අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. එම අවුරුදු උත්සවය ගමේ ජයට පැවැත්වෙන අවුරුදු උත්සවයකි. තරග සඳහා විශාල මුදල් ත්‍යාග හා වෙනත් තෑගි හිමි වේ. මෙම අවුරුදු උත්සවයේ ද අනෙකුත් අවුරුදු උත්සවවල මෙන් සැඟවුණ අමුත්තා සෙවීම තරගය ද පවත්වා ඇති අතර ඒ සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ගමේ පොලී මුදලාලී කෙනෙකු විසිනි.
ඔහු ඒ සඳහා මුදලින් රුපියල් විසිපන්දහසක් ලබාදෙන බව පවසා ඇත. සැඟවුණ අමුත්තා නම් කිරීම ද ඔහු විසින් සිදුකර තිබේ. සැඟවුණ අමුත්තා සොයා ගන්නා තෙක් සැඟවුණ අමුත්තා ද තමන් සැඟවුණ අමුත්තා බව නොදනී. කෙසේ වෙතත් සැඟවුණ අමුත්තා තේරීමේ කටයුත්ත ආරම්භ වී ඇති අතර අවුරුදු උත්සවයේ සිට පිරිස ලහි ලහියේ සැඟවුණ අමුත්තා සෙවීමට පටන්ගෙන ඇත්තේ විසිපන්දහසක මුදල් ත්‍යාගය ලබා ගැනීමටය.
මේ අතර ගමේ සල්ලාලකම් කරන තරුණයකු ද මෙම අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ ඇත්තේ කලකට පසු ගමට පැමිණීම සමගය. ඔහු ගමේ තරුණියක අමාරුවේ දමා වසර ගණනක් ගමට පැමිණ නොමැත. ඇයට ඔහුගෙන් කුඩා දරුවකුද සිටින අතර ඇය මෙන්ම ඇයගේ මවුපියෝ සහෝදරයෝ ඔහු සොයමින් සිටිති. කෙසේ වෙතත් එම තරුණයා කලින් සිටි පෙනුමට වඩා හඳුනා ගැනීමට පවා නොහැකිය.
මේ අතර සැඟවුණු අමුත්තා පිළිබඳව නිවේදකයා විසින් යකඩ කටින් නිවේදනය කිරීමට පටන් ගෙන ඇත.
සැඟවුණ අමුත්තාගේ හැඩරුව එම තරුණයාගේ හැඩ රුවට සමානය. සැඟවුණු අමුත්තා වශයෙන් සිටින පුද්ගලයා අතින් අල්ලාගෙන කෙසේ හෝ වේදිකාවට ගෙනවිත් තහවුරු කර ත්‍යාග මුදල ලබාගන්නා ලෙස තරග සංවිධායකවරු දන්වා සිටියහ.
කෙසේ වෙතත් පැය කිහිපයක් ගත වද්දී අවුරුදු උත්සවයේ සිටි පිරිස මේ අලුත් අමුත්තා දැක නිවේදකයා කියු හැඩ රුව සමාන බැවින් ඔහු අල්ලාගෙන ඇත්තේ පොර කමිනි. පිරිසක් විසින් සැඟවුණ අමුත්තා අතින් අල්ලා නොව ඔසවාගෙන එන අයුරු රැස්ව සිටි පිරිසට දක්නට ලැබුණි.
හීන් දහඩිය දමා දෙවියන් සිහිපත් වූ තරුණයා වේදිකාවට ගියොත් කෙසේ හෝ තමන්ව කවුරුන් හෝ අඳුන ගනීවි යැයි සිතා ‘‘පිස්සුද? මෙම නෙමෙයි සැඟවුණ අමුත්තා, විසිපන්දහසට පනස්දහසක් දෙන්නම් අනේ බිමින් තියපල්ලා’’ කියමින් ඔහු ඇවිටිලි කරද්දී පිරිස ඔහු ඔසවාගෙන ගොස් ඇත්තේ එම බස් නෑහුන පරිද්දෙනි.
වේදිකාවට ඇදගෙන ආ මේ අපුරු අමුත්තා විපරම් කළ තරුණිය මේ සිටින්නේ තමන් අමාරුවේ දමා පැන ගිය පුද්ගලයා බව හැඳින තම දරුවා හා සහෝදරයන් සමඟ වේදිකාවට ගොස් ඔහුගේ බෙල්ලෙන් අල්ලාගෙන ඇත.
කෙසේ වෙතත් ඔහු සැඟවුණ අමුත්තා නොවන බැවින් ඔහු සොයා ගත් පුද්ගලයාට කිසිත් නොලැබුණත් සැඟවුණ අමුත්තාට අහඹු ලෙස අසු වූ ඔහුට දරුවකු සමග එම තරුණිය තෑගි ලැබී ඇත්තේ පොලිසිය මැදිහත් වීමෙනි.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
අවුරුද්දට කැවුම් කොකිස් සහ රස කැවිලි හදාගෙන ත්‍රිරෝද රථය පොලිසිය නතර කර බලද්දී ත්‍රී රෝද රථය තුළින් මත්පැන් ගඳක් වහනය වීම නිසා පොලිස් නිලධාරීන් ත්‍ර
පළාත් පාලන මැතිවරණය සඳහා මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා ගෙන යන්නැයි ඉල්ලූ අවස්ථාවේ ඒවා පුච්චා නළලේ අළු හා ගන්නා ලෙස මුද්‍රණාල හිමිකරුවාට පැවසූ අපේක්ෂා
මීට වසර විස්සකට පමණ ඉහත දී සිය කසාද බිරිය හා දරුවන් අතහැර දුර පළාතකට ගොස් වෙනත් ළඳක් හා එක වහලක් යට අලුත් ජීවිතයක් ගතකරමින් සිටියදී හදිසියේ මිය ගියේ යැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි