පිට පළාතකින් පැමිණ ඌව පළාතෙන් පෙළවහක් කරගත් අයෙක් තම බිරියගේ නිවෙසේම පදිංචි විය. වෙළෙඳාමේ දක්‍ෂයකු වූ හෙතෙම ගම පුරා ඇවිද කිතුල් පැණි මිලදී ගෙන ඒවා බසයෙන් නුවරට ගෙන ගොස් අලෙවි කළේය. කිතුල් පැණිවලට කිසිවක් කළවම් නොකරන නිසා ඔහුගේ පැණිවලට අධික ඉල්ලූමක් පැවතුණි.
මෙම වෙළෙඳාම නිසා ඔහු වසර කිහිපයකින් ධනවතෙක් විය. ඉඩකඩම් වලට අමතරව තමාගේම වෑන් රථයක හිමිකරුවකු වූ හෙතෙම පසුව කිතුල් පැණි ප‍්‍රවාහනය කළේ එම රථයෙනි. මෙසේ තම ව්‍යාපාරය පවත්වාගෙන යන අතරතුර ඔහුගේ නිවෙසට යාබද නිවෙසේ හිමිකරුට ද මෑතකදී කිතුල් පැණි අලෙවි කිරීමට ආශාවක් ඇති වූයේ තම ගමට පැමිණි ආගන්තුකයාගේ දියුණුව දැකීමෙනි.
ඒ අනුව ඔහුද කිතුල් පැණි වෙළෙඳාම ආරම්භ කර බසයෙන් නුවරට ප‍්‍රවාහනය කළේය. මෙය ලාභ ලබන ව්‍යාපාරයක් බව ටික දිනකින් ඔහු අවබෝධ කර ගත්තේය. ලාභය දෙගුණ කිරීමට කල්පනා කළ හෙතෙම දිනක් කිතුල් පැණිවලට පොල් පැණි කළවම් කර ලීටර් විස්සේ ප්ලාස්ටික් බූලි හතරක ඒවා දමා හිතවතකුගේ වෑන් රථයක පටවා ගෙන නුවර බලා පිටත් විය.
පැයක් පමණ වේලාවක් ගත විය. පිටුපසින් පැමිණි වාහනයක් වෑන් රථයේ රියැදුරාට කතාකොට ‘‘වෑන් එකෙන් ඔයිල් වැටෙනවා’’ යැයි පැවසීය. වාහනය නවත්වා පිටුපසට ගොස් බැලීමේදී දක්නට ලැබුණේ සැඩ හිරු රැුස්වලට පැණි සියල්ල උතුරා ගොස් පාර දිගේ වැටී ඇති බවය. කෝපයට පත් රියැදුරා ‘‘පැණි හින්දා මගේ වෑන් එකත් ජරා වුණා’’ යැයි පැවසීය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අසාධාරණයෙන් දියුණු වෙන්න ගිහින් කිතුල් පැණි වෙළෙඳාම පාඩු කරගෙන
චන්දික Thursday, 14 March 2013 03:46 PM
පාඩු උනත් කමක් නැහැ සාධාරණයෙන් වැඩ කරන්න (දී)
ඩයස් Tuesday, 12 March 2013 05:37 AM
කරන දේ අවංකවම කළයුතුය. ඔච්චරටම උනනදුවෙක් නම් වාහනය පිටිපස්සෙ ළිපක් තියාගෙන ගියා නම් යනගමන් උතුරන පැණි වලින් ආප්පත් උයන්න තිබුණා.
වන්නි Tuesday, 12 March 2013 08:00 AM
සාධාරණ වෙන්න (දී)
අකිල Tuesday, 12 March 2013 03:38 PM
හොර වැඩ කරනවට හොද වැඩේ. (නි)
ෂෙරිෆ් Tuesday, 12 March 2013 11:38 PM
කළවම් කරන්න දක්ෂයෝ ඉන්නේ ලංකාවෙනෙ ඉතින්. (නි)
සරත් Tuesday, 12 March 2013 08:31 AM
ආයේ ඔයා නුවර යද්දී අපිටත් කියන්න හොදේ. (නි)
යසිරු Wednesday, 13 March 2013 09:30 PM
අනේද කියන්නේ ඉතින්. (නි)
සෙනේ Wednesday, 13 March 2013 03:33 AM
කළකම් පලදේ (දී)
රශ්මි Tuesday, 12 March 2013 09:14 AM
ආයුස නැති එකක්නේ අසාධාරණය (දී)
චින්තක Tuesday, 12 March 2013 09:29 AM
අසාධාරණයට වැඩිකල් ජිවත් වෙන්න බැහැ (දී)
මුතුකුඩ Tuesday, 12 March 2013 05:36 PM
හැබෑට පාන් හරි රොටි හරි තිබුණා නම් පිටිපස්සේ ඉදන් පැණිත් එක්ක කකා යන්න තිබුණා. පාන් පැණිත් එක්ක හරි රසයි. (නි)
ලලිත් Tuesday, 12 March 2013 12:05 PM
හොද පදමට හදපු ඒවා නොවෙයි නම් කිතුල් පැණි වලට පොල් පැණි කළවම් නොකළත් ඔය දේ වෙනවා. (නි)
චමින්ද Tuesday, 12 March 2013 01:37 PM
පැණි ද රා ද දන්නෙ නැහැ. (නි)
චානක Wednesday, 13 March 2013 01:47 PM
මේවා හොද ප්‍රවෘත්ති. (නි)