කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
මිනිහා අමද්‍යපය. ඇල් වතුරත් නිවලා බොන හාදයෙකි. සැර බීම බොන්න තියා කටටවත් නොගන්නා අයෙකි. බොන මිතුරන්ද ඇසුරු කරන්නේ ද බොහෝම පරිස්සමටය. මිතුරන් බොන තැනට ගියත් කට ගැස්ම යහමින් ගත්තත් බිව් වීදුරුවකවත් සැන්ඩි ටිකක්වත් නොබොන්නේ බීමට ඇති අප්රියාව නිසාමය.
අලුත් අවුරුද්ද නිමිත්තෙන් පාටියක් සංවිධානය කර තිබුණේ සමාගමකිනි. මිනිහාටද මේ සඳහා ඇරයුම් ලැබිණ. රජ මැදුරක ආරාධනාවට ගියත් බොහෝම චාමෙට යන මිනිහා මේ උත්සවයටද ගියේ චාමෙටය. සරලවය. ඒ ඔහුගේ හැටිය.
මේ අලුත් අවුරුදු පාටියට ගොස් ඔහු වාඩිවූ මේසයට පලතුරුවලින් සෑදූ ජූස් වර්ග කිහිපයක්ම සේවකයෝ රැගෙන ආහ. මිනිහාගේ හිත ගියේ පැණි කොමඩු ජූස් එකටය. බීම බටයකින් පැණි කොමඩු ජූස් එක තොලගාන ඔහුට පොඩි තිත්ත රසක්ද ආවේය.
එයට එතරම් සැලකිල්ලක් නොදැක්වූ ඔහු එම ජූස් එක එක පිම්මේ පානය කළේ අලජ්ජකමට නම් නොවේ. පිපාසයටය. එම පානයෙන් අමුතුම ආශ්වාදයක් ලැබූ කතා නායකයා තවත් පැණි කොමඩු ජූස් එකක් පානය කළේය. ඒ වෙනුවෙන් තිබූ කටට රසට සාදා තිබූ කුකුළු මස් සහ සොසේජස් පීරිසි දෙක තුනක්ම ඔහු ඇද බෑවේද අලජ්ජකමට නම් නොවේ. විනෝදයටය.
ගතවූවේ ටික වේලාවකි. පළමු වරට තමා වටා ලෝකය භ්‍රමණය වන බව ඔහුට දැනුනේය. ඇස්වලින් තරු කැට කඩා හැලෙන බවද ඔහුට දැනුනේද පළමු වරටය. කාපු කුකුළු මස් සහ සොසේජස් ඔහුගේ කුසයේ සිටීමට බැරි බව දැන්වූවාක් මෙන් ඔහු ඒවා පිටතට දැමූවේ පිටට යාමටවත් තරම් කාලයක් නොවූ හෙයිනි. ඔහුගේ හැදිච්ච, සිල්වත්කම ගැන එක එක්කෙනාට එතනදී ඇතිවූවේ ලොකු ප්රශ්නයකි. ඔහුගේ වමනයේ සුවඳ දැනී ඇතැම් අයද වමනය කළේ මේ හාදයාට දෙහි කපමිනි.
මිනිහා දැන් දොයිය. දොඩවන්නේ විකාරය. හිනා යන කතාය. පියවි සිහිය එන විට පාටියේ හුඟ හරිය ගොස්ය. මිනිහට හොඳටම ලැජ්ජාය. තමා පානය කළ පැණි කොමඩු බීම ගැන සොයා බැලීමට සිත්වූවේ මේ සියලුදේම වූවේ එය පානය කිරීමෙන් නිසාය. මේ පැණි කොමඩු ජූස් එකට සැර බීම ජාතියක් කවලම් කර ඇති බව සංවිධායකයන් කීවිට ඔහුට තුන් මුහුණින් දහඩිය දැමූවේය. දැන් වෙන්න ඕනදේ වෙලාය. තවමත් මත් ගතිය ඇති බැවින් ඔහු සිය නිවසට යතුරු පැදියෙන් යන්නේ කොහෝමදැයි සිත සිතා සිටින විට මේ අවුරුදු පාටිය සංවිධානය කළ ආයතනයේ පිහිටෙන් ඔහු නිවසට ගියාලු. මීයෙක් රා බීලා යයි භාර්යාව ඔහුට ඇසෙන සේ කීවේ වෙනදාට වඩා ඔහුගේ හැසිරීමේ අමුත්තක් දුටු නිසාමය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
vernon Thursday, 17 April 2025 09:28 AM
මෙතැන සංවිධායකයින් අත වැරැද්දක් තියෙනවා. කොමඩු ජූස් වලට මත්පැන් මිශ්‍ර කරලා නම් ඒ බව පෙර දැනුම් දෙන්න තිබ්බා. ඇතැම් හෝටල්වලත් ආහාර නිර්මාංශිකද නැද්ද කියා සලකුණු කරලා තිබෙනවා.