත් වැරදියි.(අ)
ශාන්ති Friday, 20 December 2013 06:42 PM
ඔයවගේ දේවල් දැන් හැමතැනකම සිදුවෙනවා නේ (අ)
අකිල Friday, 20 December 2013 07:10 PM
මේ වගේම තව කතාවක් දෙයියෝ සාක්කි වල තිබ්බ.(අ)
අසෝකා Friday, 20 December 2013 07:11 PM
මේවගේ කෙනෙක් දෙන්නෙක් කරන වංචාවන් නිසා ඇත්තටම අහිංසකයෙකුට මෙහෙම දෙයක් උනත් යාලුවෝ උදව් කරන්න මැලිවෙනවා. (අ)
දුෂාන් Sunday, 22 December 2013 03:20 PM
දැන් ලංකාවේ ටෙලි ග්‍රෑම් නෑනේ.... ? (ත)