IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අෂ්ටක කියන්න ඇවිත් සූර් වී මඟුල් ගෙදර පිස්සු නටලා

නගරයේ හෝටලයක පැවැති මඟුල් සාදයක පෝරුවේ චාරිත‍්‍ර ඉටු කරන්නට පැමිණි ජෝතිෂ්‍යවේදියකු පමණ ඉක්මවා මත්පැන් පානයකොට සිය බිරියගේ කරපිටින් නිවෙස බලා ගිය බව කියවෙන පුවතකි.

සිද්ධිය මෙසේය

එය එක්තරා හෝටලයක පැවැති මංගල සාදයකි.

මංගල සාදයේ සියලූ කටයුතු තෝරාගත් හෝටලයේ දී සිදු කරන්නට දෙපාර්ශවයේ ඥාතීන් තීරණය කර තිබු අතර දෙපාර්ශවයේම පිරිස් උදෑසන සිටම ඒ සදහා සූදානම් වූවේ කිසිදු අඩුවක් තබන්නට ඉඩ නොතබමිනි.

මංගල උත්සවයේ ප‍්‍රධානතම අංගය වූ අෂ්ටක කීම හා පෝරුවේ චාරිත‍්‍ර ඉටු කිරීමද එම ප‍්‍රදේශයේම ජෝතිෂවේදියකු වෙත පවරා තිබිනි.

ජාතික ඇඳුමින් සැරසුණ ජොතිෂවේදියා උදෑසනින්ම එම ස්ථානයට පැමිණි අතර ඔහුගේ බිරියද ඒ සමග විය.

නියමිත නැකත්වලට අනුව එහි සියලූ කටයුතු අඩුවක් නැතිව ඉටුකළ ජෝතිෂවේදියාට මනාලියගේ පාර්ශවයෙන් මෙන්ම මනාලයාගේ පාර්ශවයෙන්ද දහසින් බැඳි පියලි පිරිනැමුනේ ඔහුගේ සේවයද මහත්සේ අගය කරමිනි.

තෑගි බෝග ලැබුණ ද ඔහු පිටත්ව යන බවක් නොපෙණුනි.

ටික වේලාවක් ගත වෙද්දි ඔහු මංගල උත්සවයේ මත්පැන් සාදය දෙසට ඇදී ගියේ කාන්දමක් පරිද්දෙති.

ටික මොහොතක් ගත වෙද්දී හොඳ හැටි පදම් වූ ඔහු යළිත් අෂ්ටක කියන්නටත් නවීන පන්නයේ හින්දි ගී ගයන්නටත් පටන් ගත් අතර එහි සිටි ............... පිරිසටද එය මහත් විනෝදයක් විය.

කෙසේ වෙතත් සිනාව ඉක්මවූ මෙම පුද්ගලයා තවත් මොහොතක් ගත වෙද්දි සාදය පැවැති මේසයක් අසලම හතර ගාතය දමා ඇද වැටුණු අතර මංගල සාදය ද එකම අවුල් ජාලයක් බවට පත්විය.

කෙසේ වෙතත් පැයකට ආසන්න කාලයක් ඒ දෙස බලා සිටි පිරිස අතරේ සිටි කාන්තාවක් වහා ඔහු වෙත පැමිණ ඔහු වත්තම් කරගෙන හෝටලයෙන් එළියට බැස්සේ ‘‘ආව වැඬේ කරල ගෙදර යන්න දන්නේ නැති’’ යැයි තම සැමියාට දෙස් දෙවොල් තබමිනි.



අදහස් (0)

අෂ්ටක කියන්න ඇවිත් සූර් වී මඟුල් ගෙදර පිස්සු නටලා

පහන්දී Friday, 20 June 2014 10:43 AM

හොද වෙලාවට පෝරුවේ චාරිත්‍ර ටික ඉවර කරලම බිව්වේ., නැත්නම් ඉතින් කපුවත් කපෝති. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 19 June 2014 04:09 PM

පමණ ඉක්මගියාම මිනිසුන්ට උන් හිටි තැන අමතක වෙනවා.මොකවත් නෙමෙයි ඔය බිමට තියෙන ගිජු කම.(දී)

:       0       0

මධුශානි හෙවදේව Thursday, 19 June 2014 12:26 PM

අරක්කු නිසා මේ ලෝකේ කී දෙනෙක් නම් දුක් විදිනවා ඇතිද (දී)

:       0       0

සරත් Thursday, 19 June 2014 10:20 PM

ජානකි, ඔයාට පිස්සුද? මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

නිල්මිණි Thursday, 19 June 2014 01:05 PM

අරක්කු කිව්වහම අපේ මිනිස්සුන්ට ඔක්කොම අමතක වෙනවා, (දී)

:       0       0

ශාන්ති Friday, 20 June 2014 12:59 AM

කටගොන්නක් බීලා ඒ මදිවාට නෝනාගේ කරපිටින් ගිහින් තියෙන්නේ. මොනතරම් මිනිසුන් අරක්කු වලට පෙරේතද? (නි)

:       0       0

අජිත් Thursday, 19 June 2014 05:51 PM

ඇයි ජානකී එහෙම කියන්නේ. ඔහුගේ අදහස් හරි පළපුරුද්දක් තියෙන නිසානේ එහෙම කියල තියෙන්නේ. මට නම් පේන්නේ ඔයාටයි පිස්සු. (නදී)

:       0       0

සමන්ති Friday, 20 June 2014 06:33 AM

මත්පැන් බිවු විට මානසික වින්දනයක් ඇතැයි සිතන්නේ මානසික ගැටළුවක් ඇති අයයි. (නි)

:       0       0

ජානකි Thursday, 19 June 2014 02:03 PM

සුරන් ඔයා නම් මට පෙන්නේ මානසික රෝගියෙක් කියලා (නදී)

:       0       0

සුරන් Thursday, 19 June 2014 11:21 AM

මමත් මත් වතුර බිල තියනවා එකෙන් පොඩි මානසික වින්දනයක් තියනවා. නමුත් අද කාලේ මිනිස්සු අරක්කු බොන්නේ හෙට ලෝක විනාසේ එනවා වගේ. මම ලගදී ගියා කදාන පැත්තේ මගුල ගෙදරක 4-5 දෙනෙක්ම බිල වමනේ දාල හතරගාතෙන් ගෙදර ගෙනිච්චේ. බිරින්දෑවරු දරුවෝ පුදුම විදිහට අසරණ වෙලා ඒ මිනිසුන්ගේ. (නදී)

:       0       0

පිටිගල Friday, 20 June 2014 08:31 AM

මමත් තරුණ කාලේ ඔය මෝඩ වැඩේ කළා. බිව්වම පොඩි ජොලියක් තිබුනට පහුවදා තියෙන අමාරුව , තෙහෙට්ටුව, විශේෂයෙන් ගෙදර සමගිය සහ සමාජයෙන් ලැබෙන අවනම්බුව නිසා පස්සේ බීමයි දුම් පානයයි දෙකටම තිත තැබුවා අකුරටම. දැන් කාලේ තරුණ ළමයි වැඩි දෙනෙක් ඔය වගේ මෝඩ කම් කරන්නේ නැති එක සතුටක්.(නදී)

:       0       0

ගැමුණු Thursday, 19 June 2014 07:29 PM

කාන්තාවන්ට තිබෙන මෝස්‌තර ගිජුකම තරම් පිරිමින්ට මත්වතුර ගිජුකමක් නැහැ. සමහර වෙලාවට සීමාව ඉක්මවා යනවා. (නි)

:       0       0

ගයාන් Thursday, 19 June 2014 07:47 PM

අජිත්, ඔයාට පෙනෙන්නේ ජානකීට පිස්සු වගේද? මටත් එහෙමනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 20 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 45 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 500 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 612 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1067 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 897 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site