නාඋල - ඉන්දික අරුණ කුමාර
මාතලේ දිස්ත්‍රික්කයේ නාඋලට නොදුරු ගම්මානයකි. ඔවුහු වසරක් පාසා අනුරාධපුරයට යන වන්දනා නඩයකි.
“මෙදා පාර අපිත් එක්ක අනුරාධපුරේ යමු... ඔයා කවදාවත් අපිත් එක්ක එන්නේ නෑනේ කොච්චර කිව්වත්....”
කාන්තාවන් කිහිපදෙනකුගේම බලවත් පෙරැත්ත නිසාම වයෝවෘද්ධ කාන්තාවක වන ඇය ද අනුරාධපුරයට යෑමට එක්වූවාය.
වෙනදා මෙන්ම පුරුදු පරිදි වන්දනා නඩයේ බෑග් පරිස්සම් කිරීම ගමේ තරුණ පිරිස බාරගෙන තිබුණේ ඔවුන්ගේම මනාපයෙනි.
“කවුරු කවුරුත් තම තමන්ගේ බෑග් අඳුනාගන්න අංකයක් ලියලා බෑග් බාරදෙන්න. නැත්නම් අන්තිමේදී හොයාගන්න බැරිවෙයි..” එක් තරුණයකු කාටත් ඇසෙන පරිදි කීවේ හැම වසරකම කරන පිළිවෙත යළි මතක් කරමිනි.
පිරිස අනුරාධපුරයට ළඟාවත්ම තම තමන්ගේ බෑග් ලබාගැනීමට එක්වූහ.
“කලබල නැතිව කට්ටිය පෝලිමේ එන්න...”
තරුණ කොටස් කඩි මුඩියේ අයිතිකරුවන්ට බෑග් ලබාදීම සිදුකරති.
සෑම කෙනෙක්ම තමන්ට රිසි පරිදි යෙදූ අංක සිහිපත් කරමින් ඔවුහු සිය බෑග් ලබාගත්හ.
අලුතින් වන්දනා ගමනට එක්වූ වයෝවෘද්ධ කාන්තාව ද සිය බෑගය ලැබෙන තෙක් බලා සිටියාය.
“ආ.. අත්තම්මා බෑග් එක හම්බවුණේ නැද්ද...? මොකක්ද අංකය...?”
තරුණ පිරිසේ අයෙක් විමසීය.
“ආ... පුතේ විසිහත හමාරයි - තිස් දෙක...”
“ඈ.. ඒ මොන අංකයක් ද අත්තම්මා...?”
තරුණ පිරිස බෑග් බෙදීම පැත්තක තබා මේ කියන්නේ මොකක්දැයි බලා සිටියේය.
“ඇයි පුතේ ඔය අංකේ මම හැම එකටම දානවා මතක තියාගන්න ලේසි හින්දා...”
“අත්තම්මේ මොකක්ද අංකේ...?”
“ඔය අපේ ගෙදර අත්තිවාරමේ දිග පළල පුතේ...”
බෑග් බෙදිල්ල පැත්තක තබා මේ කතාවට පැමිණි පිරිසට සිනා පහළවූයේ ආවේ වන්දනා ගමනක් ද යන්න පවා අමතක වෙමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආච්චිගේ අමුතු නොම්බරේට වන්දනා නඩේම හොල්මන්